Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මුරකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
    Featured

    මුරකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි

    By LFNJune 16, 2025No Comments1 Min Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෙන්නප්පුව පැබ්රෝනියා මාවතේ පිහිටි සුඛෝපභෝගී නිවසේ මුරකරු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාව වෙන්නප්පුව පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ සීදුව ප්‍රදේශයේදීය.

    එකකුස උපන් සහෝදරයන් දෙදෙනෙකු වන ඔවුන් දෙදෙනා වයස අවුරුදු 25 සහ 29 යන වයස්වල පසුවන බව පොලීසිය පැවසුවේය.

    සැකකරුවන් දෙදෙනාව සූක්ෂ්ම ලෙස සීදුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් දෙදෙනා අදාළ පොල්වත්තේ හිමිකරුගේ දුරින් ඥාතීන් දෙදෙනෙකු බව ද පොලීසිය පැවසුවේය.

    ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ, තමන් මත්ද්‍රව්‍ය පානය කිරීමට මුදල් නොමැති වීම හේතුවෙන් අදාළ වෑන් රථය රැගෙන ගොස් විකුණා මුදල් සොයාගැනීමට උත්සහ කළ බවය.

    කෙසේවෙතත් මුරකරු වෑන් රථයේ යතුර ඉල්ලූ විට ලබා නොදුන් නිසා ඝාතනය කළ බව ද ඔවුන් පවසා තිබේ.

    පසුව මහනුවරදී වෑන් රථය විකිණීමට සූදානම් වූ අවස්ථාවේදී පොලීසිය පැමිණීම හේතුවෙන් එම ස්ථානයෙන් පලා ආ බවද සැකකරුවන් පවසා තිබේ.

    සැකකරුවන් දෙදෙනා මීට පෙරද අදාළ පොල්වත්තෙන් බලහත්කාරයෙන් පොල් කඩාගෙන යන බව පොලීසිය පැවසීය.

    ඒ අනුව සැකකරුවන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය පැවසුවේය.

    සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී අසේල උපුලවංශ මහතාගේ උපදෙස් මත වෙන්නප්පුව මූලස්ථාන පොලීසිය මඟින් සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.