Author: LFN
එක්සත් ජනපදය විසින් මෙරට අපනයන මත පනවනු ලැබූ තීරුබදු අඩු කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR) තානාපති ජේමිසන් ග්‍රියර් මහතා අතර මාර්ගගත සාකච්ඡාවක් පවත්වා තිබේ. ඒ ඊයේ (25) පස්වරුවේය. මෙරටට පනවා ඇති තීරුබදු අඩු කර ගැනීම සහ දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා වර්ධනය කර ගැනීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ වී ඇත. මෙම මාර්ගගත සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR) නිලධාරීහුද සම්බන්ධ වූහ.
පසුගිය දිනවල වනඅලි 21ක් වෙඩි ප්‍රහාරවලට ලක්වී ඇති බවත් එම සිදුවීම්වල සමාන තත්ත්වයත් නිරීක්ෂණය වන හෙයින් ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසයි. ඊයේ (25) පොළොන්නරුව ප්‍රදේශයේදී ඔහු මෙම අදහස් පළ කළේය. විවිධ හේතුන් මත වනඅලි ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම් රැසක්ම දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණි. ‘භාතිය ඇතා’ගේ මරණයත් සමඟ මුළු රටේම අවධානය වන අලි මරණ සඳහා යොමුවීම මෑතකාලීනව දැකගත හැකි විය.
අද (26) දිනයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වන අතර උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50ක පමණ තරමක තද සුළං ද ඇතිවිය හැකි බව සඳහන් කරයි.
ගෙල සිරකර හිසට පහරදී පුද්ගලයෙකු ඝාතනය කර හෝමාගම පොලිස් වසමේ බයිපාස් මාර්ගයේ දමාගොස් තිබූ අපරාධයට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ අපරාධය ඉකුත් 10 වනදා සිදුකර තිබූ අතර නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (25) රාත්‍රී කාලයේ මාදම්පිටිය හා ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් වසම්වලදී සිදුකළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව අදාළ සැකකරුවන් මේ වනවිට හෝමාගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබේ. සැකකරුවන් අවුරුදු 18 හා 24 යන වයස්වල පසුවන කොළඹ 14 හා 15 යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය. අදාළ පුද්ගලයාව ඝාතනය කිරීමෙන් පසු ඔහු පැමිණි මෝටර් රථය කෑගල්ල මාවනැල්ල මාර්ගයේ තිබී සොයා ගැනුණි. ඒ අනුව ඝාතනයට සම්බන්ධ…
ගලේවෙල මකුළුගස්වැව, හීනුගල රක්ෂිතයේ මුවදෙනකු ඝාතනය කළ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්නකිරීමේදී තවත් කරුණු රැසක් අනාවරණය කරගැනීමට පොලීසියට හැකිව තිබේ. මෙම ප්‍රශ්නකිරීමේ දී තවත් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර, බෝර 12 බලපත්‍ර රහිත ගිනිඅවි 3ක්ද පොලීසිය සිය භාරයට ගත් බව දඹුල්ල සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. ජී. එම්. එම්. චන්ද්‍රසිරි මහතා පැවසීය. ඊයේ (25) අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් දෙදෙනාගෙන් සහ සිවිල් පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්නකිරීමේදී හෙළි වී ඇත්තේ, වහකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු මුව දඩයමේ පැමිණ ඇති බවය. එමෙන්ම ඔවුන්ගෙන් එක් පුද්ගලයෙකුගේ සහෝදරයෙකු පොලිස් සැරයන්වරයෙකු බව පවසා තිබේ. මුවදෙන ඝාතනය කිරීමෙන් පසු රැගෙන යාමටත්, ප්‍රදේශවාසීන් සිද්ධිය දුටු නිසාත් ඔවුන් මෙම පොලිස් සැරයන් සහෝදරයාගේ…
තායිලන්ත – කාම්බෝජ දේශසීමාවේ දින දෙකක පැවැති යුද ගැටුම්වලින් පසුව කාම්බෝජය වහාම ක්‍රියාත්මකවන පරිදි තායිලන්තයෙන් සටන් විරාමයක් ඉල්ලා තිබේ. එක්සත් ජාතීන්ගේ කාම්බෝජ තානාපතිවරයා පවසා ඇත්තේ, තම රට ‘කොන්දේසි විරහිතව’ සටන් විරාමයක් ඉල්ලා සිටි බවන බවත්, යුද ගැටුම්වලට සාමකාමී විසඳුමක් අවශ්‍ය බවත්ය. කෙසේ වෙතත් තායිලන්තය මේ දක්වා සටන් විරාම යෝජනාවට ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොමැත. ඔවුන් මේ වනවිටත් කාම්බෝජයට මායිම්ව ඇති දිස්ත්‍රික්ක අටක යුද නීතිය ප්‍රකාශයට පත්කර ඇත. මෙම යුද ගැටුම් හේතුවෙන් දෙරටේම අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තවත් ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන් වී සිටියි. තායිලන්තයේ වැඩබලන අගමැතිවරයාද ඊයේ අනතුරු ඇඟවා සිටියේ මෙම දේශසීමා ගැටුම “යුද්ධයක් කරා ගමන් කළ හැකි බවය.
අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් කලාකරුවකු වන විනෝද් තරංග යන අය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පුද්ගලයන් දෙදෙනෙකුගෙන් රුපියල් 30,000 බැගින් වූ මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලීම යන චෝදනාව යටතේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. ඒ මතුගම ප්‍රදේශයේ පදිංචි විදුහල්පතිනියක හා අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි ගුවන්හමුදා නිලධාරියෙකු විසින් ගොනු කළ පැමිණිල්ලට අදාලව ය. මෙහිදී අදාල විදුහල්පතිනිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පවතින විමර්ශනයකට අදාලව එම විමර්ශනය සිදු නොකරන බව දන්වා ලිපියක් ලබාදීමට හා එම විමර්ශනයට අදාල ගොනුව ලබාදෙන බව පවසා මෙම පුද්ගලයා විසින් රුපියල් 30,000ක මුදල ඉල්ලා ඇත. එමෙන්ම ගුවන්හමුදවේ නිලධාරියා සම්බන්ධව ද අල්ලස් හෝ…
රාජ්‍ය මූල්‍ය අවදානම් අවම කිරීමට සහ බලශක්ති උපයෝගිතාවල මූල්‍ය තිරසරභාවයට සහාය වීම සඳහා පිරිවැය ආවරණය කෙරෙන විදුලි මිලකරණය අඛණ්ඩව පවත්වා ගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කර සිටී. ජා.මූ. අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන දූත මණ්ඩල ප්‍රධානී එවන් පපාජෝ(ර්)ජියෝ මහතාගේ නායකත්වය යටතේ වූ ජා.මූ. අරමුදලේ දූත කණ්ඩායම 2025 වසරේ ජූලි 21 සිට 25 දක්වා කොළඹ සංචාරය කළ අතර දූත මෙහෙවර අවසානයේ, පපාජෝ(ර්)ජියෝ මහතා විසින් නිකුත් කළ ප්‍රකාශයේ මේ බව සඳහන් වේ. මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා සහ ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ බලධාරීන් විසින් ක්‍රියාත්මක කර ගෙන යනු ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ආර්ථික සහ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක…
ජනාධිපති අනුර කුමාර දිසානායක එළැඹෙන ජූලි 28 වනදා මාලදිවයිනේ තෙදින නිල සංචාරයක නිරතවීමට නියමිතව ඇත. මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරතවන බව බව විදේශ අමාත්‍ය විජිත හේරත් නිවේදනයක් නිකුත්කරමින් පැවසීය. මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත්, අන්‍යෝන්‍ය සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමටත් නියමිතය. එමෙන්ම මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා මාලදිවයිනේ ව්‍යාපාරික සංසදය ඇමතීම සහ ශ්‍රී ලාංකික විදේශගත ප්‍රජාව හමුවීමටද නියමිතය. මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද සහභාගිවීමට නියමිතව ඇත.
රෙස්ලිං වළල්ලේ දැවැන්තයෙක් වන අමෙරිකානු ජාතික හල්ක් හෝගන් නොහොත් ටෙරී බොලියා මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ, හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගිය බවය. අමෙරිකාවේ ජෝජියාහිදී උපත ලැබූ ටෙරී බොලියා, මියයන විට 71 වන වියේ පසුවිය. උපතින් ටෙරී බොලියා වුවත්, රෙස්ලිං පිටියේ ජනප්‍රිය වූයේ හල්ක් හෝගන් නමින්ය. 1980 දශකයේ වෘත්තීය රෙස්ලිං ක්‍රීඩාවට පිවිසි හල්ක්, ලොව පුරා වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ ඔහු ලැබූ ජයග්‍රාහණ හේතුවෙනි. ඒ හේතුවෙන් වෘත්තීය රෙස්ලිං ක්‍රීඩකයින්ට ගෞරව කිරීමක් ලෙස එක්කරන ‘WWE Hall of Fame’ නාමාවලියටද හෝගන්ගේ නාමය එක්විය.