Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහින්දගේ ආරක්ෂාව ගැන ආණ්ඩුව වග කියනවාද?
    Featured

    මහින්දගේ ආරක්ෂාව ගැන ආණ්ඩුව වග කියනවාද?

    By LFNJuly 22, 2025No Comments2 Mins Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු ජනාධිපතිවරුන් සම්බන්ධයෙන් පමණක් නොව පුරවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද රජයට වගකීමක් පවතින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

    අද (22) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය වගකියන්නේ ද යන්න සම්බන්ධයෙන් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    මේ අතර, හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අත්හිටුවමින් හිමිකම් පනත කෙටුම්පත සංශෝධනය කර ගැසට් පත්‍රයේ ඉතා ඉක්මනින් පළ කිරීමට බලාපොරොත්තු වන බවත් එම ක්‍රියාවලිය සඳහා අමාත්‍යවරයාට අදාළ අනුමැතිය කැබිනට් මණ්ඩලය තුළින් ලබාදී ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    ප්‍රශ්නය – යම්කිසි විදියකින් හිමිකම් පනත සංශෝධනය කරලා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආරක්ෂාව පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් ඇති වුණොත් හිටපු ජනාධිපතිවරයෙක් ලෙස රාජතාන්ත්‍රක කටයුතුවලට සම්බන්ධ වෙන්න අවශ්‍ය පහසුකම් නොලැබුණොත් ආණ්ඩුව හැටියට කොහොමද ඒ වගකීම ගන්නේ ?

    “මෙතනදි අපි කිසිම කෙනෙක්ට විශේෂයක් කළේ නෑ. දැනට ජීවත්ව සිටින ජනාධිපතිවරු සහ ඔවුන්ගේ කාලාත්‍රයන් සම්බන්ධයෙන් පොදුවේ තමා තීරණය ගත්තේ. හිටපු ජනාධිපතිවරු සම්බන්ධයෙන් පමණක් නොව පුරවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද වගකීම රජයට තියෙනවා. ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් ආරක්ෂක මණ්ඩලය තුළ සාකච්ඡා වෙනවා. බුද්ධි වාර්තා ඇතුළු ආරක්ෂක වාර්තා සැලකිල්ලට ගන්නවා. හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව වාර්තා අධ්‍යයනය කරමින් තමා තීරණ ගනු ලබන්නේ. ඒ වගේම මේ වෙනවිට හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන්න තීන්දුවකුත් තියෙනවා. මේ සියල්ල සැලකිල්ලට අරගෙන, ගෝඨාභය ගැන ඇහුවේ නෑනේ. එයත් ඒ වෙලාවේ ආරක්ෂක ලේකම්. ඒ සියල්ල සැලකිල්ලට ගෙන තමා මෙය ක්‍රියාත්මක කරන්නේ.

    1986 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් මේ පනත් කෙටුම්පත සකස් කිරීමේ දී විශ්‍රාම යන ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ගැන සැලකිල්ලට ගන්න ඇති. ඒ නිසා තමා ඔවුන් එවැනි ජනාධිපතිවරයෙකුට ලබාදිය යුතු නිවස සහ එවැනි නිවසක් ලබානොදෙන්නේ නම් ලබාදිය යුතු ප්‍රතිපාදන ගැන පැහැදිලිවම පනත් කෙටුම්පතේ සැලකිලිමත් වෙලා වෙන්න ඇති. අපි ඒ සියල්ල ගැන සැලකිලිමත් වෙමින් මේ පනත අහෝසි කරලා නව පනතක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.