Author: LFN

ලෝක කඩොලාන දිනයට සමගාමීව කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත බවට පත් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එළැඹෙන ජූලි 26 වැනි දිනට යෙදෙන ලෝක කඩොලාන සුරැකීමේ දිනය වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇත. ලංකාවේ දැනට ඇති මුළු කඩොලාන ප්‍රමාණය හෙක්ටයාර 12,500ක් පමණ වන අතර කඩොලාන විශාල ලෙස ව්‍යාප්තව ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ මෝයන් ආශ්‍රිතවය. ඝනව වැඩුණු කඩොලාන නිරිත දිග, දකුණු ඊසාන ප්‍රදේශයන් හී කලපු ආශ්‍රිතව තැනින් තැන විසිරී ඇති අතර දැනට ලංකාවේ කඩොලාන විශේෂ 11ක් පමණ වාර්තා වී තිබේ. වෙරළ සංරක්ෂණය උදෙසා ස්වභාවික බාධකයක් ලෙස කඩොලාන පිහිටන අතර වෙරළ ඛාදනය සහ භූමිහායනය වැළැක්වීමට මෙයට හැකියාව තිබේ. එමෙන්ම ජෛව විවිධත්ව උණුසුම් කලාප ලෙස කඩොලාන…

Read More

සීදූව ප්‍රදේශයේ ඊයේ (21) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත්කර තිබේ. සීදූව රාජපක්ෂපුර 12වැනි පටුමගේ ඊයේ රාත්‍රී 8.15ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි. සීදූව නගරසභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරියකගේ පියා ඉලක්කකර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබේ. වෙඩි වැදී තුවාල ලැබූ 55 හැවිරිදි පුද්ගලයා රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත්කර ඇත ඔහු යුද හමුදාවෙහි සේවය කර විශ්‍රාම ලැබූ අයෙකු වන අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සහ සීදූව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Read More

පාර්ලිමේන්තුව අද යළි රැස්වීමට නියමිතව තිබේ. අද (22) සිට ලබන 25 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය. සේවකයන්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් 3ක් අද දිනයේ විවාදයට ගැනීමට නියමිතව තිබේ. හෙට (23) දිනයේ දී සමාගම් සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර අනිද්දා දිනයේ ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත දෙවන වන කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය. මේ අතර ඉදිරි පාර්ලිමේන්තු සතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ඊයේ (21) පස්වරුවේ රැස්වුණි. මේ අතර හෙට දිනයේ දී…

Read More

ත්‍රිරෝද රථ කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (21) කහතුඩුව පොලිස් වසමේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 700 ක් හා හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 300ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී මොවුන් කුලී ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථවල ගමන්කර රියදුරන්ගේ මුහුණුවලට මිරිස්කුඩු ගසා එම ත්‍රිරෝද රථ කොල්ලකෑම් සිදුකර ඇති බව අනාවරණය වී ඇති අතර එක් සැකකරුවෙකුගේ බිරිඳක්ද මෙම කොල්ලකෑම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් වයස අවුරුදු 24, 27 ක්…

Read More

මේ වසරේ ගතවූ කාලය තුළ ආයෝජන මණ්ඩලය විසින් ව්‍යාපෘති 57ක් අනුමත කර ඇති බව කර්මාන්ත සහ ව්‍යසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ, එම ව්‍යාපෘතිවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 569ක් වන අතර ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 507ක අයෝජන මේ වන විටත් මෙරටට පැමිණ ඇති බවය. එය 2024 වර්ෂයට සාපේක්ෂව සියයට 101ක වර්ධනයක් බව ද චතුරංග අබේසිංහ මහතා පවසයි. මේ අතර ජුනි මාසයේ උද්ධමනය සුළු වශයෙන් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මැයි මාසයේ සියයට 0.6ක් වූ උද්ධමනය ජුනි මාසයේ සියයට 0. 3 දක්වා අඩුවී ඇති බව එම…

Read More

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය. වයඹ සහ උතුරු පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, මධ්‍යම, දකුණු සහ සබරගමුව, පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. 55-60ක පමණ තද සුළං ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. තද සුළංවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා…

