Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් තමිල්නාඩුවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සමත් වී තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකා වෙරළට ආසන්නව පිහිටා ඇති දේශසීමා සහ නීතිවිරෝධී ක්‍රියා නිරන්තර සිදුවන ධනුෂ්කොඩි අසලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය. ඊයේ (28) දිනයේදී ලද තොරතුරක් මත ක්‍රියාත්මක වී ඇති ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුට ගත් තිදෙනාගෙන් දෙදෙනෙකු සිංහල ජාතිකයින් බවත් එක් අයෙකු දෙමළ ජාතිකයෙකු බවද වාර්තා වේ. ඔවුන් තිදෙනාගෙන් එක් අයෙකු මත්ද්‍රව්‍ය සම්බන්ධව නඩුවකදී අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටි අයෙකු බවත් අනෙක් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අපරාධ වාර්තා…
නීති විරෝධීව මෙරට ගෙන්වූ බව කියන රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වාහන දෙකක් බණ්ඩාරගම ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන තිබේ. පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පැවසුවේ කළුතර දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රබල දේශපාලනඥයෙකුගේ සමීපතමයෙකුට මෙම වාහන අයත් බවය. මෙම වාහන දෙක අතරට මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයක් සහ කැරවන් වර්ගයේ වෑන් රථයක් අයත් බව පොලීසිය පවසයි. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට බණ්ඩාරගම වීදාගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් සැකකටයුතු වෑන් රථයක් බණ්ඩාරගම ආදර්ශ පටුමග නිවසක සඟවා තිබෙන බවට ලද තොරතුරක් මත අදාළ වැන් රථය පොලිස් භාරයට ගෙන තිබේ. එම වෑන් රථයේ සවිකර ඇති ලියාපදිංචි අංකයම හොරණ මිල්ලනිය ප්‍රදේශයේ තවත් වාහනයක් ඇති බවට ලද තොරතුරු…
දේශපාලනඥයන්ට විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා කිරීමට උදව් කළ සහ ආධාර අනුබල දුන් බව කියන අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රජයේ උසස් නිලධාරින් 18ක් සම්බන්ධයෙන්ද අල්ලස් හෝ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඇතුළු විමර්ශන කණ්ඩායම් පරීක්ෂණ ආරම්භ කර ඇත. විවිධ දූෂණ වංචා චෝදනා එල්ල වූ රජයේ උසස් නිලධාරීන් පස් දෙනෙකු දැනට විදේශයන්ට පලා ගොස් සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම නිලධාරීන් අවශ්‍ය අවස්ථාවලදී මෙරටට ගෙන්වා ගැනීමට හෝ අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන්ට විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා කිරීමට ආධාර අනුබල දී ඇතැයි පැවසෙන මෙම රජයේ උසස් නිලධාරීන් එම ආක්‍රමිකතාවලින්…
කොළඹ වරායේ ආනයන බහලුම් නිෂ්කාශනය කිරීමේදි ඇති ව තිබූ තදබදය අවසන් කිරීමට මේ වන විට හැකි වූ බව ශ්‍රී ලංකා රේගුව පවසයි. අතිරේක රේගු අධ්‍යක්ෂ සහ රේගු මාධ්‍ය ප්‍රකාශයක සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේ මේ වන විට එම තදබදය සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවය. පසුගිය දින කිහිපයේදී ආනයන බහලුම් නිෂ්කාශනය කිරීම සඳහා අතිරේක දින කිහිපයක් ගැනීමට සිදුවූ බවත් මීට හේතුව වූයේ ආනයනික බහාලුම් ප්‍රමාණය ඉහළ යාම බවද සීවලි අරුක්ගොඩ මහතා පැවසීය. අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේ දිනකට 1,200ක් පමණ ලැබුණු ආනයනික බහාලුම් ඇතැම් දිනවලදී 2,900 දක්වා ඉහළ ගිය බවත් මේ හේතුවෙන් එම ආනයනික බහාලුම් නිෂ්කාශනය කිරීමේදි අතිරේක කාලයක් යෙදවීමට…
කළුතර බේරුවල මොරගල්ල ප්‍රදේශයේදී ධීවර යාත්‍රාවක් පෙරළී අතුරුදන්වූ ධීවරයින් දෙදෙනාගේ මළ සිරුරු සොයාගෙන තිබේ. එම ධීවරයින්ගේ සිරුරු බෙන්තොට වෙරළට ගොඩගසා සොයාගෙන ඇති බව පොලීසිය පවසයි. ඊයේ (28) උදෑසන ඔවුන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබියදී මෙම අනතුරට මුහුණ දී තිබුණි. මෙලෙස මියගොස් ඇත්තේ අළුත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි නදුන් කුමාර සහ ඔහුගේ සහෝදරයා වන දුමින්ද නදුන් කුමාර යන අයය. පළමුව ඔවුන් අතුරුදන්ව සිටි අතර ඔවුන් සොයා අවට පිරිස් විසින් බෝට්ටු යොදා ගනිමින් විමර්ශන ආරම්භ කර තිබූණි.
මිහිපිටින් වදවී ගිය ඩයිනෝසර් සත්වයන් පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් කණ්ඩායමක් වසර මිලියන 150කට පමණ පෙර සිටි නව ඩයිනෝසර් විශේෂයක් සොයාගෙන තිබේ. දිගු වලිගයක් ඇති බවට නිගමනය කර ඇති පර්යේෂකයන්, මෙම නව ඩයිනෝසර් විශේෂය Labrador Retriever වර්ගයේ සුනඛයෙකුගේ ශරීර ප්‍රමාණයට සමානතාවක් ඇති බව පවසයි. එමෙන්ම මෙම විශේෂය එනිග්මකර්සර් මොලිබෝර්ත්විකා ලෙස නම් කර තිබේ. පර්යේෂකයන් වැඩිදුරටත් පවසන්නේ එනිග්මකර්සර් මොලිබෝර්ත්විකා යනු වසර මිලියන 150කට පමණ පෙර ස්ටෙගෝසෝරස් සහ ඩිප්ලොඩෝකස් සමග සැරිසැරූ සත්ත්වයෙකු බවය. මෙම නව ඩයිනෝසර් විශේෂයේ අස්ථි බොහොමයක් 2021-2022 කාලසීමාවේ අමෙරිකාවේ කොලරාඩෝ හි මොරිසන් සංයුතියෙන් සොයාගෙන තිබේ. එහෙත් එහි හිස් කබල සහ කශේරුකා තීරුවේ කොටස් සොයාගැනීමට නොහැකි වී ඇති අතර, ඒ හේතුවෙන්…
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ බවට අත්අඩංගුවට ගත් සැකකාරියක් හා සැකකරුවෙකු විසින් එම ජාවාරමෙන් උපයාගත් බවට සැළකෙන මුදලින් මිලදී ගත් දේපළ තොගයක් මුදල් විශූද්ධිකරණ පනත යටතේ ක්‍රියා විරහිත කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ. අදාළ සැකකරු හා සැකකාරිය ඊයේ (28) අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් හා සැකකාරිය වයස අවුරුදු 45ක් වන බොරැල්ල, කොළඹ 08 ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. එම සැකකරුවන්ගේ තහනමට ලක් කර ඇති දේපොළ වන්නේ, කඳාන ප්‍රදේශයේ පිහිටි සිව් මහල් නිවසක් බොරැල්ල, කොළඹ 08 ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවෙස් දෙකක් බොරැල්ල, කොළඹ 08 පිහිටි තෙමහල් නිවසක් ජපන් ඇල්ටෝ වර්ගයේ මෝටර් රථය වැගන් ආර් වර්ගයේ මෝටර්…
ඉකුත් අප්‍රේල් සහ මැයි මාස දෙක තුළ බහුදින ධීවර යාත්‍රා මගින් මෙරටට රැගෙන ආ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1,758ක් සිය භාරයට ගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් වැටලීම් 4ක් සිදුකර මෙම මත්ද්‍රව්‍ය තොගය සිය භාරයට ගෙන ඇත. එමෙන්ම ගත වූ එම මාස 2 තුළදී පමණක් සැකකරුවන් 25 දෙනෙකුද ඔවුන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2025 වර්ෂයේ මේ දක්වා කාලය තුළ මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමේදී අත්අඩංගුවට ගත් සැකකරුන් හා මත්ද්‍රව්‍ය ප්‍රමාණය ගැන ඊයේ (28) පස්වරුවේ නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව සඳහන් කළේය. එමෙන්ම සිය භාරයට ගත් සමස්ත හෙරොයින්වල වටිනාකම රුපියල් බිලියන 10.84ක් බවත් අයිස් මත්ද්‍රව්‍යවල…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (29) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්…
ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හතරකින් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (28) මෙම අනතුරු සිදුව තිබුණේ නොරොචෝල, වැල්ලවාය, හෝමාගම සහ කනගරායන්කුලම් පොලිස් වසම්වලින්ය. නොරොචෝල පොලිස් වසමේ පාලවිය කල්පිටිය මාර්ගයේ දළුව 06 කණුව ප්‍රදේශයේදී පුද්ගලික බස් රථයක් කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයේ වම් පස නවතා සිටියදී බස් රථයේ පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු බස් රථයෙන් බැස බස් රථයේ පසුපස රැඳී සිටියදී පාලවිය දෙස සිට කල්පිටිය දෙසට ධාවනය කරන ලද ලොරි රථයක් එම පුද්ගලයින් දෙදෙනාගේ සහ බස් රථයේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 15 හා 74 යන වයස්…