Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු සහ උතුරු-මැද පළාත්වල අහස වළාකුලින් බරව පවතින බවය. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ත්‍රිකුණාමලය උතුරු වෙරළ මාර්ගයේදී පිරිසක් විසින් සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 32ක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සාදයක් අතරතුර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මෘත ශරීරය ත්‍රිකුණාමලය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රිකුණාමලය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ සමීපතමයෙකු වන බව කියන දිසානායකගේ දේවාන්මිණි දිසානායක නොහොත් ගම්පහ දේවා නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ. අද උදෑසන 81.10ට පමණ තායිලන්තය බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ ඒකකය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අවුදු 39ක් වූ ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ප්‍රදේශය පුරා සිදුවූ මිනීමැරුම් සහ අපරාධ රැසකට මොහු සම්බන්ධ අයෙකු බවද පොලීසිය පැවසීය. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ උතුරු අපරාධ කොට්ඨාසය වෙත භාර දීමට පියවර ගෙන තිබේ.
බීමත්ව රිය ධාවනය කළ ලංගම බස් රථයේ රියදුරු නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම බස් රථය වැලිමඩ සිට නුවරඑලිය හරහා ධාවනය වී ඇති අතර පොලිස් නිලධාරීන් විසින් නවතා පරීක්ෂා කිරීමේ දී රියදුරු අධික ලෙස බීමත්ව සිට ඇති බවට තහවුරු වී ඇත. ඒ අනුව මොහුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ වන විටත් බස් රථයේ විශාල මගීන් ප්‍රමාණයක් සිටි බව පොලීසිය සඳහන් කළේය. අදාල බස් රථය නුවරඑලිය පොලිසිය වෙත රැගෙනවිත් පරික්ෂා කර ඇති අතර එහිදී රියදුරු අසුන පිටුපස තිබී නීතිවිරෝධි මත්පැන් සහිත කෑන් එකක් ද පොලිස් නිලධාරින් විසින් සොයා ගෙන ඇත. පොලිසිය සැකපල කරන්නේ මෙම රියදුරා බස් රථය ධාවනය කරන අවස්ථාවේ…
2025 වසරේ මේ දක්වා දිවයින පුරා සිදුව ඇති වෙඩි තැබීමේ සිද්ධීන් ගණන 76ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද (03) උදෑසන මාතර කපුගොඩ ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියත් සමගිනි. මෙම වෙඩි තැබීමේ සිදුවීම්වලින් මේ දක්වා පුද්ගලයින් 41 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති අතර තවත් පුද්ගලයින් 43 දෙනෙකු තුවාල ලබා තිබේ. මේ අතර ත්‍රිකුණාමලය තුනේ කණුව ප්‍රදේශයේදී අද අලුයම 03ට පමණ පුද්ගලයින් දෙදෙනෙකු අතර ගැටුමක් හටගෙන තිබේ. එහිදී එක් අයෙකු විසින් අනෙකාට ගලකින් පහරදීම හේතුවෙන් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පහරදීමෙන් මියගොස් ඇත්තේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක් වන අතර පහරදීමට සම්බන්ධ පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ජූලි මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව ජූලි මාසයේදී සංචාරකයින් 200,244 ක් මෙරටට පැමිණ ඇති බවය. මෙය පසුගිය වසරේ ජූලි මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 6.6%ක වැඩිවීමකි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, ජූලි මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 37,128ක් පැමිණ ඇති අතර එය 18.5% කි. තවද, එක්සත් රාජධානියෙන් 23,475ක්, නෙදර්ලන්තයෙන් 15,556 ක්, චීනයෙන් 12,982ක් සහ ප්‍රංශ ජාතිකයින් 11,059ක් ද ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඒ අනුව, 2025 වසරේ ජනවාරි 01 වනදා සිට ජුලි 31 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,368,288කි. ඒ අතරින් සංචාරකයින්…
