Author: LFN

සුදු බිත්තරයක ගොවිපොළ මිල රුපියල් 28 සිට 26 දක්වාත් රතු බිත්තරයක ගොවිපොළ මිල රුපියල් 30 සිට 28 දක්වාත් අඩු කර ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි. බිත්තර තොග මිල ලෙස සුදු බිත්තරයක් රුපියල් 29ක් වශයෙන් සහ රතු බිත්තරයක් රුපියල් 31ක් ලෙසින් පසුගියදා පැවති මිල තීරණය කිරීමේ කමිටුවේදී ප්‍රකාශයට පත් කර ඇති බව ද හෙතෙම කියා සිටියේය. පසුගිය සතියේ සුදු බිත්තරයක මිල රුපියල් 35 ඉක්මවා තිබිණි.

Read More

ලොව වයස්ගතම මැරතන් ධාවකයා ලෙස සැලකෙන ඉන්දියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික ෆවුජා සිං, ඉන්දියාවේ දී මෝටර් රථයක ගැටීමෙන් මිය ගොස් ඇත. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 114 කි. පන්ජාබ්හි මාර්ගයක් හරහා ගමන් කරමින් සිටියදී මෝටර් රථයක් සිංගේ ගැටී ඇති බව පොලීසිය පවසයි. ප්‍රදේශවාසීන් ඔහුව රෝහලට ගෙන ගිය ද ඒ වන විටත් ඔහු මිය ගොස් අති බව වාර්තා වල සඳහන් වේ. ඔහුගේ මරණය පිළිබඳ පුවත පළ වීමත් සමඟ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ද ඔහුව “ඇදහිය නොහැකි අධිෂ්ඨානයක් සහිත සුවිශේෂී ක්‍රීඩකයෙකු” ලෙස හැඳින්වීය. ෆවුජා සිං වයස අවුරුදු 100 ඉක්මවූ සහ විවිධ වයස් කාණ්ඩ හරහා මැරතන් ධාවනය කිරීමෙන් වාර්තා පිහිටුවා ඇති…

Read More

නිවිතිගල – දම්මෝරුව හන්දිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 32 ක් වූ කොළඹගම, නිවිතිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයා තවත් පුද්ගලයින් තිදෙනෙකු සමඟ ඇති කරගත් ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති බවය. සිද්ධියට සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර නිවිතිගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සදහන් කළේ, අද (15) මධ්‍යම රාත්‍රියේ සිට අතිකාල සේවාවලින් ඉවත් වීමේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි. “මේ වෙද්දි තැපැල් දෙපාර්තමේන්තුවේ ඉතා බරපතළ තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. විශේෂයෙන්ම පාලන කාර්යාල සේවකයින්ගේ අතිකාල සීමා කිරීම තුළ. එක් අතකින් ඔවුන්ව දැඩි ලෙස පීඩනයකට ලක්කර ඇති අතර, අනෙක් අතට පාලන කාර්යාලවල සේවා බිඳ වැටීම තුළ මෙහෙයුම් අංශයේ සේවාවන් ශීඝ්‍ර ලෙස බිඳවැටෙනවා. ඒ නිසා අපිට මේ ගැන බරපතළ තීන්දුවක් ගන්න වෙනවා. ඒ තීන්දුව අපි ගන්නවා සමස්ත දිවයිනේම අතිකාල…

Read More

මාතර වැලිගම නගර සභාවේ නව නගරාධිපති ලෙස මොහොමඩි අෆ්රාස් මහතා අද (14) වැඩ භාර ගෙන තිබේ. මෙම අවස්ථාව සදහා ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී අකම් ඉල්ලියාස් මහතා ඇතුලු පිරිසක් සහභාගි වී ඇත. ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් ඔහු සිය ධුරයේ වැඩ ආරම්භ කිරීමට පියවර ගෙන තිබුණි.

Read More

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අද (14) සිට ලබන 28වනදා දක්වා සිදුකිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 237,026ක් දෙනෙකු උසස් පෙළට සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළේය. මෙවර විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 73.45%ක ප්‍රතිශයක් උසස් පෙළට සුදුසුකම් ලබා සිටියි.

