Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහනුවර භූගත උමං මාර්ගය භාවිත නොකරන අයට වැඩවරදී
    Featured

    මහනුවර භූගත උමං මාර්ගය භාවිත නොකරන අයට වැඩවරදී

    By LFNJuly 28, 2025No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහනුවර නගරයේ පවතින භූගත උමං මාර්ග ඔස්සේ පාර හරහා මාරු නොවන පදිකයින්ට එරෙහිව ඉදිරියේ දී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

    පදිකයින්ට බාධා වන අයුරින් ඉදිකර ඇති මල් වෙළෙඳසැල් පවත්වාගෙන යන ස්ථාන සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

    මහනුවර නගරයේ මාර්ග නිරීක්ෂණය කිරීමේ අවස්ථාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙම අදහස් පළ කළේය.

    “අපි පහුගිය දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටුවේදී තීරණයක් ගත්තා භූගත මාර්ග ක්‍රියාකාරීව භාවිත වෙන්නේ නෑ. අපේ නිරීක්ෂණයට අනුව එහෙම භාවිත නොවන ප්‍රධානම හේතුව තමයි දිගටම පාර දෙපැත්තේ තියෙනවා මල් විකුණන අලෙවි සැල්. ඒ නිසා මාර්ගය අවහිර වෙලා තියෙනවා. ඉතින් අපි තීරණය කළා ඇවිල්ලා ස්වාමීන් වහන්සේලාට දැනුම්දීලා, මේ සඳහා ගතහැකි ක්‍රියාමාර්ග ගැන තීරණයක් ගන්න. එහිදි ප්‍රධාන වශයෙන් කරුණු තුනක් ගැන අවධානය යොමු වුණා. එකක් තමා මාර්ගය අයිති මාර්ග සංවර්ධන අධිකාරියට, ඒ කියන්නේ පදිකයින්ට කිසිදු අපහසුතාවයක් නොමැතිව තමන්ගේ ගමන යන්න තියෙන්න ඕනේ. දෙක මල් විකුණන අයගේ ජීවනෝපායට හානියක් නොවන පරිදි අපේ විසඳුම බලපැවැත්වෙන්න ඕනේ.

    උමං මාර්ගයේ තියෙනවා තව කඩ කිහිපයක් ඉතිරි වෙලා. ඒ කඩවල් ප්‍රමාණය විශාලයි. ඒ නිසා අපිට පුළුවන් එක කඩේක දෙන්නෙක්ට ඉඩ ලබාදෙන්න. අපි දින වකවානු දෙනවා. ඒ දින වකවානුවලින් පස්සේ, මල් අලෙවිකරුවන්ට ඒ උමං මාර්ගයේ තියෙන කඩ පාවිච්චි කරන්න පුළුවන් ඒ අවශ්‍ය මුදල ගෙවලා. දෙවැනි දේ තමා අපි ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය ඇතිව පාර හරහා මාරුවන පදිකයින් අනිවාර්යයෙන්ම භූගත උමං මාර්ග පාවිච්චි කළ යුතුයි. එහෙම පාවිච්චි නොකරන අයට මුලදි අවවාද කාලයක් අපි දෙනවා. ඊට පස්සේ නීතිය ක්‍රියාත්මක කරනවා. එයට අදාළ අනුමැතිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවෙන් ගන්න බලාපොරෙත්තු වෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.