Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දේශබන්දු යළි පාර්ලිමේන්තු කමිටුව හමුවට
    Featured

    දේශබන්දු යළි පාර්ලිමේන්තු කමිටුව හමුවට

    By LFNJune 4, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයින් විසින් සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ වගඋත්තරකාර පොලිස්පතිදේශබන්දු තෙන්නකොන් මහතාගේ පාර්ශ්වය වෙත ලබා දීම සිදුකර තිබේ.

    පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් ක‍ළේ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇති බව කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුවේදී මෙය සිදුකෙරුණු බවය.

    මෙම කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් ඊයේ (03) පාර්ලිමේන්තුවේදී රැස්වුණි.

    මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් පෙන්වා දුන්නේ වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.එස්. වීරවික්‍රම මහතාගේ නිවසටම ගොස් පසුගිය සති අන්තයේ දී සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ 12ක් ලබා දීමට කටයුතු කළ බවය.

    එමෙන්ම සාක්ෂිකරුවන් 10කගේ දිවුරුම් ප්‍රකාශ කමිටුව ඉදිරියේ වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය වෙත ලබාදුන් අතර, ඉතිරි දිවුරුම් ප්‍රකාශ එළඹෙන කමිටු වාරයකදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් කමිටුව හමුවේ ප්‍රකාශ කර තිබේ.

    ඒ අනුව වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය ඉල්ලා සිටියේ පෙර එකඟවූ පරිදි සියලු සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ තම පාර්ශ්වය වෙත ලබා දෙන ලෙසය.

    පසුව දෙපාර්ශ්වයේ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව තවත් සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ 6ක පිටපත් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය වෙත ලබාදීම යෝග්‍ය බව කමිටුව පවසා තිබේ.

    ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ එකඟත්වය පළ වීමෙන් අනතුරුව තවත් දිවුරුම් ප්‍රකාශ 2ක් දෙපාර්ශ්වයටම පහසු දිනයක සහ වෙලාවක පෞද්ගලිකව පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ කියවීමට කමිටුව අවසර දී ඇති බව සඳහන්ය.

    තවත් එක් සාක්ෂියක් ලෙස ලබා දී ඇති මාධ්‍ය සාකච්ඡාවක සංයුක්ත තැටියක් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය වෙත ලබා දීමටද පරීක්ෂණ කමිටුව තීරණය කළ අතර නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයින් එය ලබා දීමට කටයුතු කර තිබේ.

    මෙම සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය ඉදිරිපත් කිරීම එළෙඹෙන 9 වැනිදා පස්වරු 2.00ට පරීක්ෂණ කමිටුව රැස්වී සිදුකිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.