Author: LFN
2016 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 36.98 ක් මුහුණත වටිනාකමකින් යුත් බැඳුම්කර සම්බන්ධයෙන් වංක ලෙස ව්‍යාපාරණය කිරීමට හෝ ඊට එකඟ වීම ඇතුළු පොදු දේපළ පනත යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ගොනු කර තිබූ නඩුවක විත්තිකරුවකු ලෙස හිටපු මුදල් අමාත්‍ය රවි කරුණායක මහතා නම් කිරීමට නීතිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් දී තිබූ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත දමා තිබේ. නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ විශේෂ අභියාචනා පෙත්සමක තීන්දුව දෙමින් එස්. තුරෙයි රාජා, ජනක් ද සිල්වා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් තීන්දුව ප්‍රකාශ කර ඇත. ඒ අනුව…
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවර යාත්‍රාවක් වැටලීමට ගිය නාවික හමුදා යාත්‍රාවකට තවත් යාත්‍රා කිහිපයකින් පැමිණි කිසියම් සංවිධානාත්මක පිරිසක් පහරදීමට තැත්කිරීමේදී සිදුවූ ගිනිඅවි ක්‍රියාත්මක වීමකින් කුච්චවේලි ප්‍රදේශයේ ධීවරයෙකු තුවාල ලබා තිබේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ධීවරයා සහ පහරකෑමට ලක්වූ නාවික හමුදාවේ දෙදෙනෙක් ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් හා විධිමත් පරීක්ෂණ ආරම්භකර ඇතැයි නාවික හමුදාව පවසයි. නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ නියැලෙන ධීවරයින් හා යාත්‍රා වැටලීමේ මෙහෙයුම් නාවික හමුදාව විසින් මෙරට ජල තීරය ආවරණය වන පරිදි නිරන්තරයෙන් සිදුකරනු ලබයි. ඊයේ රාත්‍රී 7ත් – 7.30ත් අතර කාලයේ නාවික හමුදා යාත්‍රාවක් ත්‍රිකුණාමලය, කුච්චවේලි මුහුදු තීරයේ එවැනිම විශේෂ මෙහෙයුමක් දියත්…
දෙහිවල දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටි අඹුසැමි යුවලක් කොළඹ කොටුව සිට අළුත්ගම දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී මියගොස් තිබේ. ඊයේ (04) සවස් කාලයේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. මරණකරු වයස අවුරුදු 58 ක් හා මරණකාරිය වයස අවුරුදු 59 ක් වූ බදුලුපිටිය, බදුල්ල ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලකි. මෘත ශරීර කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
සිය ගැටලුවලට මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විසඳුම් ලබානොදීම හේතුවෙන් දිවයින පුරා සියලු රෝහල්වල අද (05) යළි වර්ජනයක් ක්‍රියාත්මක කරන බව පරිපූර්ක වෛද්‍ය වෘත්තීයවේදීන් පවසයි. අද උදෑසන 8.00 සිට මෙම වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේය. කෙසේවෙතත් මෙම වර්ජනයට පිළිකා රෝහල, මාතෘ සහ ළමා රෝහල්, වකුගඩු රෝහල් සහ මධ්‍යම ලේ බැංකුව ඇතුළු සුවිශේෂ ආයතන සම්බන්ධ නොවන බව සඳහන්ය. උසස්වීම් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් පසුගියදා වර්ජනයක නිරත වු අතර මේ හේතුවෙන් රෝගීන් ද දැඩි දූෂ්කරතාවයකට පත්වුණි. අද දිනයේ වර්ජනය සඳහා වෛද්‍ය රසායනාගාර පර්යේෂණ වෘත්තිකයන්, ඖෂධවේදීන්…
රටවල් 12 ක ජාතිකයින්ට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අදාළ ලියවිලි සඳහා අත්සන් තබා තිබේ. ඔහු පවසා ඇත්තේ “විදේශීය ත්‍රස්තවාදීන්ගෙන්” සහ අනෙකුත් ආරක්ෂක තර්ජන වලින් ආරක්ෂා වීම සඳහා මෙලෙස ක්‍රියා කළයුතු බවය. එසේ තහනමට ලක් වු රටවල් වන්නේ ඇෆ්ගනිස්තානය, මියන්මාරය, චැඩ්, කොංගෝව, ඇක්වටෝරියල් ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනයයි. බුරුන්ඩි, කියුබාව, ලාඕසය, සියරා ලියොන්, ටෝගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාව යන තවත් රටවල් හතක පුද්ගලයින්ට ඇතුළුවීම අර්ධ වශයෙන් සීමා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. සිය X ගිණුමේ වීඩියෝවක් පලකරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ “අපට හානියක් වෙනවාට කැමැත්තෙන් සිටින පුද්ගලයින්ට අපගේ රටට…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ආර්ථික ජයග්‍රහණ ලබාගත් පමණින් රටක සංවර්ධනය ළඟා කර ගත නොහැකි බවත්, ඒ හා සමගම සමාජ සංවර්ධනය හා දේශපාලන සංස්කෘතිය යන කුලුණු ත්‍රිත්වයම එකවර ඉහළට එසවිය යුතුව ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් සමඟ මුදල් අමාත්‍යාංශයේදී අද (04) පැවැති සාකච්ඡාවේදීය. චීනය, කොරියාව සහ වියට්නාමය වැනි රටවල් විශාල ආර්ථික පරිවර්තනයක් සිදුකළේ පොදු ජනයා සමඟ එක්ව යුග කිහිපයක් පුරා නිරත වූ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. රටක් සංවර්ධනය කරා ගෙන යාමේ දී තනි පුද්ගලයන් වශයෙන් සියලුදෙනාට අනන්‍ය වූ සමාජ…
වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ස.තො.ස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරී වලින් ඉවත් කර සිය දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන තවත් නඩුවක වැඩිදුර විභාගය ජූලි මස 07 වනදා දක්වා කල් තබන ලෙස කොළඹ මහාධිකරණය අද (04) නියෝග කළේය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින විත්තිකරුවන් වන හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වශයෙන් කටයුතු කළ මොහොමඩ් සාකීර්…
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ඉකුත් අප්‍රේල් මාසයේ සිදුකළ විමර්ශනයකදී නීතියේ රැහැනට හසුකරගත් ව්‍යාජ ලෙස නිෂ්පාදිත හිසකෙස් වර්ණක ග්‍රෑම් 10 බැගින් වන ඇසුරුම් ගබඩාකිරීම හා බෙදාහැරීම සිදුකළ වැල්ලම්පිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට එරෙහිව ඊයේ (03) මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු පවරා තිබේ. මෙහිදී එම භාණ්ඩ අලෙවිය සඳහා ගබඩා කරන ලද පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳසැලකටද නඩු පවරා ඇත. මේ අතර එම ව්‍යාජ නිෂ්පාදන අලෙවිය සඳහා ගබඩාකිරීම සිදුකරන ලද වැල්ලම්පිටිය පදිංචි පුද්ගලයා සහ බෙදාහැරීම සිදුකරන ලද කොළඹ 14 පදිංචි පුද්ගලයා සිය වරද පිළිගැනීමෙන් පසුව චෝදනා 4ක් සඳහා රුපියල් 7,500 බැගින් රුපියල් 30,000ක දඩ මුදලක් අධිකරණය මගින් නියම කරන ලදී. තවද අදාළ නිෂ්පාදන විකිණීම සඳහා…
නවකවදය වැළැක්වීම සඳහා පොලිසිය ඇතුළු සියලු අංශ දායක කරගත් විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇතැයි අගමැතිනි සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (4) පැවසුවාය. නවකවදය පනතේ අඩුපාඩු පවතී නම් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම මෙම කාර්ය සාධක බලකායට පැවරෙන ප්‍රධාන වගකීමක් බව පැවසූ අගමැතිවරිය පසුගිය වසර පහක කාලයේදී නවකවදය සම්බන්ධයෙන් නඩු පැවරීම් කිසිවක් කර නැතැයිද සඳහන් කළාය. ඇය මෙසේ පැවසුවේ කළුතර මන්ත්‍රී ධනුෂ්ක රංගනාත් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.