Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»චෙම්මනි සමූහ මිනිවළ තුළින් හමුවු මිනිස් සිරුරු සංඛ්‍යාව 101 ක් දක්වා ඉහළට
    Featured

    චෙම්මනි සමූහ මිනිවළ තුළින් හමුවු මිනිස් සිරුරු සංඛ්‍යාව 101 ක් දක්වා ඉහළට

    By LFNJuly 27, 2025No Comments3 Mins Read110 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනීවළ තුළ සිව්වන අදියරේ කැනීම් කටයුතු හය වන දිනටත් ඊයේ (26) පවත්වා ඇති අතර එහිදී තවත් මිනිස් සිරුරු 11කට අදාළ අස්ථි කොටස් මතුකරගත් බපව කැනීම් නිලධාරීන් පවසයි.

    කැනීම් නිලධාරීන් පැවසුවේ සමූහ මිනීවළ තුළින් මේ වන විට මිනිස් සිරුරු 101කට අදාළ අස්ථි කොටස් මතුකරගෙන ඇති බවත් මිනිස් සිරුරු 90කට අදාළ අස්ථි කොටස්ද ගොඩගෙන ඇති බවය.

    2025 පෙබරවාරි මස 20 වැනි දින යාපනය චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය සංවර්ධනය කිරීමේ කටයුත්තකදී පළමු වරට මෙම අස්ථි කොටස් සංවර්ධන කටයුතු සිදුකළ පිරිස විසින් දැක තිබුණි.

    පසුව ඔවුන් මේ සම්බන්ධව යාපනය පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර පසුව යාපනය පොලීසිය යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝග මත අස්ථි කොටස් හමුවූ ස්ථානය සම්බන්ධයෙන් කැනීම් කටයුතු සිදු කිරීමට නියෝගයක් ගනු ලැබීය.

    ඒ අනුව අදාළ ස්ථානය විශේෂඥ පිරිසකගේ අධීක්ෂණය යටතේ කැනීම් ආරම්භ කර ඇති අතර ඒ අනුව විවිධ අවස්ථාවලදී මෙම අස්ථි කොටස් හමුව තිබේ.

    සිව්වන අදියරේ කැනීම් කටයුතු යාපනය මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ එළැඹෙන මස 04 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත අතර මෙහි තුන්වන අදියරේ කැනීම් කටයුතු පසුගිය ජුනි 26 වැනිදා සිය ජූලි 10 වැනිදා දක්වා පැවැත්විණි.

    මෙම සමූහ මිනිවළ සම්බන්ධයෙන් ස්කෑන් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා ඇති බව මේ සම්බන්ධව නිරීක්ෂණ කටයුතු සිදුකරන නීතීඥ වී.කේ. නිරංජන් මහතා පවසයි.

    ඔහු පැවසුවේ කැනීම් නිලධාරීන් සමූහ මිනිවල ස්කෑන් පරීක්ෂාවකට ලක්කළ යුතු බව යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා ඇති බවත් අධිකරණ නියෝග යටතේ අදාළ ඉල්ලීම ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කළ බවය.

    එමෙන්ම මෙම සමූහ මිනීවළ තුළින් මේ වන විට විවිධ ද්‍රව්‍ය 46ක් හමුව ඇති බවත් ඒ අනුව රබර්වලින් සකස් කරන ලද බෝනික්කෙකු, සපත්තු යුගලක්, කුඩා දරුවන් පළඳින වළලු යුවළක්, කුඩා දරුවන්ට කිරි පානයට ලබා දෙන කිරි බෝතලයක්, මිනිස් ඇඳුම් කොටස් කිහිපයක්, ඇතුළු විවිධ ද්‍රව්‍ය රැසක් හමුවී ඇති බවද නීතීඥ වී.කේ. නිරංජන් මහතා පැවසීය.

    සමූහ මිනීවළ තුළින් හමුවූ භාණ්ඩ අතර කුඩා දරුවන් භාවිතා කරන පාසල් බෑගයක් බෝනික්කෙකු වළලු වැනි ද්‍රව්‍ය මතුවීම් හරහා මේ වන විට කුඩා දරුවන් ද අදාළ සමූහ මිනීවළ තුළ මිහිදන් කර ඇති බවට සැක පහළ වී තිබේ.

    මේ අතර වාර්තා වනුයේ උතුරු පළාතෙන් හමුවූ දෙවන විශාලතම මිනීවළ බවට මෙම චෙම්මනි සිත්තුපාත්තු මිනීවළ පත්ව ඇති බවය.

    මින් පෙර මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පැවැති ස්ථානයේදී පසුගිය 2018 වසරේදී හමුවූ සමූහ මිනීවළ තුළින් මිනිස් සිරුරු 342කට අදාළ අස්ථි කොටස් හමුවූ අතර අදාළ මිනීවළ මේ දක්වා උතුරු පළාතෙන් හමුවූ විශාලතම සමූහ මිනීවළ ලෙසටද දැක්විණි.

    එමෙන්ම යුදධයෙන් අනතුරුව උතුරු පළාතේ ස්ථාන කිහිපයකින් සමූහ මිනීවළවල් වාර්තා වූ අතර මන්නාරම, තිරුකේදීශ්වරන් ප්‍රදේශයෙන් සමූහ මිනීවළක් පසුගිය 2013 වසරේ හමුවූ අතර අදාළ මිනීවළ තුළින් මිනිස් සිරුරු 88කට ආසන්න ප්‍රමාණයක අස්ථි කොටස් සොයා ගනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.