Author: LFN

කැලිෆෝනියාවේ එරික් මේයර්, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අමෙරිකා එක්සත් ජනපදයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපති ලෙස පත්වීමට නියමිත බව වාර්තා වෙයි. ඔහුගේ නම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් එරට සෙනෙට් සභාවට යෝජනා කර ඇත. ජ්‍යේෂ්ඨ විදේශ සේවයේ වෘත්තීය සාමාජිකයෙකු වන එරික් මේයර්, දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ කාර්යාංශ නිලධාරියා වෙයි. ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, කසක්ස්තානය, කිර්ගිස්තානය, මාලදිවයින, නේපාලය, පාකිස්තානය, ශ්‍රී ලංකාව, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය සහ උස්බෙකිස්තානය ඇතුළු දකුණු සහ මධ්‍යම ආසියාව පුරා කාර්යාංශ අධීක්ෂණය කිරීම සහ පරිපාලනයේ ප්‍රතිපත්ති ප්‍රමුඛතා සම්බන්ධීකරණය කිරීම සඳහා ඔහු වෙත පැවරී ඇති වගකීම් බව සඳහන් වෙයි. මොහු නෝර්වේ හි එක්සත් ජනපද දූත මණ්ඩලයේ භාරකරු ලෙස සහ…

Read More

පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් සිදු වූ බිහිසුණු ගුවන් අනතුරට ප්‍රධාන හේතුව එන්ජින් සඳහා ඉන්ධන සැපයුම අක්‍රියවීම බව මූලික විමර්ශන වාර්තාවකින් හෙළි වී තිබේ. ලන්ඩන් බලා පිටත් වූ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් මෙම යානය අහ්මදාබාද් ගුවන්තොටුපොළෙන් පිටත් වී සුළු මොහොතකට පසු වෛද්‍ය විද්‍යාලීය නේවාසිකාගාර ගොඩනැගිල්ලකට කඩාවැටී අනතුරට ලක්විය. ඒ හේතුවෙන් යානයේ සිටි එක් මගියෙකු හැර සෙසු සියලු දෙනාම ජීවිතක්ෂයට පත්විය. ඉන්දීය ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශයේ වාර්තාවට අනුව, යානයේ ඉන්ධන පාලන ස්විච්චයේ සිදු වූ අනපේක්ෂිත චලනයකින් එන්ජින්වලට ඉන්ධන සැපයීම සිදු වී නොමැත. අනතුරෙන් පැය 49ක පියාසැරි දත්ත සහ පැය දෙකක නියමු කුටියේ ශ්‍රව්‍ය ඇතුළුව…

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2025) විභාගය නොවැම්බර් 10 වනදා සිට දෙසැම්බර් 5 වනදා දක්වා පැවැත්වීමට කටයුතු කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය ඒ බව සඳහන් කළාය. මේ අතර 2025 සාමාන්‍ය පෙළ විභාගය 2026 වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ

Read More

අද (11) අලුයම් කාලයේදී හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ නිදා සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ. පොලීසිය සඳහන් කළේ නාඳුනන පුද්ගලයෙකු විසින් නිවසේ ජනේලයක් බිඳ වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රථිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර ඇත. තුවාලකරු වයස අවුරුදු 32ක් වූ මාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වෙඩි තැබීමට හේතුව හා සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. වෙඩිතැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැක කරයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් වැඩිදුර විමර්ශන සිදු කරන බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය. මෙම වෙඩිතැබීම කුඩු සළිඳු සහ නිලංග අතර ගැටුමේ…

Read More

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා තිබේ. ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ඒ බව පවසයි. මේ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01 පැකට්ටුවක මිල රුපියල් 250කින් ඉහළ දමා තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන සියලු භාණ්ඩ සඳහා 30%ක අන්‍යෝන්‍ය තීරුබද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. ඊට අදාළ ලිපිය ධවල මන්දිරය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිකුත් කර ඇත. පසුගිය අප්‍රේල් දෙවන දින අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44%ක අන්‍යෝනය තීරුබදු පැනවීමක් සිදුකළ අතර එය ක්‍රියාත්මක කිරීමට සහන කාලයක් ලබා දී තිබුණි. එම සහන කාලය ඊයේ (09) දිනයෙන් අවසන් වු අතර ඒ අනුව අගෝස්තු මස පළමු දින සිට ක්‍රියාත්මක වන පරිදි 30%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකාව තම තීරුබදු ඉහළ දැමීමට පියවර…

Read More

විශ්වවිද්‍යාලවල නවකවධය වැළැක්වීම සඳහා මේ වනවිට සකස් කර තිබෙන මාර්ගෝපදේශ මාලාව තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද(09) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියම කර තිබේ. එම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය, තාක්ෂණික සහාය හා පහසුකම් ලබාදීමට කටයුතු කරන ලෙසද විනිසුරු මඩුල්ල විසින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපනය අමාත්‍යවරයාට නියම කරනු ලැබීය. 2020 වසරේ නවකවධය හේතුවෙන් ශාරීරික මෙන්ම මොළයට සිදුවූ තුවාල හේතුවෙන් පීඩාවට පත්ව සිටින පළමු වසරේ සිසුවක වන පසිඳු හිරුෂාන් ද සිල්වා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් ශිරාන් ගුණරත්න, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කළේය.…

Read More

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ ගංවතුර තත්ත්වයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 109ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් වාර්තා පැවසුවේ තවත් පුද්ගලයින් 161 දෙනෙකු අතුරුදන් වී ඇති බවය. මියගිය පිරිස අතර ළමා කඳවුරක සිටි ගැහැණු ළමුන් 27 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය වන බවට වාර්තා වෙයි. අදාළ ප්‍රදේශයේ කාලගුණ තත්ත්වය ඉදිරියටත් අයහපත් වනු ඇති බවට එරට ජාතික කාලගුණ සේවය අනතුරු අඟවා තිබේ. නව මෙක්සිකෝ ප්‍රාන්තයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයක් ඇති හේතුවෙන් නිවාස රැසක් හානියට පත්ව ඇති බව සඳහන්ය. එම ප්‍රදේශයේ පියෙකු සහ දරුවන් දෙදෙනෙකු ගංවතුරට ගසාගෙන ගොස් ඇති බවද විදෙස් වාර්තා පවසයි. ජීවිත හානි වැඩි වීමත් සමඟ ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීම් නිසි පරිදි ලබා…

Read More

පිළියන්දල කරදියාන කසළ අංගනයේ ගින්නක් හටගෙන ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි. ගින්න නිවීම සඳහා මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ජල බව්සර් හතරක්, ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිනිබටයන් 15කුත් කණ්ඩායමක් ඒ සඳහා යොමු කර ඇති බව එහි ස්ථාන භාර නිලධාරී දුල්සිරි කුමාර මහතා පැවසුවේය.

Read More

ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පත්කළ කමිටු වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි. අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේ මෙම නිදහස් කළ බහාලුම් සම්බන්ධව මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක්ද ආරම්භ කර ඇති බවය. බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව කිසිදු දේශපාලන මැදිහත්වීමක් හෝ දේශපාලන අවශ්‍යතාවයක් ද නොතිබූ බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එල්ලවන චෝදනා සම්බන්ධව නිවැරදි පිළිතුරු ලබා ගැනීම සඳහා ඉදිරියේදී එම කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත…

Read More