Author: LFN
හිටපු ජනාධිපතිවරුන් සම්බන්ධයෙන් පමණක් නොව පුරවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද රජයට වගකීමක් පවතින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (22) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය වගකියන්නේ ද යන්න සම්බන්ධයෙන් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මේ අතර, හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අත්හිටුවමින් හිමිකම් පනත කෙටුම්පත සංශෝධනය කර ගැසට් පත්‍රයේ ඉතා ඉක්මනින් පළ කිරීමට බලාපොරොත්තු වන බවත් එම ක්‍රියාවලිය සඳහා අමාත්‍යවරයාට අදාළ අනුමැතිය කැබිනට් මණ්ඩලය තුළින් ලබාදී ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. ප්‍රශ්නය – යම්කිසි විදියකින් හිමිකම් පනත සංශෝධනය කරලා මහින්ද රාජපක්ෂ…
කොරියානු ජනරජයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ඍතුමය සේවක වැඩසටහන යටතේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කොරියානු ජනරජයේ E-8 වීසා කාණ්ඩය (සෘතුමය සේවකයින්) යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යෙදවීම පහසු කිරීම සඳහා පහසු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා උනන්දුවක් දක්වන කොරියානු පළාත් පාලන ආයතන සමඟ සාකච්ඡා පැවැත්වීමටත් පසුගිය පෙබරවාරි මස 19 වැනි දින ජුනි මස 01 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, කොරියාවේ බෝසෝං පළාත් පාලන ආයතනය සමඟ පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවෙන් ඍතුමය සේවකයින් බඳවා ගැනීමට සහ ඒ වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීමට එකඟතාව පළ…
මෙරට පිරිමි ජනගහණය අඩුවීම ඉදිරියේ දී අර්බුද රැසක් නිර්මාණය කරනු ඇති බව වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ 1995 වසරේ දී කාන්තාවන් 100 දෙනෙකුට පිරිමි පුද්ගලයින් 100.2 ලෙස වර්තා වී තිබු අතර එය මේ වන විට කාන්තාවන් සිය දෙනෙකුට පිරිමි පුද්ගලයින් 93.7 දක්වා අඩුවී ඇති බවය. කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව වැඩිවීම, කාන්තා උපත් වැඩිවීම, තරුණ පිරිමි පුද්ගලයින් විදෙස් ගතවීම මෙම තත්ත්වයට හේතුවී ඇති බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පවසයි. “මේක අපි දකිනවා විශ්වවිද්‍යාල තුළ ගත්තත් අධ්‍යාපන ආයතන තුළ ගත්තත් ප්‍රධාන ඩිග්‍රිරි එකක් හෝ දෙකක් හැර ඉංජිනේරු සහ තාක්ෂණය යන ඒවා හැර අනෙකුත් සියලුම කේෂ්ත්‍රවල කාන්තා…
අද (22) අලුයම 2.50ට පමණ කැනඩාවේ සිට දෝහා හරහා කටාර් ගුවන් සමාගමට අයත් ගුවන්යානයකින් මෙරටට පැමිණි විදෙස් ජාතික කාන්තාවක් හෂීෂ් මත්ද්‍රව්‍ය සමග කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අදාළ කාන්තාවගේ ගමන් මලු පරීක්ෂා කිරීමේ දී හෂීෂ් ග්‍රෑම් 18,123ක් තිබී සොයාගෙන ඇත. එහි වටිනාකම රු මිලියන 181ක් පමණ බව ශ්‍රී ලංකා රේගුව තක්සේරු කර තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි කැනේඩියානු ජාතික කාන්තාවකි. සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය මඟින් සිදුකරමින් සිටින අතර සැකකාරිය සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු හා නීතිමය කටයුතු සඳහා පොලිස්…
තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනය කර තිබේ. ඒ අනුව කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ. එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විසින් විට පැ.කි.මී 60 – 70 දක්වා ඉහළ යා හැකි අතර මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකිය. පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3ත් අතර විය හැකිය. මේ හේතුවෙන් එම ප්‍රදේශ හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට…
