Author: LFN

ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 ජුනි මාසයේ නිල සංචිත වත්කම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,080ක් ලෙස දැක්වේ. 2025 මැයි මාසයේ මෙම අගය පැවතියේ ඩොලර් මිලියන 6,286ක් ලෙසිනි. මේ අනුව පසුගිය ජුනි මාසය තුළ දී මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 3.3% කින් එනම් ඩොලර් මිලියන 206කින් පහළ ගොස් ඇත. මේ සඳහා ප්‍රධාන වශයෙන් විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 6,231 සිට ඩොලර් මිලියන 6,023ක් දක්වා පහත වැටීම හේතු වී තිබේ.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ජාතික ජන බලවේගයේ ලේකම්වරයා විසින් මෙම නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ඇති අතර ඒ අනුව පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධුරය සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කිරීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අතර පසුව ඔහු සිය ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය භාර…

Read More

පොලිස් ශරීර සුවතා සහ පොලිස් විශේෂ කාර්ය බළකා ඇඳුම්වලින් ව්‍යාජ ලෙස සැරසී නිවසක් කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් තිදෙනා නිවසක් ඇතුළුවී පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා ඊට ඇතුළුවන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි. සිද්ධිය පිළිබඳ සැකසිතූ ප්‍රදේශවාසීන් අදාළ තිදෙනා පැමිණි වෑන් රථය වටකර ඇති අතර එම අවස්ථාවේ ඔවුන් CCTV පටිගත යන්ත්‍රය යැයි සිතූ වෙනත් උපකරණයක් ද රැගෙන පලාගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ගල්නෑව පොලීසිය සිදුකළ විමර්ශනවලදි සැකකරුවන් පැමිණි වෑන් රථයද සමඟ කාන්තාවක් ඇතූළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.

Read More

හෙද නිලධාරීන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩුකිරීම හේතුවෙන් ඉදිරියේ දී ගැටලු රැසක් ඇතිවිය හැකි බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි. එහි සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කළේ, විශ්‍රාම ගැන්වීමේ වයස අඩුකිරීම හේතුවෙන් පවතින හෙද හිඟය තවදුරටත් උග්‍රවනු ඇති බවය. හෙද නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකරනු ලැබීය. ඒ අනුව අදාළ නඩු කටයුත්ත අවසන් වන තෙක් අභියාචනාධිකරණයේ තීන්දුව අත්හිටුවීමට පසුගිය මාර්තු මස 6 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. එම නියෝගයට අනුව අවුරුදු 60 සම්පූර්ණ වු සියලු හෙද නිලධාරීන් විශ්‍රාම ගැන්වීමට කටයුතු…

Read More

මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු ඊයේ (07) කල්මුණේ පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති බව පොලීසිය පවසයි. 2007, 2008 වර්ෂවල නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ සන්නද්ධ කණ්ඩායමක් විසින් මනුෂ්‍ය ඝාතන, පුද්ගල පැහැරගැනීම්, අතුරුදහන් කිරීම්, ගිනි අවි පරිහරණය කිරීම්, වධකාගාර පවත්වාගෙන යාම හා කප්පම් ලබා ගැනීම් යන අපරාධ සිදු කිරීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මගින් විමර්ශන සිදු කරන විමර්ශනයට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු කනක්කාඩු…

Read More

ජුනි මාසයේ ICCයේ ක්‍රීඩකයා සඳහා යෝජිත නම් අතරට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු පැතුම් නිස්සංක නිර්දේශ වී තිබේ. එක් එක් මාසය තුළ ක්‍රීඩකයින් විසින් දක්වන දක්ෂතා සැලකිල්ලට ගනිමින් ICCය විසින් මාසයේ ක්‍රීඩකයා ප්‍රකාශයට පත් කිරීම සිදුකරයි. පැතුම් නිස්සංකට අමතරව ජුනි මාසය සඳහා දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් වන Kagiso Rabada සහ ඒඩන් මාක්‍රම් නිර්දේශිත නම් අතරට ඇතුළත්ව තිබේ.

Read More

2018 වසරේ අලි ඇතුන් ගම් වැඳීම වැළැක්වීමට බලධාරීන් පියවර නොගැනීමට විරෝධය පළ කරමින් පොළොන්නරුව – මහියංගන මාර්ගයේ පිහිටි කළු කැළේ ප්‍රදේශයේදී උද්ඝෝෂණයක නිරතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොවීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් පොලීසිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (07) තීන්දු කළේය. ඒ අනුව අරලගංවිල පොලීසියේ එවක ස්ථානාධිපති ලෙස කටයුතු කළ එස්.එම්.එල්.ආර්. බණ්ඩාර මහතා විසින් ඔහුගේ පෞද්ගලික මුදල්වලින් පෙත්සම්කරුවන්ට රුපියල් 30000/- බැගින් වන්දි ගෙවිය යුතු බවත් නියෝග කරන ලදී. පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි ආර්. ඒ. ගාමිණී ජයරත්න සහ එච්.ආර්. එරන්ද යන අය විසින් ඉදිරිපත් කළ මූලික පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයි රාජා යන විනිසුරුවරුන්ගේ…

Read More

2027 වර්ෂයේ සිට දේපොළ බද්දක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. අදාළ බදු ක්‍රමවේදය 2027 වර්ෂයේ පළමු කාර්තුවේ දී හඳුන්වාදීමට නියමිත බව වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කළ සිය කාර්ය මණ්ඩල වාර්තාව මඟින් මේ පිළිබඳව දැනුම් දී තිබේ. මෙම නව දේපොළ බද්ද පැනවීමට අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග මේ වන විටත් ආරම්භ කර ඇති අතර දත්ත එක්රැස් කිරීමේ කටයුතුවල යම් ප්‍රමාදයක් පැවතිය ද සැප්තැම්බර් මාසය වන විට එම කටයුතු අවසන් වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි. දේපොළ වටිනාකම තක්සේරු කිරීම සහ බදු ගණනය කිරීම සඳහා ඩිජිටල් දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට නියමිත…

Read More

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් යුතු 20යි 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය අද (07) නම් කර තිබේ. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වේ. එම ක්‍රීඩක ලැයිස්තුව පහතින් දැක්වේ. චරිත් අසලංක (නායක) පැතුම් නිස්සංක කුසල් මෙන්ඩිස් දිනේෂ් චන්දිමාල් කුසල් පෙරේරා කමිඳු මෙන්ඩිස් අවිශ්ක ප්‍රනාන්දු දසුන් ශානක දුනිත් වෙල්ලාලගේ වනිඳු හසරංග මහීෂ් තීක්ෂණ ජෙෆ්රි වැන්ඩසේ චාමික කරුණාරත්න මතීෂ පතිරණ නුවන් තුෂාර බිනුර ප්‍රනාන්දු එෂාන් මාලිංග

Read More