Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
2027 වර්ෂයේ සිට දේපොළ බද්දක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. අදාළ බදු ක්‍රමවේදය 2027 වර්ෂයේ පළමු කාර්තුවේ දී හඳුන්වාදීමට නියමිත බව වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කළ සිය කාර්ය මණ්ඩල වාර්තාව මඟින් මේ පිළිබඳව දැනුම් දී තිබේ. මෙම නව දේපොළ බද්ද පැනවීමට අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග මේ වන විටත් ආරම්භ කර ඇති අතර දත්ත එක්රැස් කිරීමේ කටයුතුවල යම් ප්‍රමාදයක් පැවතිය ද සැප්තැම්බර් මාසය වන විට එම කටයුතු අවසන් වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි. දේපොළ වටිනාකම තක්සේරු කිරීම සහ බදු ගණනය කිරීම සඳහා ඩිජිටල් දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට නියමිත…
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් යුතු 20යි 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය අද (07) නම් කර තිබේ. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වේ. එම ක්‍රීඩක ලැයිස්තුව පහතින් දැක්වේ. චරිත් අසලංක (නායක) පැතුම් නිස්සංක කුසල් මෙන්ඩිස් දිනේෂ් චන්දිමාල් කුසල් පෙරේරා කමිඳු මෙන්ඩිස් අවිශ්ක ප්‍රනාන්දු දසුන් ශානක දුනිත් වෙල්ලාලගේ වනිඳු හසරංග මහීෂ් තීක්ෂණ ජෙෆ්රි වැන්ඩසේ චාමික කරුණාරත්න මතීෂ පතිරණ නුවන් තුෂාර බිනුර ප්‍රනාන්දු එෂාන් මාලිංග
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් Clean Sri Lanka වැඩ සටහනට සමගාමීව ” සොඳුරු නිවසක් – විකසිත පවුලක් ” පේලි නිවාස පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය ඊයේ (06) දින කහවත්ත ඕපාත වත්ත ප්‍රදේශයෙන් ආරම්භ කෙරිණි. දැකුම්කළු දිවයිනක් සොම්නසින් පිරි ජනතාවක් බිහි කිරීම සඳහා වන Clean Sri Lanka ජාතික වැඩ සටහනට සමගාමීව මෙරට මලයගම් ප්‍රජාව නඟා සිටුවීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය එහි පාර්ශවකරුවන් සමග එක්ව මෙම ව්‍යාපෘතිය සිදු කරනු ඇත. මෙම පේලි නිවාස පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය යටතේ නිවාස පේලි පිරිසිදු කර තීන්ත ආලේප කර පිළිසකර කිරීම, බිත්ති හා ගෙබිම පිළිසකර කිරීම, දිරා ගිය සෙවිලි තහඩු ඉවත් කර අලුතින් සෙවිලි…
සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරා ගැනීමේ කටයුත්ත සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලමින් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මේ මස 09 වනදා කැඳවන ලෙස අභියාචනාදීකරණය නියම කළේය. මෙම පෙත්සම අද (07) කැඳවූ අවස්ථාවේදී එහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය ඇතුළු කීපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට දන්වා සිටීයේ මෙම නඩුකරයට අදාළව තම සේවා දායකයින් සීමිත විරෝධතා ගොනුකර තිබෙන බවය. ඒ අනුව, ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීම සඳහා තමන්ට අවස්ථාව ලබාදෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අදිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ…
නැවත දැනුම්දෙන තුරු මැතිවරණ කොමිසමේ සේවාවන් අත්හිටුවා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ, අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටවූ බවය. ඒ අනුව ඡන්දහිමි නාමලේඛන තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්දහිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලුම ඊ සේවා නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා තිබේ.
සබරගමුව පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී පුද්ගලයින් 120ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබේ. ඇඹිලිපිටිය, සීතාවකපුර, කෑගල්ල හා රත්නපුරය පොලිස් කොට්ඨාස මූලික කර ගනිමින් ඊයේ (06) මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. එහිදී විවෘත වරෙන්තු සහිත පුද්ගලයින් 07 දෙනෙකු හා බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෙහෙයුම සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුධ හමුදා නිලධාරින් 900 කට අධික ප්‍රමාණයක් සහභාහී වී ඇත.
හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා එළැඹෙන ජූලි මස 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, ඔහුව අද (07) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දුමින්ද දිසානායක මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.
රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතාට පිටතින් කෑම ලබාගැනීමට කෙරුණු ඉල්ලීමක් බන්ධනාගාර ප්‍රධානීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි වාර්තාවේ. ඔහුගේ සෞඛ්‍ය හොඳ තත්ත්වයේ පවතින හෙයින් පිටතින් කෑම ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව බන්ධනාගාර ප්‍රධානීන් පෙන්වා දී ඇත. බීජ ඇට බෙදා හැරීමෙන් මුදල් අව භාවිතාවක් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටි.
ඊශ්‍රායලය විසින් යේමනයේ හූති කැරලිකරුවන්ගේ ඉලක්ක කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කර තිබේ. හූති කැරලිකරුවන් රැඳී සිටින වරායන් තුනක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හුඩයිඩා වරාය, රාස් ඊසා සහ සයිෆ් වරායන් වෙත ඊශ්‍රායලය විසින් එම ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්ය. ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් රතු මුහුදේ ගමන් ගන්නා වාණිජ නැව්වලට පහර දීමට කටයුතු කරන බැවින් ඊශ්‍රායලය මෙම ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට පාතාල කල්ලි නායකයෙකු විසින් දුරකථනය ඔස්සේ මරණීය තර්ජන එල්ල කර ඇති බවට වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් ඔහු විසින් වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ද සිදුකර ඇති බව සඳහන්ය. පසුගිය 5වනදා ඩුබායිහි හී රැඳී සිටින පාතාල කල්ලි නායකයෙකුගෙන් ඇමතුම් කිහිපයක් හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට ලැබී තිබේ. එහිදී ඔහුට මෙම මරණ තර්ජන එල්ල කර ඇති බව වාර්තා වේ. ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක අමාත්‍යවරයාව සිටියදී රටින් පලාගොස් සිටින පාතාල නායකයින් හා ඊට සම්බන්ධ පුද්ගලයින් මෙරටට ගෙන්වීමට අවශ්‍ය නියෝග දීම පිළිබඳව ප්‍රකාශ කරමින් මෙම මරණ තර්ජනය එල්ල කර ඇති බව සඳහන්ය. මේ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති…