Author: LFN
වැලිකඩ බන්ධනාගාරයේ වාට්ටුවක් තුළ තිබී ජංගම දුරකතන 06ක් සොයා ගෙන තිබේ. ලද තොරතුරක් මත බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකාය විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී ජංගම දුරකතන 06ට අමතරව එම උපාංග ද සොයාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය. වැලිකඩ බන්ධනාගාරයේ ‘කේ’ වාට්ටුව තුළ තිබී මෙලෙස ජංගම දුරකතන හා උපාංග සොයාගෙන ඇති අතර එම වාට්ටුව තුළ සිටින රැඳවූවන් අතර සිරදඬුවම් නියමවූ හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද වන බව සඳහන්ය. මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු, එම්.එස් රංජිත් ඇතුළු 100කට අධික රැඳවූවන් පිරිසක් එම බන්ධනාගාර වාට්ටුවේ රැඳී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මහනුවර පොලිස් වසමේ හන්තාන ප්‍රදේශයේ පාසල් ළමුන් රැගෙන ගිය බස් රථයක රියදුරෙකුට පසුගිය 25 වැනි දින පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු සහ සැකකාරියක් මහනුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21,26,27 සහ සැකකාරිය අවුරුදු 38 වයස්වල පසුවන මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. අනුරාධපුරයේ සිට හන්තාන කඳුවැටිය නැරඹීමට පාසල් සිසු සිසුවියන් පිරිසක් රැගෙන ගිය මෙම පෞද්ගලික බස් රථය ත්‍රිරෝද රථයක ගැටී තිබුණි. අනතුර සිදුවීමෙන් පසු බස් රථයේ රියදුරුට මහනුවර හන්තාන ප්‍රදේශයේ පිරිසක් විසින් පහර දෙනු ලැබීය. පහර කෑමෙන් තුවාල ලැබූ බස් රථ රියදුරු පසුව රෝහල්ගත කිරීමටද පියවර ගෙන ඇති අතර බස් රථයේ සිටි ගුරුවරුන් සහ දෙමාපියන් රියදුරුට පහර නොදෙන…
දිඹුලපතන පොලිස් වසමේ රොසිටා වත්ත ප්‍රදේශයේදී නිවසක් ආසන්නයේ ඇති ඇළ මාර්ගයකට වැටී කුඩා දැරියක් මියගොස් තිබේ. ඊයේ (26) උදෑසන කාලයේ මෙම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 04ක් වූ රොසිටා වත්ත, කොටගල ප්‍රදේශයේ පදිංචිව සිටි සිඟිත්තියකි. මෘත ශරීරය දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර දිඹුලපතන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. මේ අතර පසුගිය 26 වන දින දහවල් කාලයේ පොළොන්නරුව පොලිස් වසමේ පත්තිනි පෙදෙස 02 ප්‍රදේශයේදී ඇති ඇල මාර්ගයක දිය නෑමට ගිය පුද්ගලයෙකු දියට වැටී මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, නවනගරය, මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි. පොළොන්නරුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු…
අමෙරිකාවේ ඩෙන්වර් සිට මියාමි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන්යානයක හදිසි ගින්නක් හට ගෙන තිබේ. ඒ හේතුවෙන් එම ගුවන් යානයේ ගුවන් ගමන අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ගොඩබෑම් ගියර්යේ දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වෙයි. එහිදී ගුවන් යානයේ ටයරයේ ගින්නක් සහ දුමාරයක් හටගෙන තිබුණි. මෙහිදී ගුවන් යානය ධාවන පථයෙන් හදිසි ඉවත් කිරීමක් සිදු කර ඇති අතර, යානයේ සිටි මගීන් 173 දෙනාම ආරක්ෂිතව පිටතට ගැනීමට කටයුතු කර තිබේ. මෙම සිද්ධියෙන් ගුවන් මගීන් 6 දෙනෙකු ද තුවාල ලබා ඇති අතර එක් ගුවන් මගීයෙක් රෝහල් ගත කර අති බව වාර්තා වෙයි. මෙලෙස ගිනිගැනීමට ලක්ව ඇත්තේ, ඇමරිකානු…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය, සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 50ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවය. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. 30-40 පමණ විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මාතර සිට…
