Close Menu
Lanka Focus News
    What's Hot

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රුවන්වැල්ලේ වාහන ගමනාගමනය සීමා කිරීමක් ගැන පොලීසියෙන් දැනුම්දීමක්
    Featured

    රුවන්වැල්ලේ වාහන ගමනාගමනය සීමා කිරීමක් ගැන පොලීසියෙන් දැනුම්දීමක්

    By LFNJuly 19, 2025No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුවන්වැල්ල පොලිස් වසමේ යටන්වල ස්වර්ණ වාලුකාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසල පෙරහර මංගල්‍ය අද (19) රාත්‍රී 10:00 සිට මධ්‍යම රාත්‍රී 12:00 දක්වා වීථී සංචාරය කිරීමට නියමිතව තිබේ.

    මෙම පෙරහැර ස්වර්ණ වාලුකාරාම විහාරස්ථානය අසලින් ගමන් ආරම්භ කර කෑගල්ල කරවනැල්ල මාර්ගය ඔස්සේ කරවනැල්ල දෙස සිට පැමිණ, රුවන්වැල්ල රාජසිංහ විදුහල ඉදිරිපිටින් ආපසු හැරී පැමිණි මාර්ගය ඔස්සේම නැවතත් ස්වර්ණ වාලුකාරාම විහාරස්ථානය වෙත ගමන් කිරීමට නියමිතය.

    මෙම කාලසීමාව තුළදී මෙම මාර්ගය භාවිත කරනු ලබන රියදුරන්ට පහත විකල්ප මාර්ග භාවිත කරන මෙන් පොලීසිය ඉල්ලා සිටී.

    පෙරහැර ගමන් කරන කාලය තුළදී මධ්‍යම රාත්‍රී 12:00 දක්වා මාර්ගය වරාවල හන්දියෙන් සහ තල්දූව හන්දියෙන් ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බවද පොලීසිය පවසයි.

    විකල්ප මාර්ග

    කෑගල්ල දෙස සිට අවිස්සාවේල්ල දෙසට පැමිණෙන වාහන වරාවල හන්දියෙන් බුලත්කොහුපිටිය දෙසට හැරී පරුස්සැල්ල යටියන්තොට මාර්ගයේ ගමන්කර හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිස අවිස්සාවේල්ල දක්වා ගමන් කළ හැකිය.

    අවිස්සාවේල්ල දෙස සිට කෑගල්ල දෙසට පැමිණෙන වාහන තල්දූව හන්දියෙන් වමට හැරී අමිතිරිගල මාර්ගයේ ගමන් කර මහදෙනිය හරහා ගෝනගල්දෙනිය නිට්ටඹුව මාර්ගයට පිවිස දකුණට හැරී රුවන්වැල්ල ඔරලෝසු කණුව අසලින් වමට හැරී කෑගල්ල දෙසට ගමන් කළ හැකිය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 202605 Views

    කිලිනොච්චිය, අරවියල් නගර් ප්‍රදේශයේදී ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ දුම්රියක් ආරක්ෂක ගේට්ටුවක් නොමැති දුම්රිය…

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.