ධුරයේ කටයුතු කිරීම අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් නෙරපීම සඳහා ඔහු පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව නිර්දේශ කර ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. කථානායකවරයා ප්‍රකාශ කළේ, අදාළ කමිටු වාර්තාව තමාට ලැබුණු අතර, එමඟින් දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහි චෝදනාවලට ඒකමතිකව වැරදිකරු කර ඇති බවය. මේ අතර, අදාළ වාර්තාව මුද්‍රණය කිරීමටත්, පාර්ලිමේන්තු වෙබ් අඩවියේ දැක්වීමටත් තීරණය විය. දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇති බව කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් සකස් කිරීම සඳහා විශේෂ පරීක්ෂණ කමිටුවක් පත්කරනු ලැබීය. එම කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ…
මෙරට වැඩිහිටි පුද්ගලයින් දස දෙනෙකුගෙන් එක් අයෙකු වකුගඩු රෝගයට ගොදුරු වී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. එම සංගමයේ භාණ්ඩාගාරික වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදාන රත්නපාල මහතා පැවසුවේ දියවැඩියාව සහ අධි රුධිර පීඩනය යන රෝගී තත්ත්වයන් වකුගඩු රෝගයට ප්‍රධාන හේතූන් වී ඇති බවය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදාන රත්නපාල මහතා, “දැන් වකුගඩු රෝග තත්ත්වය කොච්චර බරපතළද කියනවානම් හැම වැඩිහිටියෝ 10 දෙනෙකුගෙන් එක් අයෙක් වකුගඩු රෝගියෙක් කියලා අපි හිතන්නේ. අපිට මතක් වෙන්නේ අනුරාධපුර, පොළොන්නරුව ඒ වගේම කතරගම පළාත්වල අපි දැකපු ජල ආශ්‍රිතව හඳුනා නොගත් වකුගඩු රෝගය ඒක තමයි 2005 – 2015 අතර අපේ…
යෝජිත විදුලි බල පනත හකුලාගන්නා තෙක් අඛණ්ඩව සටන්වැදීමට සූදානම් බව විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසයි. ඊයේ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔවුන් සඳහන් කළේ විරෝධයේ පළමු අදියර අද ආරම්භ කරන බවය. අසනීප නිවාඩු වාර්තාකරමින් විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී වෘත්තීය සමිති 28ක නියෝජිතයින් හෙට විරෝධතාවක් සිදුකිරීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි. ඒ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ඇතුළත් අරමුණින් ගෙනා 2024 අංක 36 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධන සහිතව යළිත් සම්මත කරගැනීමට වත්මන් ආණ්ඩුවේ සූදානමක් ඇති බවට පවසමින්ය. මේ අතර හෙට වෘත්තීය සමිති ගැනීමට නියමිත මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය දක්වන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය නිවේදනය කර තිබේ.
ලෝක කඩොලාන දිනයට සමගාමීව කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත බවට පත් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එළැඹෙන ජූලි 26 වැනි දිනට යෙදෙන ලෝක කඩොලාන සුරැකීමේ දිනය වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇත. ලංකාවේ දැනට ඇති මුළු කඩොලාන ප්‍රමාණය හෙක්ටයාර 12,500ක් පමණ වන අතර කඩොලාන විශාල ලෙස ව්‍යාප්තව ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ මෝයන් ආශ්‍රිතවය. ඝනව වැඩුණු කඩොලාන නිරිත දිග, දකුණු ඊසාන ප්‍රදේශයන් හී කලපු ආශ්‍රිතව තැනින් තැන විසිරී ඇති අතර දැනට ලංකාවේ කඩොලාන විශේෂ 11ක් පමණ වාර්තා වී තිබේ. වෙරළ සංරක්ෂණය උදෙසා ස්වභාවික බාධකයක් ලෙස කඩොලාන පිහිටන අතර වෙරළ ඛාදනය සහ භූමිහායනය වැළැක්වීමට මෙයට හැකියාව තිබේ. එමෙන්ම ජෛව විවිධත්ව උණුසුම් කලාප ලෙස කඩොලාන…
සීදූව ප්‍රදේශයේ ඊයේ (21) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත්කර තිබේ. සීදූව රාජපක්ෂපුර 12වැනි පටුමගේ ඊයේ රාත්‍රී 8.15ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි. සීදූව නගරසභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරියකගේ පියා ඉලක්කකර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබේ. වෙඩි වැදී තුවාල ලැබූ 55 හැවිරිදි පුද්ගලයා රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත්කර ඇත ඔහු යුද හමුදාවෙහි සේවය කර විශ්‍රාම ලැබූ අයෙකු වන අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සහ සීදූව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.