Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ව්‍යාජ හිසකෙස් වර්ණක බෙදාහළ ව්‍යාපාරිකයෙකුට අත්හිට වූ සිරදඬුවම්
    Featured

    ව්‍යාජ හිසකෙස් වර්ණක බෙදාහළ ව්‍යාපාරිකයෙකුට අත්හිට වූ සිරදඬුවම්

    By LFNJune 4, 2025No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ඉකුත් අප්‍රේල් මාසයේ සිදුකළ විමර්ශනයකදී නීතියේ රැහැනට හසුකරගත් ව්‍යාජ ලෙස නිෂ්පාදිත හිසකෙස් වර්ණක ග්‍රෑම් 10 බැගින් වන ඇසුරුම් ගබඩාකිරීම හා බෙදාහැරීම සිදුකළ වැල්ලම්පිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට එරෙහිව ඊයේ (03) මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු පවරා තිබේ.

    මෙහිදී එම භාණ්ඩ අලෙවිය සඳහා ගබඩා කරන ලද පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳසැලකටද නඩු පවරා ඇත.

    මේ අතර එම ව්‍යාජ නිෂ්පාදන අලෙවිය සඳහා ගබඩාකිරීම සිදුකරන ලද වැල්ලම්පිටිය පදිංචි පුද්ගලයා සහ බෙදාහැරීම සිදුකරන ලද කොළඹ 14 පදිංචි පුද්ගලයා සිය වරද පිළිගැනීමෙන් පසුව චෝදනා 4ක් සඳහා රුපියල් 7,500 බැගින් රුපියල් 30,000ක දඩ මුදලක් අධිකරණය මගින් නියම කරන ලදී.

    තවද අදාළ නිෂ්පාදන විකිණීම සඳහා බෙදාහැරීම සිදුකරන ලද කොළඹ 14 පදිංචි පුද්ගලයාට ඉහත දඩ මුදලට අමතරව බරපතළ වැඩසහිතව මාස 6ක සිර දඬුවම් නියමකළ අධිකරණය, එම සිරදඬුවම වසර 5කට අත්හිටුවා තිබේ.

    එමෙන්ම අදාළ භාණ්ඩ අලෙවිය සදහා ගබඩාකරන ලද කොළඹ 12 පිහිටි අදාළ ආයතනයද එම වරද පිළිගැනීමෙන් පසු රුපියල් 7,500ක දඩ මුදලක් අධිකරණය විසින් නියම කර ඇත.

    මෙම හිසකෙස් වර්ණක වෙළෙඳනාමය සඳහා නීතිමය අයිතිය ඇති ආයතනය විසින් ග්‍රෑම් 21 බැගින් වන ඇසුරුම් ලෙස තම නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරනු ලබයි.

    එහෙයින් තරගවිරෝධී ලෙස සහ පාරිභෝගිකයා නොමග යවමින් සත්‍ය නිෂ්පාදකයාගේ තොරතුරුද සහිතව ව්‍යාජ නිෂ්පාදකයා විසින් වෙළදපොලට නිකුත්කර තිබෙන ග්‍රෑම් 10 බැගින් වන ඇසුරුම් වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබේ නම්, ඒවා ඉවත්කරගන්නා ලෙස ව්‍යාපාරිකයන් දැනුම්වත් කර ඇත.

    එමෙන්ම එවැනි ව්‍යාජ නිෂ්පාදන මිලදීගැනීමෙන් වළකින ලෙසද පාරිභෝගිකයන් දැනුම්වත් කරයි.

    තවදුරටත් එවැනි ව්‍යාජ නිෂ්පාදන අලෙවිකරණ වෙළදුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමටද නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026012 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.