Close Menu
Lanka Focus News
    What's Hot

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට පාර්ශ්ව කිහිපයකින් විරෝධය
    Featured

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට පාර්ශ්ව කිහිපයකින් විරෝධය

    By LFNJuly 21, 2025No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ කතාබහක් නිර්මාණය වී ඇති අතර, ඊට ගුරු විදුහල්පති සංගම් ඇතුළුව පාර්ශ්ව කිහිපයක් සිය විරෝධය පළ කරයි.

    ඒ, එම ප්‍රතිසංස්කරණවලදී 10 හා 11 ශ්‍රෙණිවල අනිවාර්ය විෂයයන් අතරින් ඉතිහාසය සහ සෞන්දර්ය යන විෂයයන් ඉවත් කර, ඒවා තෝරාගන්නා ලැයිස්තුවකට එක් කර තිබීමට එරෙහිවය.

    අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි සහ රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පෙන්වා දෙන්නේ ඉතිහාසය සාමාන්‍ය පෙළට අනිවාර්ය විෂයක් වීම අත්‍යවශ්‍ය බවය.

    රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි,

    “අමෙරිකාව වගේ රටක පුරවැසිකම ලබන්න කළ යුතු විභාගයේදී අමෙරිකානු ඉතිහාසය අත්‍යවශ්‍යයි. ඒ පිළිබඳ විමසීමක් කළ අවස්ථාවේදී විද්වතෙක් ප්‍රකාශ කළා. අමෙරිකානු ඉතිහාසය ගැන දන්නේ නැති මෝඩයෙක්ට අමෙරිකාවේ පුරවැසිභාවය දෙන්න පුළුවන්කමක් නැහැ කියලා. හරි ඉතිහාසය දරුවන්ට උගන්වලා නොතිබ්බොත් ඕනෑම කපටියෙකුට පුළුවන් ඉතිහාසය විකෘති කරන්න. විෂයන් තෝරාගැනීම දරුවන්ට දුන්නොත් නොමග යෑම නිසැකයි. සත්‍ය වශයෙන්ම කළ යුත්තේ ඉතිහාසය අනිවාර්යය විෂයක් කිරීමයි.”

    මේ අතර, ඉතිහාසය සහ පුරාවිද්‍යාව විෂයන් අනිවාර්යය විෂයන් ලෙස පාසල් පද්ධතියේ පවත්වාගෙන යායුතු බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්ද පසුගිය (19) පැවසූහ.

    ඒ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා උන්වහන්සේ බැහැදැක අධයාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා කළ අවස්ථාවේදීය.

    මේ අතර ඉතිහාස විෂය උගන්වන ආචාර්යවරුන් සහ භික්ෂූන් වහන්සේ පිරිසක් අද අස්ගිරි මහා නා හිමියන් බැහැදැක මෙම විෂය ගැටලුව පිළිබඳ දැනුම්වත් කළාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 202603 Views

    කිලිනොච්චිය, අරවියල් නගර් ප්‍රදේශයේදී ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ දුම්රියක් ආරක්ෂක ගේට්ටුවක් නොමැති දුම්රිය…

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.