Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සෑම සිසුවෙකුටම අනන්‍ය වූ දත්ත ගොනුවක් සහ හැඳුනුම්පතක්
    Featured

    සෑම සිසුවෙකුටම අනන්‍ය වූ දත්ත ගොනුවක් සහ හැඳුනුම්පතක්

    By LFNJune 4, 2025No Comments2 Mins Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාසල් පද්ධතියට ඇතුළත් වන සෑම සිසුවෙකු සඳහා ම අනන්‍ය වූ දත්ත ගොනුවක් සකස් කිරීම සහ අද්විතීය හැඳුනුම්පතක් (Unique Identity Card) මෙමගින් හඳුන්වාදීමට ද නියමිත බව උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

    2026 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන පරිවර්තය යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යයන, අනධ්‍යන සේවකයින්, දරුවන් සහ පාසල් ඇතුළු සමස්ත තොරතුරු ඇතුළත් ජාතික අධ්‍යාපන දත්ත කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදී මේ බව තීරණය කර තිබේ.

    ජාතික උප්පැන්න සහතිකය, විභාග ප්‍රතිඵල, කුසලතා, නිපුණතා ඇතුළු දරුවන්ගේ සියලු දත්ත මෙම පද්ධතියට ඇතුළත් කිරීමට මෙහි දී යෝජනා කර ඇත.

    2026 වර්ෂයේ දී සිදුකරන අධ්‍යාපන පරිවර්තයට සමගාමීව දරුවන් පාසලට ඇතුළත් කර ගැනීමේ කටයුතු පහසු කර ගැනීම, ගුරු සහ විදුහල්පති පුරප්පාඩු හදුනාගැනීම, පත්වීම් ලබාදීම, උසස් කිරීම, ස්ථානමාරු සිදු කිරීම, අඛණ්ඩ ඇගයීම් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම, පාසල්වල භෞතික සම්පත් සංවර්ධනය ඇතුළු පාසල් පද්ධතියේ සියලු කාර්යයන් කාර්යක්ෂ්මව සහ ඵලදායීව ක්‍රියාත්මක කිරීම සඳහා මෙම දත්ත පද්ධතිය මගින් හැකි වන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පවසා තිබේ.

    ලබන වසරේ සිට පළමු වසරට සහ හයවන වසරට ඇතුළත්වන දරුවන් මූලික කර ගනිමින් මෙම දත්ත පද්ධතිය ආරම්භ කිරීමට ද මෙහි දී සාකච්ඡා කර ඇත.

    ජාතික අධ්‍යාපන දත්ත කළමනාකරණ පද්ධතිය සැකසීම සඳහා අවශ්‍ය සහාය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තොරතුරු තාක්ෂණ අංශය මගින් ලබා දෙන බව නිවේදනයේ සඳහන් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.