Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කඩොලාන වනාන්තර 08 ක් රක්ෂිත බවට පත් කෙරේ
    Featured

    කඩොලාන වනාන්තර 08 ක් රක්ෂිත බවට පත් කෙරේ

    By LFNJuly 22, 2025No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝක කඩොලාන දිනයට සමගාමීව කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත බවට පත් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    එළැඹෙන ජූලි 26 වැනි දිනට යෙදෙන ලෝක කඩොලාන සුරැකීමේ දිනය වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇත.

    ලංකාවේ දැනට ඇති මුළු කඩොලාන ප්‍රමාණය හෙක්ටයාර 12,500ක් පමණ වන අතර කඩොලාන විශාල ලෙස ව්‍යාප්තව ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ මෝයන් ආශ්‍රිතවය.

    ඝනව වැඩුණු කඩොලාන නිරිත දිග, දකුණු ඊසාන ප්‍රදේශයන් හී කලපු ආශ්‍රිතව තැනින් තැන විසිරී ඇති අතර දැනට ලංකාවේ කඩොලාන විශේෂ 11ක් පමණ වාර්තා වී තිබේ.

    වෙරළ සංරක්ෂණය උදෙසා ස්වභාවික බාධකයක් ලෙස කඩොලාන පිහිටන අතර වෙරළ ඛාදනය සහ භූමිහායනය වැළැක්වීමට මෙයට හැකියාව තිබේ.

    එමෙන්ම ජෛව විවිධත්ව උණුසුම් කලාප ලෙස කඩොලාන පරිසර පද්ධති නම් කර ඇති අතර විශාල ප්‍රදේශයක ව්‍යාප්තව ඇති කඩොලාන පරිසර පද්ධති විවිධ සත්ව හා ශාකවල වාස භූමිද වේ.

    තවද කුඩා මසුන් විශේෂ ගණනාවක් කුඩා කාලය සහ තරුණ කාලය ගත කිරීම සඳහා කඩොලාන පරිසර පද්ධති භාවිත කරන බවට මේ වන විට පර්යේෂණ මගින්ද වාර්තා වී තිබේ.

    පරිසර අමාත්‍යාංශය විසින් කඩොලාන වනාන්තර ලෙස නම් කර ඇති මෙම වනාන්තර 08 පුත්තලම දිස්ත්‍රික්කය ආශ්‍රිතව පිහිටා ඇති අතර මරම්බැට්ටිය මූකලාන, මරම්බැට්ටිය මූකලාන, මැරවල C, මැරවල B, මැරවල A, මැරවල, කුසල, කරුකපනේ B යන කඩොලාන වනාන්තර මෙලෙස කඩොලාන වනාන්තර රක්ෂිත බවට පත් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    මෙම කඩොලාන රක්ෂිත සම්බන්ධව අද (21) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ මහතා,

    “අපි මේ කඩොලාන දිනය නිමිති කරගෙන මේ වසරේ වැඩසටහන් දෙකක් සංවිධානය කරලා තිබෙනවා. එකක් ජූලි මාසේ 26 වැනිදා පෙරවරු 8.30ට ආනවිලුන්දාව අභය භූමියේදී වනජීවි සංරක්ෂණ ඒකකය, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවත්, පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ඒකකයත් සම්බන්ධවෙලා කඩොලාන සංරක්ෂණය සම්බන්ධයෙන් කඩොලාන දිනය සැමරීම සඳහා වැඩසටහනක් සංවිධානය කරනවා. ඊට පසු පරිසර අමාත්‍යාංශය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව එදිනම පාලවිය කඩොලාන වනාන්තරයේදී පුත්තලම් දිස්ත්‍රික්කයේ කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරන්න ඒ සඳහා නියමිත ගැසට් පත්‍ර අත්සන් කරන්න කටයුතු කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.