Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයින් යැවීමට අවබෝධතා ගිවිසුමක්
    Featured

    E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයින් යැවීමට අවබෝධතා ගිවිසුමක්

    By LFNJuly 22, 2025No Comments1 Min Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොරියානු ජනරජයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ඍතුමය සේවක වැඩසටහන යටතේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    කොරියානු ජනරජයේ E-8 වීසා කාණ්ඩය (සෘතුමය සේවකයින්) යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යෙදවීම පහසු කිරීම සඳහා පහසු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා උනන්දුවක් දක්වන කොරියානු පළාත් පාලන ආයතන සමඟ සාකච්ඡා පැවැත්වීමටත් පසුගිය පෙබරවාරි මස 19 වැනි දින ජුනි මස 01 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී අනුමැතිය ලබා දී ඇත.

    ඒ අනුව, කොරියාවේ බෝසෝං පළාත් පාලන ආයතනය සමඟ පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවෙන් ඍතුමය සේවකයින් බඳවා ගැනීමට සහ ඒ වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීමට එකඟතාව පළ කර තිබේ.

    යෝජිත අවබෝධතා ගිවිසුම මඟින්, ශ්‍රී ලාංකිකයින්ට සෘතුමය ශ්‍රමික වැඩසටහන යටතේ කෙටි කාලයක් (උපරිම මාස 8ක් දක්වා) බෝසෝං පළාතේ කෘෂිකාර්මික ගම්මානවල සේවය කර ආදායමක් උපයා ගැනීමට සහ මෙරටට විදේශ විනිමය උපයා දීමට අවස්ථාව සැලසෙනු ඇත.

    ඒ අනුව, යෝජිත අවබෝධතා ගිවිසුම බෝසෝං පළාත් පාලන ආයතනය සමඟ අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.