Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහින්ද සිරිවර්ධන ජූනි අග දී මුදල් ලේකම් ධූරයට සමුදෙයි
    Featured

    මහින්ද සිරිවර්ධන ජූනි අග දී මුදල් ලේකම් ධූරයට සමුදෙයි

    By LFNJune 2, 2025No Comments1 Min Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වත්මන් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මෙම මස අග දී, දැනට දරන මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයෙන් විශ්‍රාම ගන්නා බවත්, ඔහු ඉන් අනතුරුව ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස වැඩභාර ගැනීමට නියමිත බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    අද (02) පෙරවරුවේ දී ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති, ‘ජාතික බදු සතිය’ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    මහින්ද සිරිවර්ධන මහතාගේ විශ්‍රාම යාම පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

    “එතුමා කියූ පරිදි මෑත ඉතිහාසයේ සහ ලෝක ඉතිහාසයේ බදු අඩු රාජ්‍ය බවට අපි පත්වුණා. එය නැවත යම් සාධාරණ බද්දකට අපේ රට පරිවර්තනය කිරීම සඳහා වූ වෙහෙසක් ආයතනික් ප්‍රතිසංස්කරණයන්, නීතිමය ප්‍රතිසංස්කරණ විශාල ප්‍රමාණයක් අපේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඉටුකළා, මහින්ද සිරිවර්ධන මැතිතුමා.“

    “එතුමා ගැන කියන්න ඕනේ මේ කාර්යයේ දී, මම හිතන්නේ මේ මාසේ අග එතුමා, අපේ මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයෙන් විශ්‍රාම යනවා. එතුමා ආසියානු සංවර්ධන බැංකුවේ. විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙක් හැටියට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7ක් නියෝජනය කරමින්, ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂ ධූරයක් දැරීම සඳහා එතුමා මේ මාසේ අග යනවා.“

    “මේ අවස්ථාව මම උපයෝගී කරගන්නවා එතුමාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න. මේ බදු ප්‍රතිසංස්කරණයන් සිදුකිරීමේ දී එතුමා විසින් සිදුකරන ලද කාර්යභාරය අපි අගයන්න ඕනේකම තිබෙනවා.“

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026012 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.