Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බස් රථ මගී ප්‍රවේශ පත්‍ර අනිවාර්යය කිරීමට රජයෙන් සැලසුම්
    Featured

    බස් රථ මගී ප්‍රවේශ පත්‍ර අනිවාර්යය කිරීමට රජයෙන් සැලසුම්

    By LFNJune 17, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බස් රථවල ගමන් කරන මගීන් සඳහා ප්‍රවේශ පත්‍ර ලබාදීම අනිවාර්යය කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ලංගම සහ පෞදගලික බස් රථ ධාවනයේ දී ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති බවය.

    කොළඹ මධ්‍යම බස්නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

    මෙම මස 30 වන දින සිට වාහන ධාවනයේ දී ආරක්ෂණ යෝජනා ක්‍රම 85ක් හඳුන්වාදීමට කටයුතු කරන බව ද බිමල් රත්නායක අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

    “පුද්ගලික බස් රථ ධාවනය කරන රියදුරු මහත්වරුන් හා කොන්දොස්තර මහත්වරුන් යම් කිසි සමාජ ආරක්ෂණ ක්‍රමයකට අරගෙන. ඒ ක්‍රමය තුළින් අවුරුදු 55 වුණාම පෙන්ෂන් එකක් ලැබෙන ක්‍රමයකට යන්න. එවිට අවුරුද්දක් ඇතුළතදි අපිට ඒකට යන්න පුළුවන් කියලා. ඒ වගේම අපි බස්වල ටිකට් අනිවාර්ය කරනවා. එතකොට බස් රථ හිමියන්ට යම් ආදායමක් ගන්න පුළුවන්. දැන් මේ බස් රථ රේස් යන එක තමයි ලොකුම ප්‍රශ්නය තියෙන්නේ. රේස් යන එකට හේතුව තමයි පුංචි පුංචි බස් හිමියෝ ඉන්නේ ඒ අයට බස් එකයි දෙකයි තියෙන්නේ. අපි දැනට පටන් අරගෙන තියෙනවා නුවර සහ 138 මාර්ගයේ ධාවනය වන බස් රථ සමූහයක් විදිහට… සමාගම් කිව්වට සමාගම් නෙමෙයි 138 මාර්ගයේ ධාවනය කරන ලංගම සහ පුද්ගලික බස් රථ සියල්ල එකතුකරලා ආදායම දවස අවසන්යේදී ශෙයා කරගන්න පුළුවන් ක්‍රමයකට කරන්න. ඒත කමයි ඇත්තටම අවසාන උත්තරය මොකද විනය හදන්න බැහැ දවසේ ආදායම තමන්ට ලැබෙන්නේ නැතිනම්. හවස ගෙදර යනකොට රුපියල් 500ක් ලැබෙනවානම් විනය හැදෙන්නේ නැහැ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026010 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.