Read More

දිවයිනේ විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් පිරිසක් එක්ව ”අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය” නමින් නව ශිෂ්‍ය ව්‍යාපාරයක් ආරම්භ කර ති‌බේ. පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් නව බලමණ්ඩලය පැවසුවේ, රාජ්‍ය විශ්වවිද්‍යාලවල මහා ශිෂ්‍ය සංගම් හා උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් එක්ව මෙම නව ශිෂ්‍ය ව්‍යාපාරය ආරම්භ කළ බවය. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කැඳවුම්කරු සසිඳු පෙරේරා මහතා, ”1978 අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පටන් ගන්නවාත් එක්කම ජනතාවගේ අයිතීන් වෙනුවෙන් වගේම, නිදහස් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් දැවැන්ත අරගල ප්‍රමාණයක් කරපු, දැවැන්ත කැපකිරීම් ප්‍රමාණයක් කරපු යුගයක් තමයි. මේ රටේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියට එකතු වෙනවා අලුතෙන් විශ්වවිද්‍යාල, ඒ වගේම උසස් අධ්‍යාපන ආයතන, සමාජය ඉදිරියට යනවා. තාක්ෂණය අතින් ලෝකය…

Read More

2025 ජනවාරි සිට මැයි දක්වා මාස 05ක කාලපරිච්ඡේදය තුළ දී රුපියල් බිලියන 1,942.36ක රාජ්‍ය ආදායමක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය 2024 වසරේ මුල් මාස 05 දී රාජ්‍ය ආදායම් අගය වූ රුපියල් බිලියන 1,619.23 හා සැසඳීමේ දී 19.95%ක වර්ධනයකි. මේ සඳහා රජයේ බදු ආදායම මෙම වකවානුව තුළ දී රුපියල් බිලියන 1,491.25 සිට රුපියල් බිලියන 1,802.48 ක් දක්වා 20.87%කින් ඉහළ යාම ප්‍රධාන වශයෙන් දායක වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සතිපතා නිකුත් කරනු ලබන ආර්ථික දර්ශක වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

Read More

උඩවලව පනහඩුව වැවේ මාලු ඇල්ලීමට ගිය දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ. මෙම පුද්ගලයින් දෙදෙනා ටියුබ් එකක් ආධාරයෙන් මාලු ඇල්ලීම සඳහා පනහඩුව වැවට ගොස් ඇති අතර එහිදී දියේ ගිලී ඇති බව වාර්තා වේ. මෙසේ දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 30ක සහ 29ක තරුණයින් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාම පනහඩුව ප්‍රදේශයේම පදිංචිකරුවන් බව සඳහන් වේ. මෙම තරුණයින් දෙදෙනා දියේ ගිලෙන ආකාරය ගම්වැසියෙකු විසින් දැක ඇති අතර ඔහු ඒ පිළිබඳව පොලීසිය දැනුම්වත් කර තිබේ. ඉන් අනතුරුව ඇඹිලිපිටිය පොලීසියේ ජීවිතාරක්ෂක නිලධාරීන් සහ යුධ හමුදා පිහිනුම්කරුවන් පැමිණ ඔවුන් දෙදෙනාම සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති අතර එහිදී එක් පුද්ගලයෙකුගේ සිරුර සොයා ගෙන ඇත. අතුරුදන්ව ඇති අනෙක් පුද්ගලයාගේ…

Read More

රුපියල් ලක්ෂ 75ක මූල්‍ය වංචා කළැයි චෝදනා එල්ල වී සිටින අල්ලස් කොමිසමේ හිටපු නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රොහාන් ප්‍රේමරත්න මහතාගේ නිවසට අල්ලස් කොමිසමේ නිලධාරීන් පැමිණ නොමැති බව වාර්තා වේ. රොහාන් ප්‍රේමරත්න මහතාගේ නිවසට අල්ලස් නිලධාරීන් ඇතුළු වී ඔහු රැඳී සිටි ස්ථාන කිහිපයක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් පරීක්ෂා කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් පළකරමින් ඒ මහතා සඳහන් කර සිටියේ තමා මේ වනවිටත් නිවසේ රැඳී සිටින බවය. 2021 වසරේ දී දෙහිවල ප්‍රදේශයේ දී නයිජීරියානු ජාතිකයින් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබූ අතර, එහිදී අදාළ විදෙස් කල්ලිය විසින් උපයාගත් රු ලක්ෂ 75ක මුදලක් කැලණිය කොට්ඨාස අපරාධ ඒකකය විසින් නඩු භාණ්ඩ ලෙස…

Read More