Read More

ගුවන් යානයක් කඩා වැටීමෙන් පසු එංගලන්තයේ ලන්ඩන් නුවර සවුත්එන්ඩ් ගුවන්තොටුපොළ නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ. ඊයේ (13) සවුත්එන්ඩ් ගුවන්තොටුපළෙන් ගුවන්ගත කුඩා ගුවන් යානයක් මද වේලාවකට පසු මෙලෙස කඩා වැටි ගිනිගෙන ඇති බව වාර්තාවේ. පොලීසිය, හදිසි සේවා සහ ගුවන් අනතුරු විමර්ශකයින් අනතුර සිදු වූ ස්ථානයේ පරීක්ෂණ කටයුතු සිදුකරණ බව විදෙස් මාධ්‍ය පවසයි. අනතුරින් තුවාල ලැබූවන් සම්බන්ධයෙන් තවමත් තොරතුරු වාර්තා වී නැත. තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබඳව කිසිදු තහවුරු කිරීමක් නොමැත. මෙම ගුවන් යානය ලන්දේසි සමාගමක් වන සියුෂ් ඒවියේෂන් සමාගමට අයත් SUZ1 වර්ගයේ ගුවන් යානයක් බව සඳහන් වේ.

Read More

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (13) දඹුල්ලේ පැවැත්වෙන දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

Read More

කැලිෆෝනියාවේ එරික් මේයර්, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අමෙරිකා එක්සත් ජනපදයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපති ලෙස පත්වීමට නියමිත බව වාර්තා වෙයි. ඔහුගේ නම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් එරට සෙනෙට් සභාවට යෝජනා කර ඇත. ජ්‍යේෂ්ඨ විදේශ සේවයේ වෘත්තීය සාමාජිකයෙකු වන එරික් මේයර්, දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ කාර්යාංශ නිලධාරියා වෙයි. ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, කසක්ස්තානය, කිර්ගිස්තානය, මාලදිවයින, නේපාලය, පාකිස්තානය, ශ්‍රී ලංකාව, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය සහ උස්බෙකිස්තානය ඇතුළු දකුණු සහ මධ්‍යම ආසියාව පුරා කාර්යාංශ අධීක්ෂණය කිරීම සහ පරිපාලනයේ ප්‍රතිපත්ති ප්‍රමුඛතා සම්බන්ධීකරණය කිරීම සඳහා ඔහු වෙත පැවරී ඇති වගකීම් බව සඳහන් වෙයි. මොහු නෝර්වේ හි එක්සත් ජනපද දූත මණ්ඩලයේ භාරකරු ලෙස සහ…

Read More

පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් සිදු වූ බිහිසුණු ගුවන් අනතුරට ප්‍රධාන හේතුව එන්ජින් සඳහා ඉන්ධන සැපයුම අක්‍රියවීම බව මූලික විමර්ශන වාර්තාවකින් හෙළි වී තිබේ. ලන්ඩන් බලා පිටත් වූ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් මෙම යානය අහ්මදාබාද් ගුවන්තොටුපොළෙන් පිටත් වී සුළු මොහොතකට පසු වෛද්‍ය විද්‍යාලීය නේවාසිකාගාර ගොඩනැගිල්ලකට කඩාවැටී අනතුරට ලක්විය. ඒ හේතුවෙන් යානයේ සිටි එක් මගියෙකු හැර සෙසු සියලු දෙනාම ජීවිතක්ෂයට පත්විය. ඉන්දීය ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශයේ වාර්තාවට අනුව, යානයේ ඉන්ධන පාලන ස්විච්චයේ සිදු වූ අනපේක්ෂිත චලනයකින් එන්ජින්වලට ඉන්ධන සැපයීම සිදු වී නොමැත. අනතුරෙන් පැය 49ක පියාසැරි දත්ත සහ පැය දෙකක නියමු කුටියේ ශ්‍රව්‍ය ඇතුළුව…

Read More