Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු අලුත් පෙළපොතක් හඳුන්වාදීමක් නෙවෙයි – අගමැති හරිනි
    Featured

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු අලුත් පෙළපොතක් හඳුන්වාදීමක් නෙවෙයි – අගමැති හරිනි

    By LFNJuly 28, 2025No Comments2 Mins Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු හුදෙක් නව පෙළපොතක් හඳුනවාදීමක් නොවන බවත් සමස්ත පද්ධතියම වෙනස් කිරීමක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

    ඇය මේ බව පැවසුවේ පසුගිය (26) “පොහොසත් රටක් වෙනුවෙන් ගැහැනු අපි එකමිටට ” යන තේමාවෙන් සංවිධානය කරන ලද ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් කාන්තා එකමුතුව විසින් රත්නපුර නගර ශාලාවේදී පැවති සංවාදශීලී කථිකාව හා එක්වෙමිනි.

    මෙහි දී සභාව අමතමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් අග්‍රාමාත්‍යවරිය,

    “දරුවන්ට බරක් නොවන, දෙමව්පියන්ට සහ ගුරුවරුන්ට බරක් නොවන අධ්‍යාපන ක්‍රමයක් ඇතිකරන එක අපි අපේ දේශපාලන ව්‍යාපාරය තුළ දිගින් දිගට කතාකරපු දෙයක්. ඒ ගැන අපෙ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ සවිස්තරාත්මක ප්‍රකාශ කරලා තියෙනවා.

    මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන්නෙ අලුත් පෙළපොතක් විතරක් හඳුන්වාදීමක් නොවෙයි , පද්ධතියම වෙනස් කරන වැඩක්. අපි මේ පද්ධතිය තුළ දකින ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් තියෙනවා, මේ විභාහ කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය තුළ දරුවන්ට එන පීඩනය, ඒ නිසා දෙමව්පියන්ට ඇතිවන පීඩනය සහ ඒ පීඩනය නිසා ඇතිවී තිබෙන තරගකාරීත්වය හරහා ගොඩනැගුණු නරක සමාජීය ප්‍රතිඵල වැනි කාරණා සියල්ලක් අපි මේ.ප්‍රතිසංස්කරණ තුළ ආමන්ත්‍රණය කිරීමට බලාපොරොත්තු වෙනවා.

    පසුගිය කාලවල පැවති ආණ්ඩු කෙතරම් අධ්‍යාපනය ගැන කතාකරත්,අධ්‍යාපනයේ පවතින ගැටලු හඳුනාගත්තත් ඔවුන්ගේ දේශපාලන සංස්කෘතිය නිසා ඇතිවුණ අධ්‍යාපන ගැටලු ගණනාවක් තියෙනවා. බොහෝ විට අධ්‍යාපනය ඔවුන්ගේ පටු දේශපාලන තීන්දු ක්‍රියාත්මක කරන්න පාවිච්චි වී තියෙනවා.

    රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් ජාතික පාසලක් කියලා පාසලේ නාමපුවරුව විතරක් වෙනස් වුණ පාසල් කීයක් තියෙනවද ? තමන්ගෙ නමින් ගොඩනැගිල්ලක් විවෘත කරන එක වගේ තමන්ගෙ බලය පාවිච්චි කරලා ළමයින්ගෙ අධ්‍යාපනයෙ ගුණාත්මක භාවය මොනවා වුණත් මතුපිට තමන්ගෙ ප්‍රදර්ශනකාමී දේශපාලනය වෙනුවෙන් ඔවුන් අධ්‍යාපනය පාවිච්චි කරලා විශාල හානියක් සිදුකළා.

    පසුගිය රජයන් අධ්‍යාපනයට අයවැයෙන් වෙන් කළ මුදල ක්‍රමානුකූලව අඩුකර අධ්‍යාපනයේ බර ක්‍රමානුකූලව දෙමව්පියන් මත පැටෙව්වා. ඒ වගේම අධ්‍යාපනයේ තීරණාත්මක සාධකය වන ගුරුවරුන් ඇතුළු අධ්‍යාපන පරිපාලන සේවයේ සිටිය යුතු අයගෙ වෘත්තීය භාවය දියුණු කරලා ඒ සඳහා මානව සම්පත දියුණු කරනවා වෙනුවට ඒ මානව සම්පතට හානිදායක දේවල් දියුණු කළා. ”

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන පසුගිය රජයන් සාකච්ඡා කොට තිබුණ නමුත් ඒ සම්බන්ධව සාකච්ඡා වන අතර මේ පද්ධතිය පවත්වාගෙන යෑමට අවශ්‍ය මානව සම්පත, යටිතල පහසුකම්, ප්‍රතිපාදන වෙන්කිරීම සිදුවී නෑ, එලෙස නොවී මේ ප්‍රතිසංස්කරණයන්හි වෙනස තීරණාත්මක වෙනසකට ලක් වෙන්නේ නෑ.

    අපි ඉතාම සැලසුම් සහගතව මේ සමාජය තුළ සංවාදයක් ඇතිකරමින් , පද්ධතිය සූදානම් කරමින් සමාජයේ වෙනස් විය යුතු ආකල්ප ආදී සියල්ලමත් මේ සංවාදය වෙත ඈඳා ගනිමින් ඇත්ත සමාජ වෙනසකට අවශ්‍ය වෙනස්කම් සිදුකරමින් සිටිනවා. ඉතින් ඒ සංවාදය සමාජය තුළ පුළුල්ව ඇති කිරීමේ වගකීම ඔබ සතුයි.

    ඉතින් අධ්‍යාපනිකව දියුණු රටක් බවට අපේ රට පත්කරන්නට ඒ දියුණු රට තුළ ශිෂ්ට සම්පන්න සමාජයක් බිහිකරන්නට , ලෝකයත් එක්ක ගැටෙන්න පුලුවන් ආර්ථිකව දියුණු රටක් ගොඩනගන්න ගෙන යන සංවාදයේ පණිවිඩකරුවන් බවට පත්වන්න ඔබට ආරාධනා කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.