Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
ඒත්තුකාල වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් සිව්දෙනෙකු දිය වැලකට හසු වී මුහුදට ගසාගෙන යමින් සිටියදී බේරාගැනීමට සමත්ව තිබේ. ඊයේ (06) සවස මෙම අනතුර සිදුව ඇති අතර, පොලීසිය සඳහන් කළේ, එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් පරීක්ෂක අනුරාධ, පොලිස් කොස්තාපල් 99177 ලක්ෂාන් හා පොලිස් කොස්තාපල් 105320 විජේසිංහ යන නිලධාරීන් විසින් දියවැලට හසුවු පුද්ගලයින්ව බේරාගෙන ඇති බවය. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ අවුරුදු 20, 21, 22 හා 34 වයස්වල පසුවන වේයන්ගොඩ, පූඩළුඔය හා නමුණුකුල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
වනඅලින්ට සිදු වන වෙඩි වැදීම් ඉහළ ගොස් ඇති බැවින් රෝගී තත්ත්වයන්ට පත්වන අලි ඇතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී රෝහලක් සහ ජංගම වෛද්‍ය ඒකකයක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පවසයි. පොළොන්නරුව වනජීවී කලාපයේ වෙඩි වැදී රෝගී තත්ත්වයේ පසුවන හස්ථියා නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ඇතාගේ දකුණු පාදයට වෙඩි වැදීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වූ මෙම හස්ථියා සඳහා ප්‍රතිකාර කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ඇතාට අවශ්‍ය ආහාර පාන ලබා දීම හා අනෙකුත් පහසුකම් කලුන්දෑව වනජීවී ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරයි. ඒ අනුව අද දිනයේ දී පෙර පැවති තත්ත්වයට වඩා…
කහවත්ත ප්‍රදේශයේ දී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබේ. එහි ප්‍රකාශයෙකු පැවසුවේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇති බවය. මාසයක කාලයක් ඇතුලත අදාළ වාර්තාව ලබාදෙන ලෙස ද ජාතික පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇත. කහවත්ත ප්‍රදේශයේ දී පසුගිය මස 30 වන දින නිවසක සිටි තරුණයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් වෙඩි තැබීමක් සිදුකර තිබු අතර එහිදී 22 හැවිරිදි තරුණයෙකු මිය ගියේය. තවත් තරුණයෙකු තුවාල ලැබූ අතර ඔහු ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කෙරිණි. මෙම වෙඩි තැබීමේ සිදුවීම පිළිබඳව…
මෙම වසරේ ජූනි 30 දක්වා කාලය සඳහා ලෝක බැංකුවේ රටවල් වර්ගීකරණ එළි දක්වා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව තවදුරටත් පහල මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස පවතී. 1998 වසරේදී ලංකාව අඩු ආදායම් ලබන රටවල් කාණ්ඩයෙන් මෙම කාණ්ඩයට උසස් කෙරිණි. 1987 -2025 කාලය තුළ සමස්ත දකුණු ආසියානු කලාපයම පහල මධ්‍යම ආදායම් ලබන රටවල් කාණ්ඩයට එක්ව තිබීමද මෙහි විශේෂත්වයකි. ඒ ඒ රටවල් මෙම කාණ්ඩ අනුව වර්ගීකරණය කෙරෙන ආදායම් මට්ටම් ද මේ වසර සඳහා සුළු ප්‍රමානයකින් අඩු කර තිබේ.
ගාල්ල බන්ධනාගාරයේ ආරක්ෂිත පවුරට ආසන්නයේ පිහිටා ඇති මුර අට්ටාල දෙක අසලින් බන්ධනාගාරය තුළ පිහිටි මුළුතැන්ගෙය පිටුපස රැදවියන් ස්නානනය කරන ජල ටැංකි පිහිටි ස්ථානයට යම් පුද්ගලයෙකු විසින් පාර්සලක් විසි කර ඇත. එම පාර්සලය බන්ධනාගාර නිලදාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි තිබී මත්පැන් යැයි සැකකළ හැකි දියර සහිත බෝතල් 03ක්, දුරකථන චාජර් 01ක් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගන්නා ලද ද්‍රව්‍ය ගාල්ල බන්ධනාගාර ජේලර්වරයෙකුගේ අධික්ෂණය යටතේ විනාශ කිරීමට කටයුතු කර ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (07) දිනයේ පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ අද පෙරවරු 8.30 සිට පස්වරු 8.30 දක්වා වූ කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවය. ලංකා විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළ මsන් බෙදාහරිනු ලබන මාර්ගයන්හි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය. ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා ඇළ, කටුනායක / සීදුව නගර සභා බල ප්‍රදේශ, කැලණිය, බියගම, මහර, දොම්පේ, ජා-ඇළ, කටුනායක, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල…
බත්තරමුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ජාතික පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට එම පාසලේම තවත් සිසුවෙකු විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ. පහරකෑමට ලක්වූ සිසුවා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ 20 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී. පසුගිය 03 වන දා දහවල් 12.05ට පමණ සිසුන් තිදෙනෙකු සමග පැමිණි 11 ශ්‍රේණියේම සිසුවෙකු මෙම පහරදීම සිදුකර ඇති අතර, පහරදීමෙන් අදාළ සිසුවාගේ කනට හානි සිදුව තිබේ. කෙසේවෙතත් මෙම පහරදීමෙන් කනට තුවාල සිදුව ඇති සිසුවාගේ දෙමාපියන් දැනුවත් කිරීමට හෝ පාසල විසින් අදාළ සිසුවා රෝහල්ගත කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් වාර්තා වේ. මාධ්‍ය කළ විමසීමකදී කොළඹ ජාතික රෝහල සඳහන් කළේ, අදාළ දරුවාව ඊයේ (07) දින…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ පළාතේ ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
TMVP පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් සංවිධායක නැගෙනහිර පළාත් සභාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් නොහොත් ඉනිය භාරතී අත්අඩංගුවට ගෙන තිබේ. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් 2006 දෙසැම්බර් 15 වන දින කොළඹදී පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාව මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට, දෙමළ ජනතා විමුක්ති කොටි සංවිධානයේ නායක සහ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පසුගිය අප්‍රේල් 8 වන දින මඩකලපුවේ පිහිටි ඔහුගේ කාර්යාලයේදී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 03ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. පිල්ලෙයාන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූ කරුණු මත ඉනිය භාරතී හෙවත් කුමාරස්වාමි…
හෙට (07) දිනයේදී බොරැල්ල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන්ගේ පූජක දිවියේ 50වන ජුබිලි මහොත්සවය වෙනුවෙන් කොළඹ අගරදගුරු මැදුරේ ප්‍රභූවරුන් ඇතුළු ආරාධිතයින් විශාල ප්‍රමාණයක් සහභාගීත්වයෙන් පැවැත්වෙන විශේෂ උත්වය වෙනුවෙන් මෙලෙස විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවය. ඒ අනුව ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හෙට(07) දින සවස 03.00 සිට රාත්‍රී 9.00 දක්වා බොරැල්ල පොලිස් වසමේ වෝඩ් පෙදෙන, කිංසි පාර හන්දියේ සිට නන්දදාස කෝදාගොඩ හන්දිය දක්වා බර වාහන ඇතුල්වීම සීමා කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.