Author: LFN

මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති සෝදිසි මෙහෙයුම් මාලාවේ තවත් සෝදිසි මෙහෙයුම් කිහිපයක් ඊයේ (21) දිනය පුරා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසියත්, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව එක්ව සිදු කර තිබේ. එහිදී පොලිස් නිළධාරීන් විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් ඇතුළුව පුද්ගලයන් 73,00කට අධික පිරිසක් මේ සඳහා සහභාගී වී ඇත. එහිදී පුද්ගලයන් 24,690 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර වාහන 9,717 ක් හා යතුරු පැදි 7,637ක ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කර තිබේ. මෙම මෙහෙයුම් අතරතුරදී නීතිවිරෝධී මත්පැන් ඇතුළත්ව මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 1,427 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අනුව අයිස්…

Read More

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිස්කරණ පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය එළැඹෙන 24 වැනිදා විවාදයට ගැනීමට තීරණය වී තිබේ. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව එදිනට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත එදින විවාදයට නොගැනීමටද මෙහිදී තීරණය කළ බවය. ඒ අනුව එළැඹෙන 24 වැනිදා විවාදයට ගැනීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත ඉදිරි දිනකදී විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය වී තිබේ.

Read More

හිටපු ජනාධිපතිවරුන් සම්බන්ධයෙන් පමණක් නොව පුරවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද රජයට වගකීමක් පවතින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (22) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය වගකියන්නේ ද යන්න සම්බන්ධයෙන් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මේ අතර, හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අත්හිටුවමින් හිමිකම් පනත කෙටුම්පත සංශෝධනය කර ගැසට් පත්‍රයේ ඉතා ඉක්මනින් පළ කිරීමට බලාපොරොත්තු වන බවත් එම ක්‍රියාවලිය සඳහා අමාත්‍යවරයාට අදාළ අනුමැතිය කැබිනට් මණ්ඩලය තුළින් ලබාදී ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. ප්‍රශ්නය – යම්කිසි විදියකින් හිමිකම් පනත සංශෝධනය කරලා මහින්ද රාජපක්ෂ…

Read More

කොරියානු ජනරජයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ඍතුමය සේවක වැඩසටහන යටතේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කොරියානු ජනරජයේ E-8 වීසා කාණ්ඩය (සෘතුමය සේවකයින්) යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යෙදවීම පහසු කිරීම සඳහා පහසු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා උනන්දුවක් දක්වන කොරියානු පළාත් පාලන ආයතන සමඟ සාකච්ඡා පැවැත්වීමටත් පසුගිය පෙබරවාරි මස 19 වැනි දින ජුනි මස 01 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, කොරියාවේ බෝසෝං පළාත් පාලන ආයතනය සමඟ පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවෙන් ඍතුමය සේවකයින් බඳවා ගැනීමට සහ ඒ වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීමට එකඟතාව පළ…

Read More

මෙරට පිරිමි ජනගහණය අඩුවීම ඉදිරියේ දී අර්බුද රැසක් නිර්මාණය කරනු ඇති බව වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ 1995 වසරේ දී කාන්තාවන් 100 දෙනෙකුට පිරිමි පුද්ගලයින් 100.2 ලෙස වර්තා වී තිබු අතර එය මේ වන විට කාන්තාවන් සිය දෙනෙකුට පිරිමි පුද්ගලයින් 93.7 දක්වා අඩුවී ඇති බවය. කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව වැඩිවීම, කාන්තා උපත් වැඩිවීම, තරුණ පිරිමි පුද්ගලයින් විදෙස් ගතවීම මෙම තත්ත්වයට හේතුවී ඇති බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පවසයි. “මේක අපි දකිනවා විශ්වවිද්‍යාල තුළ ගත්තත් අධ්‍යාපන ආයතන තුළ ගත්තත් ප්‍රධාන ඩිග්‍රිරි එකක් හෝ දෙකක් හැර ඉංජිනේරු සහ තාක්ෂණය යන ඒවා හැර අනෙකුත් සියලුම කේෂ්ත්‍රවල කාන්තා…

