Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට එම පැමිණිල්ලේ අන්තර්ගත කරුණු පිළිබඳව එම පුද්ගලයා දැනුම්වත් කළයුතු ආකාරය දැක්වෙන චක්‍රලේඛයක් සකස් කර තිබේ. එම චක්‍රලේඛය දිවයිනේ සියලු පොලිස් ස්ථානවෙත නිකුත් කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් කටයුතු කර තිබෙන බව නීතිපතිවරයා ඊයේ (3) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. බලශක්ති විශේෂඥයෙකු වන විදුර රැළපනාව මහතා විසින් අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට එරෙහිව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර තිබේ. මෙම පෙත්සම අචල වෙංගප්පුලි සහ සම්පත් විජයරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය. එහිදී පෙත්සම්කරු කියා සිටින්නේ තමන් විසින් සමාජ මාධ්‍යයේ පළකළ අදහසක් සම්බන්ධයෙන්…
පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදී ඔහුගේ රථය කල්බදු සමාගමක සීසර්වරුන් පිරිසක් විසින් පැහැරගෙන යෑමේ සිදුවීමක් රාගම කිඹුලාපිටිය ප්‍රදේශයෙන් වාර්තා විය. පහරකෑමට ලක්වූ පුද්ගලයා මේ වනවිට රෝහල්ගත ප්‍රතිකාර ලබයි. මීගමුව මහ රෝහලේ මෙලෙස ප්‍රතිකාර ලබමින් සිටින රාගම තේවත්ත පාර ප්‍රදේශයේ පදිංචි සුමිත් දර්ශන ආපදා රථයක හිමිකරුවකු වන අතර, එම රථයේ රියදුරු ලෙස කටයුතු කරන්නේද ඔහුය. පසුගිය (02) පෙරවරු 8ට පමණ ඔහුගේ නිවසට පැමිණි යුවළක් පවසා ඇත්තේ කාර්මික දෝෂයකට ලක්වූ තම මෝටර් රථය ගරාජයක් වෙත රැගෙන යෑම සඳහා පැමිණෙන ලෙසය. ඒ අනුව සුමිත් ඔහුගේ සහායකයා සහ අදාළ යුවළ සමග සිය ආපදා රථයෙන් ගොස් එම යුවළ සතු වාහනය රාගම කිඹුලාපිටිය ප්‍රදේශයට ප්‍රවාහනය කරදී තිබේ.…
පිරිවැය ආවරණය වනපරිදි විදුලි ගාස්තු ගැලපීම ඇතුළු පූර්ව ක්‍රියාමාර්ග සපුරාලීමත් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ ණය පහසුකමේ 5 වැනි වාරිකය මුදාහැරීමට තීරණය කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ඒ, අනුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 350ක මුදලක් හිමිවෙයි. ඊයේ (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපාජොජියෝ මහතා මෙම කරුණු පැහැදිලි කළේය. “ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ ණය පහසුකමේ සිව්වැනි සමාලෝචනය සම්පූර්ණ කිරීම නිසා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 350කට ප්‍රවේශය හිමිවනවා. ඒ අනුව IMF වෙතින් ශ්‍රී ලංකාවට ලබාදුන් මුළු මුදල ඩොලර් බිලියන 1.75ක් පමණ. මෙම මුදල ශ්‍රී ලංකාවේ දැනට…
ලුණුවිල ප්‍රදේශයේ තිබී පිරිමි පුද්ගල මළසිරුරක් ඊයේ (03) දින සොයාගත් බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගනිමින් ඇති බවය.
රාගම බටුවත්ත ප්‍රදේශයේ ඊයේ (3) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබේ. ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇත. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලීසිය සඳහන් කර සිටියේ, බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවතේ නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්කර කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගණේමුල්ල සංජීවගේ සමීපතමයෙකු වන ‘ආමි උපුල්’ නම් පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය. ඔහු 45 හැවිරිදි බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන හිටපු යුද හමුදා සෙබළෙකු බවද පොලීසිය පවසයි.
අද (4) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව දෙනුම්දෙයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සිසු සැරිය බස් රථයක පාපුවරුවෙන් සිසුවෙකු ඇදවැටුණු සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී රියදුරු හා කොන්දොස්තරගේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතුවී ඇති බව නිරීක්ෂණය වූ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. ඊයේ (03) දින මෙම සිද්ධිය වාර්තාවූ අතර ඒ සම්බන්ධයෙන් වීඩියෝවක් ද අද දෙරණ වාර්තා කළේය. නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ඒ අනුව මෙම බස් රථයේ සේවය කළ රියදුරු මහතාගේ හා කොන්දොස්තර මහතාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට වයඹ පළාත් ප්‍රවාහන අධිකාරිය විසින් පියවර ගත් බවය. තවද, අද දෙරණ ප්‍රවෘත්ති විකාශය මගින් මෙම පුවත ප්‍රචාරය කර දැනුවත් කිරීම පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාව…
මෙරට දී මහා පරිමාණ මුදල් වංචා සිදුකර ඉන්දියාවට පලාගොස් සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ (3) පස්වරුවේ යළි දිවයිනට රැගෙන ආවේය. ඉන්දියාවෙන් පිටුවහල් කර ඇති මෙම සැකකරුවන් කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. රැගෙන එන ලද සැකකරුවන් හා ඔවුන්ට එරෙහිව ඇති අපරාධ චෝදනා
හංගේරියාව සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමට අත්සන් තබා තිබේ. මෙම ගිවිසුම යටතේ ප්‍රතිව්‍යුහගත කරන ලද ඇස්තමේන්තු ගත ණය ප්‍රමාණය යුරෝ මිලියන 30කි. හංගේරියාව සහ ශ්‍රී ලංකා රජය අතර ශක්තිමත් සහ දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට මෙම ගිවිසුම අත්සන් කිරීම තුළින් හැකියාව ලැබෙනු ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි. මෙම ද්විපාර්ශ්වික ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ හංගේරියානු අපනයන ණය රක්ෂණ පුද්ගලික සමාගම වෙනුවෙන් විදේශ ආයතනික අවදානම් කළමනාකරණ සහ හිමිකම් සහ අයකරගැනීම් අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ…
2026 වර්ෂයේ පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා පාසල් ළමයින් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් තිබේ.