Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඖෂධ අලෙවි සැල් 82ක බලපත්‍ර තාවකාලිකව අත්හිටුවයි
    Featured

    ඖෂධ අලෙවි සැල් 82ක බලපත්‍ර තාවකාලිකව අත්හිටුවයි

    By LFNJuly 26, 2025No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයින පුරා ඖෂධ අලෙවිසැල් 82ක බලපත්‍ර තාවකාලික අත්හිටුවීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

    ඊයේ (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම ඖෂධ අලෙවි සැල් නිසි ප්‍රමිතිය යටතේ පවත්වා ගෙන නොයාම හේතුවෙන් මෙම බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවය.

    එමෙන්ම මෙම වසරේ ආරම්භයේ සිට ජූලි මස 18 වැනි දින දක්වා ජාතික ඖෂධ නියාම අධිකාරිය වෙත ඖෂධ ශාලා බලපත්‍ර අලුත් කිරීම සඳහා ඉල්ලුම් පත් 2039ක් ලැබී ඇති බවත් ඉන් ඖෂධ ශාලා 1820කට නව බලපත්‍ර ලබා දීමට පියවර ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

    ඒ අනුව එම කාලය තුළ ඖෂධ අලෙවි සැල් 219ක බලපත්‍ර යාවත්කාලීන කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවත් ඉන් ඖෂධ අලෙවි සැල් 137ක පූර්ණ කාලීනව ඖෂධවේදීන් සේවයේ නියුතු නොවීම හේතුවක් වී ඇති බවත් තවත් ඒ අනුව පූර්ණ කාලීනව වගවිය යුතු ඖෂධවේදීන් ඉදිරිපත් කරන තෙක් එම බලපත්‍ර තාවකාලිකව අලුත් කිරීම අත්හිටවූ බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.