Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බැඳුම්කර නඩුවක විත්තිකරුවෙකු වූ රවීට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව
    Featured

    බැඳුම්කර නඩුවක විත්තිකරුවෙකු වූ රවීට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

    By LFNJune 5, 2025No Comments3 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2016 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 36.98 ක් මුහුණත වටිනාකමකින් යුත් බැඳුම්කර සම්බන්ධයෙන් වංක ලෙස ව්‍යාපාරණය කිරීමට හෝ ඊට එකඟ වීම ඇතුළු පොදු දේපළ පනත යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ගොනු කර තිබූ නඩුවක විත්තිකරුවකු ලෙස හිටපු මුදල් අමාත්‍ය රවි කරුණායක මහතා නම් කිරීමට නීතිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් දී තිබූ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත දමා තිබේ.

    නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ විශේෂ අභියාචනා පෙත්සමක තීන්දුව දෙමින් එස්. තුරෙයි රාජා, ජනක් ද සිල්වා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් තීන්දුව ප්‍රකාශ කර ඇත.

    ඒ අනුව කරුණානායක මහතා අදාළ නඩුවල විත්තිකරු වශයෙන් නම් කිරීමට නීතිපතිවරයා ගනු ලැබු තීරණය බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කළ තීන්දුව ඉවත දමන බවත් එම තීන්දුවට අදාළව කරුණානායක මහතා විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සම නිශ්ප්‍රභ කරන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිකුත් කළ තීන්දුවේ සඳහන් වේ.

    තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මහින්ද සමයවර්ධන මහතා කියා සිටියේ 2015 වසරේ ජනවාරි මස පලවන දා සහ 2016 වසරේ මාර්තු මස 31 වනදා අතර කාලසීමාව තුළ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් සිදුකළ බැඳුම්කර නිකුතුවලදී අවිධිමත් සහ අක්‍රමිකතා සිදුවූ බවට පැමිණිලි ඉදිරිපත් වූ අතර මේ හේතුවෙන් රටේ ආර්ථිකයට බිලියන ගණනාවක පාඩුවක් සිදු වූ බවත් ප්‍රකාශ වී තිබෙන බවය.

    මෙම ක්‍රියාව තුළින් ජාතික ආර්ථිකය මෙන්ම මහජන විශ්වාසයද බිඳ වැටීමට හේතු වූ බවත් තීන්දුවේ සඳහන් වේ.

    ඒ අනුව, 2016 වසරේ නොවැම්බර් මස 25 වන දා එවක මහා බැංකුඅධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාර ස්වාමි මහතා විසින් සිදුකළ ලිඛිත පැමිණිල්ලකට අනුව ශ්‍රී ලංකා පොලීසිය විසින් මෙම සිද්ධියට අදාළ විමර්ශන ආරම්භ කළේය.

    ඊට අමතරව මහත් ආන්දෝලනයට තුඩු දුන් මෙම සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා එවක ජනාධිපතිවරයා විසින් පරීක්ෂණ කොමිසමක් ද පත් කරන ලදී.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනවලට අනුව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සැකකරුවකු වශයෙන් නම් කරමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වාර්තාවක් ඉදිරිපත් කර තිබුණි.

    ඉන් පසුව රවි කරුණානායක මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

    තමන්ට එරෙහිව වරෙන්තු නිකුත් කළ ආකාරයේ නීතියට පටහැනි බවත් එය බලරහිත කරන ලෙසත් ඉල්ලා රවී කරුණානායක මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළ අතර එය විභාග කළ අභියාචනාධිකරණය රවී කරුණානායක මහතාට එරෙහි වරෙන්තුව බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කර තිබුණි.

    ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පවරනු ලැබීය.

    එහිදී ම නීතිපතිවරයා විසින් තමන්ව විත්තිකරුවකු වශයෙන් නම් කිරීමට ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවත් එය බලරහිතකර ලෙසත් ඉල්ලා රවි කරුණානායක මහතා විසින් අභියාචනාධිකයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.

    ඒ අනුව 2023 වසරේ පෙබරවාරි මස 28 වන දා එම පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණය රවි කරුණානායක මහතා අදාළ නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම් කිරීමට නීතිපතිවරයා ගත් තීරණය බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කර තිබුණි.

    ඉන් අනතුරුව එම අභියාචනාධිකරණ තීන්දුවට විරුද්ධව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම විශේෂ අභියාචනය ඉදිරිපත් කළේය.

    ඒ පිළිබඳ දීර්ඝ විභාගයක් පැවැත්වූ ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල රවී කරුණනායක මහතා විත්තිකරු වශයෙන් නම් කිරීමට නීතිපතිවරයා ගනු ලැබූ තීරණය බල රහිත කරමින් 2023 වසරේ පෙබරවාරි මස 28 වනදා අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුව ගාස්තුවට යටත්ව ඉවත දමන බව සඳහන් කළේය.

    ඊට අමතරව මෙම කරුණට අදාළව රවි කරුණානායක මහතා විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම ද නිශ්ප්‍රභ කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.