පළාත් පාසල් 809ක් ජාතික පාසල් ලෙස නම් කිරීම සඳහා වන නාම පුවරු සඳහා පමණක් රුපියල් ලක්ෂ 24කට අධික මුදලක් වැය කර ඇති බව රජයේ ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී අනාවරණය වී තිබේ. ඒ අනුව, මෙම පාසල් 809 නාමිකව පමණක් ජාතික පාසල් ලෙස නම් කර ඇති බව අනාවරණය වී ඇත. රජයේ ගිණුම් කාරක සභාව හමුවට පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශය කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වී තිබේ. පසුගිය රජය සමයේ ක්‍රියාත්මක වූ ජාතික පාසල් දහසක් දක්වා වැඩි කිරීමේ වැඩ සටහන සම්බන්ධයෙන් සහ රාජ්‍ය අමාත්‍යංශය ආරම්භ කළ ව්‍යාපෘති 72ක් සම්බන්ධයෙන් මාස 03ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස මෙහිදි අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට නිර්දේශ කර ඇති…
කාන්තාවන්ගේ අත්බෑග සහ ජංගම දුරකථන කොල්ලකෑමක් සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනෙකු පිළියන්දල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් එක් අයෙකු මීට මාස 2කට පමණ ඉහතදී ඔස්ට්‍රේලියාවේ සිට නිවාඩුවට මෙරටට පැමිණි අයෙකු වන අතර, අනෙක් තරුණයා පානදුර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුත්‍රයෙකු බව සඳහන්. ඔවුන් දෙදෙනා කොල්ලකන ලද ජංගම දුරකථතන අතර, නවීන පන්නයේ ජංගම දුරකථන 5ක්, ස්මාර්ට් ජංගම දුරකථන 15කට ආසන්න ප්‍රමාණයක් තිබී සොයාගෙන ඇත. පොලීසිය සඳහන් කළේ මෙම ජංගම දුරකථනවල වටිනකම රුපියල් ලක්ෂ 25කට ආසන්න බවය. තවද කොල්ලකෑම සඳහා යොදාගත් ව්‍යාජ අංක තහඩු සවිකළ යතුරුපැදියක්, මුහුණ සම්පූර්ණයෙන්ම ආවරණය වන සේ පළඳින ආරක්ෂක හිස්වැසුම් දෙකක්, හොරයින් මත්කුඩු මිලිගෑම් 10,900ක්, කාන්තා අත්බෑගයක් සහ…
ව්‍යාජ යැයි සැක කළ හැකි යුවාන් 100 මුදල් නෝට්ටු 4000ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු රත්නපුර තිරුවානාකැටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකා කහවත්ත කඳවුරේ නිලධාරීන් කණ්ඩාමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය සඳහන් කළේ සැකකරු වයස අවුරුදු 28ක් වන චීන ජාතික පුද්ගලයෙකු බවය. කහවත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි. මේ අතර රත්නපුර තිරුවානාකැටිය ප්‍රදේශයේදීම ව්‍යාජ ලෙස සකස් කරන ලද මැණික් ගල් කිලෝ 06යි ග්‍රෑම් 32 ක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු සන්තකයේ තිබී ලැප්ටොප් පරිගණකයක්, අයිපෑඩ් 01ක් හා ජංගම දුරකථනයක්ද සොයා ගෙන තිබේ. එම සැකකරුද වයස අවුරුදු 52ක් වන චීන ජාතික පුද්ගලයෙකි.
ඩුබායි රාජ්‍යයේ රැඳීසිටිමින් මෙරට සංවිධානාත්මක අපරාධ ජාලය මෙහෙයවන ‘බස් ලලියා’ හෙවත් ලලිත් කන්නන්ගරගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන පුද්ගලයින් 4 දෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකා හංවැල්ල යතුරුපැදි ඒකකයේ උප පොලිස් පරීක්ෂක නුවන් තිලකරත්න ඇතුළු කණ්ඩායම විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. එම නිලධාරීන්ට ලද තොරතුරක් මත මාර්ග බාධකයක් යොදා පරීක්ෂා කිරීම් සිදුකරමින් සිටියදී මාර්ග බාධකය මගහැර පලා යෑමට තැත් කිරීමේදී සැකකරුවන් අත්අඩංගුවට පත්වී තිබේ. සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 500ක් සොයාගෙන තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.
දිවයින පුරා ඖෂධ අලෙවිසැල් 82ක බලපත්‍ර තාවකාලික අත්හිටුවීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඊයේ (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම ඖෂධ අලෙවි සැල් නිසි ප්‍රමිතිය යටතේ පවත්වා ගෙන නොයාම හේතුවෙන් මෙම බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවය. එමෙන්ම මෙම වසරේ ආරම්භයේ සිට ජූලි මස 18 වැනි දින දක්වා ජාතික ඖෂධ නියාම අධිකාරිය වෙත ඖෂධ ශාලා බලපත්‍ර අලුත් කිරීම සඳහා ඉල්ලුම් පත් 2039ක් ලැබී ඇති බවත් ඉන් ඖෂධ ශාලා 1820කට නව බලපත්‍ර ලබා දීමට පියවර ගත් බවත් අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව එම කාලය තුළ ඖෂධ අලෙවි සැල් 219ක බලපත්‍ර යාවත්කාලීන කිරීම තාවකාලිකව…