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් (TRCSL) දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ ( Number Portability -NP) සේවාව ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව එම කොමිෂන් සභාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව ක්‍රියාත්මක කිරීම පිණිස පියවර කිහිපයක් ගෙන ඇති බවය. ඒ අනුව පළමුව කොමිෂන් සභාව විසින් දුරකථන ක්‍රියාකරු සමාගම් සමඟ සාකච්ඡා පවත්වා දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා සැලැස්මක් සකස් කර තිබේ. 2021 වසරේ දී මහජන උපදේශන පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කරන ලද අතර, අදාළ සියලුම පාර්ශ්වකරුවන්ගේ අදහස් මේ සඳහා ලබා ගෙන…
සංචාරක වීසා මත පැමිණි ඊශ්‍රායල් ජාතිකයින් අරුගම්බේ ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට දැඩි බලපෑම් එල්ලකරන බව එම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයින් පවසයි. සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පවසන්නේ, සංචාරක වීසා මත පැමිණ මෙරට ව්‍යාපාර කළ විදේශිකයින් රැසකට එරෙහිව මේ වන විටත් නීතිමය පියවර ගෙන ඇති බවය. මෙම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට ඊශ්‍රායල් ජාතිකයින්ගෙන් සිදුවන බලපෑම පිළිබඳව අන්තර්ජාතික ඩී.ජේ ශිල්පියෙකු ද සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකර තිබුණි. මේ චෝදනාව එල්ල වන්නේ මෙරට සංචාරයකට පැමිණි අන්තර්ජාතික DJ ශිල්පියෙක් වූ ටොම් මොනගල්ගෙන්. ඔහු සඳහන් කරන්නේ, ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කළ තමාට ඊශ්‍රායයේ ටෙල්අවිව් අගනුවරට පැමිණියා හා සමාන අත්දැකීමක් ලැබූ බවය. ආරුගම්බේ ප්‍රදේශය පුරා ඊශ්‍රායල්…
සංචාරය සඳහා පැමිණෙන විදේශිකයින්ට මෙරටදී ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීම සඳහා අවශ්‍ය රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් අද (03) දින සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරීශ්‍රයෙහි ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසයි. ඒ මහතා පැවසුවේ මෙතෙක් එම කටයුතු සිදුකරන ලද්දේ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ වුවත් සංචාරකයින්ගේ පහසුව පිණිස අද දින සිට මෙම කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පරීශ්‍රයේ ආරම්භ කරන බවය. මෙරටට සංචාරය සඳහා පැමිණෙන විදේශිකයින් බොහෝ විට කටුනායක ගුවන් තොටුපොළ හෝ ඊට ආසන්න ස්ථානවලින් වාහන කුලී පදනම මත ලබා ගෙන ඔවුන්ම රියදුරන් සේ කටයුතු කරමින් සිය සංචාරවල නිරත බවන බවත් මේ…
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය ඒකකයේ ක්‍රියා හේතුවෙන් මෙරට විසිතුන් දහසකට අධික වෛද්‍යවරුන් පිරිසකගේ ස්ථාන මාරුවල මුළුමනින්ම ගැටළු මතුවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු සම්බන්ධව බරපතළ ගැටලු ගණනාවක් මතුව ඇති බවත් ඒ අනුව සෞඛ්‍ය පද්ධතිය තුළ අනවශ්‍ය ගැටළුවක් නිර්මාණය වෙමින් පවතින බවත්ය. මෙම ස්ථන මාරු ක්‍රියාපටිපාටීන් ආයතන සංග්‍රහයේ පැහැදිළිව දක්වා ඇතැයිද පැවසූ වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා ඒකකය විසින් අත්තනෝමතික ලෙස මෙම කටයුතු සිදු කිරීම හේතුවෙන් මෙම ගැටලු මේ වන විට මතුව ඇති බවය. මේ හේතුවෙන් මෙරට වෛද්‍යවරුන් 23,000කගේ පමණ ස්ථාන මාරුවීම්…