Author: LFN
ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 වසරේ සැප්තැම්බර් මස සිදුකිරීමට නියමිත එංගලන්ත තරග සංචාරයේ තරග කාලසටහන ඊයේ (24) පස්වරුවේ නිවේදනය කළේය. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහන් කළේ, මෙම තරගාවලිය විස්සයි20 තරග 3කින් සහ එක්දින තරග 3කින් සමන්විත බවය. තරගාවලිය ආරම්භ කරමින් පළමුව විස්සයි20 තරගාවලිය පැවැත්වෙන අතර, එහි පළමු තරගය 2026 වසරේ සැප්තැම්බර් 15 වනදා සවුත්හැම්ප්ටන් හිදී පැවැත්වීමට නියමිතව ඇත. සෙසු විස්සයි20 තරග දෙක සැප්තැම්බර් 17 හා 19 දිනවල කාඩිෆ් හා මැන්චෙස්ටර්හිදී පැවැත්වේ. එමෙන්ම එක්දින තරගාවලිය සැප්තැම්බර් 22, 24 හා 27 දිනවල පිළිවෙළින් ඩර්හැම්, ලීඩ්ස් හා ලන්ඩන් හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ධුරයේ රාජකාරී කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය අගෝස්තු 5 වනදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ඊයේ (24) නිවේදනය කළේය. 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වගන්තිය ප්‍රකාරව මෙම යෝජනා සම්මත විවාදය පැවැත්වේ.
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හුදෙක් විෂය නිර්දේශ සංශෝධනයකට සීමා නොවූවක් බවත් එමඟින් මෙරට සමස්ත සමාජ තලයත් ආර්ථික තලයත් එකවර ඔසවා තබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එය දේශපාලන අරමුණක් නොව සමාජීය අරමුණක් වන බැවින් ඊට සහාය දක්වන ලෙස ද ජනාධිපතිවරයා එහිදී ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ කිසිදු හේතුවක් මත කිසිදු දරුවෙකු 13 වසරක අනිවාර්ය අධ්‍යාපනය ලබා ගැනීමෙන් තොරව පාසල් හැර නොයා යුතු බවය. ඔහු මෙම අදහස් පළ කර සිටියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පාර්ලිමේන්තුවේ ඊයේ (24) පැවති විවාදයට එක් වෙමිනි.
වනඅලි ජීවිත සුරැකීම මෙන්ම ග්‍රාමීය ජනතාවගේ දෛනික ජනජීවිතය සුරක්ෂිත කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අදාළ අමාත්‍යවරු හා නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (24) පස්වරුවේ පැවැත්විය. දිනෙන් දින ඉහළ යමින් පවතින වනඅලින්ට සිදුවන හිරිහැර සහ ග්‍රාමීය ජනතාවගේ දෛනික ජීවිතයට සිදුව ඇති බලපෑම සම්බන්ධ වත්මන් තත්ත්වය මෙහිදී ජනාධිපතිවරයාගේ විමසීමට ලක් වී තිබේ. මෙහිදී නිලධාරීන් විසින් මේ සම්බන්ධව පවතින වත්මන් තත්ත්වය මෙන්ම ඊට විසඳුම් සෙවීමේදී දීර්ඝ කාලයක් තිස්සේ අදාළ ආයතන මුහුණ දෙන ගැටලු පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළේය. මේ පිළිබඳව අදහස් දැක් වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ කුමන තත්ත්වයක් යටතේ වුවද වනඅලින්ට සිදුවන හිරිහැර පිළිගත නොහැකි බවත්, ඒ…
අද (25) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම වයඹ පළාතේ ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ මධ්‍යම පළාත්වලත්, පුත්තලම, ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 55-60ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පැවසීය. තවද දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට පැ.කි.මී. 40-50ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. තද සුළංවලින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
රුපියල් කෝටි 40ක පමණ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද (25) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ‘හරිත මාවත’ ( Green Channel) ගමන්කිරිමේ දී අත්අඩංගුවට පත්ව ඇත. 52 හැවිරිදි කැනඩා ජාතිකයෙකු වන ඔහු එරට ඔන්ටාරියෝ හි පදිංච්කරුවෙකු බව සඳහන්. අදාළ සැකකරු මත්ද්‍රව්‍ය තොගය කැනඩාවෙන් රැගෙන, කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ ඇත. එතැන් සිට කටුනායක වෙත පැමිණ තිබේ. ඔහු විසින් රැගෙන ආ ගමන්මල්ල තුළ හෂීෂ්’ කිලෝ ග්‍රෑම් 12යි ග්‍රෑම් 196ක් සහ කොකේන් කිලෝ ග්‍රෑම් 5යි ග්‍රෑම් 298ක් තිබී සොයාගෙන ඇත.
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී ඉකුත් 18වනදා උදෑසන 11ට පමණ පුද්ගලයෙකු ඉලක්ක කර සිදුකළ වෙඩිතැබීමට පැමිණි වෙඩික්කරු අද (25) අලුයම STF සමග ඇතිවූ වෙඩි හුවමාරුකින් මියගොස් තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකාය අද අලුයම 4:30ට පමණ කහතුඩුව පාලගම කැදැල්ඕවිට ප්‍රදේශයේ පාළු නිවසක් පරීක්ෂා කර ඇති අතර එහි සැඟව සිට තිබූ අදාළ සැකකරු STF නිලධාරීන් දෙසට වෙඩි තබා ඇත. පසුව STF නිලධාරීන් ද සැකකරුට වෙඩිතැබීමක් සිදුකර ඇති අතර එහිදී තුවාල ලැබූ සැකකරු මියගොස් තිබේ. සිද්ධියෙන් තුවාල ලැබූ STF නිලධාරියෙකු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර වෙඩි වැදී මියගිය වෙඩික්කරුගේ මෘතශරීරය වෑතර රෝහලේ ඉදිරි විමර්ශන කටයුතු සඳහා තැන්පත් ඇත.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 30 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
බෙලිඅත්ත – වීරකැටිය මාර්ගයේ බෙලිගල්ල ප්‍රදේශයේ අද (23) උදෑසන 7.30ට පමණ පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව තිබේ. අනතුරින් පාසල් ළමුන් 16 දෙනෙකු පමණ තුවාල ලබා බෙලිගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් කිහිපදෙනෙකු මේ වනවිට රෝහලෙන් පිටව ගොස් ඇත. මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ ඉවුරක ගැටී බස් රථය නැවතී ඇති බව අප වාර්තාකරු පැවසීය. මේ වනවිට ළමුන් 13 දෙනෙකු බෙලිඅත්ත, බෙලිගල්ල, තංගල්ල හා වීරකැටිය යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටී.
හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ගුවන්පාලම මත සිදුවූ රිය අනතුරකින් තරුණයෙක්ට දිවි අහිමි වී තිබේ. අද (23) අලුයම ත්‍රිරෝද රථයක් මහරගම දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි. අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු සහ පසුපස අසුනේ ගමන් ගත් මගියෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී පිටුපස ආසනයේ ගමන් ගත් තරුණයා මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ, 21ක් හැවිරිදි මීගමවත්ත, වත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මිරිහාන පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.