Read More

අද (22) අලුයම 2.50ට පමණ කැනඩාවේ සිට දෝහා හරහා කටාර් ගුවන් සමාගමට අයත් ගුවන්යානයකින් මෙරටට පැමිණි විදෙස් ජාතික කාන්තාවක් හෂීෂ් මත්ද්‍රව්‍ය සමග කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අදාළ කාන්තාවගේ ගමන් මලු පරීක්ෂා කිරීමේ දී හෂීෂ් ග්‍රෑම් 18,123ක් තිබී සොයාගෙන ඇත. එහි වටිනාකම රු මිලියන 181ක් පමණ බව ශ්‍රී ලංකා රේගුව තක්සේරු කර තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි කැනේඩියානු ජාතික කාන්තාවකි. සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය මඟින් සිදුකරමින් සිටින අතර සැකකාරිය සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු හා නීතිමය කටයුතු සඳහා පොලිස්…

Read More

තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනය කර තිබේ. ඒ අනුව කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ. එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විසින් විට පැ.කි.මී 60 – 70 දක්වා ඉහළ යා හැකි අතර මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකිය. පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3ත් අතර විය හැකිය. මේ හේතුවෙන් එම ප්‍රදේශ හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට…

Read More

ධුරයේ කටයුතු කිරීම අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් නෙරපීම සඳහා ඔහු පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව නිර්දේශ කර ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. කථානායකවරයා ප්‍රකාශ කළේ, අදාළ කමිටු වාර්තාව තමාට ලැබුණු අතර, එමඟින් දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහි චෝදනාවලට ඒකමතිකව වැරදිකරු කර ඇති බවය. මේ අතර, අදාළ වාර්තාව මුද්‍රණය කිරීමටත්, පාර්ලිමේන්තු වෙබ් අඩවියේ දැක්වීමටත් තීරණය විය. දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇති බව කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් සකස් කිරීම සඳහා විශේෂ පරීක්ෂණ කමිටුවක් පත්කරනු ලැබීය. එම කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ…

Read More

මෙරට වැඩිහිටි පුද්ගලයින් දස දෙනෙකුගෙන් එක් අයෙකු වකුගඩු රෝගයට ගොදුරු වී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. එම සංගමයේ භාණ්ඩාගාරික වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදාන රත්නපාල මහතා පැවසුවේ දියවැඩියාව සහ අධි රුධිර පීඩනය යන රෝගී තත්ත්වයන් වකුගඩු රෝගයට ප්‍රධාන හේතූන් වී ඇති බවය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදාන රත්නපාල මහතා, “දැන් වකුගඩු රෝග තත්ත්වය කොච්චර බරපතළද කියනවානම් හැම වැඩිහිටියෝ 10 දෙනෙකුගෙන් එක් අයෙක් වකුගඩු රෝගියෙක් කියලා අපි හිතන්නේ. අපිට මතක් වෙන්නේ අනුරාධපුර, පොළොන්නරුව ඒ වගේම කතරගම පළාත්වල අපි දැකපු ජල ආශ්‍රිතව හඳුනා නොගත් වකුගඩු රෝගය ඒක තමයි 2005 – 2015 අතර අපේ…

Read More

යෝජිත විදුලි බල පනත හකුලාගන්නා තෙක් අඛණ්ඩව සටන්වැදීමට සූදානම් බව විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසයි. ඊයේ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔවුන් සඳහන් කළේ විරෝධයේ පළමු අදියර අද ආරම්භ කරන බවය. අසනීප නිවාඩු වාර්තාකරමින් විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී වෘත්තීය සමිති 28ක නියෝජිතයින් හෙට විරෝධතාවක් සිදුකිරීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි. ඒ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ඇතුළත් අරමුණින් ගෙනා 2024 අංක 36 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධන සහිතව යළිත් සම්මත කරගැනීමට වත්මන් ආණ්ඩුවේ සූදානමක් ඇති බවට පවසමින්ය. මේ අතර හෙට වෘත්තීය සමිති ගැනීමට නියමිත මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය දක්වන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය නිවේදනය කර තිබේ.

Read More