Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක අනතුරක් – දෙදරු පියා මරුට
    Featured

    මාරක අනතුරක් – දෙදරු පියා මරුට

    By LFNAugust 8, 2025No Comments1 Min Read326 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (08) උදෑසන 6ට පමණ හොරණ රෝහල හන්දිය අසලදී වෑන් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී සිදුවු අනතුරකින් දෙදරු පියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    අනතුරින් තුවාල ලැබු කාන්තාව මේ වනවිට හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

    අනතුරින් මියගොස් ඇත්තේ, බැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ඔල්වින් ඉංද්‍රසිරි නමැති 75 හැවිරිදි වියේ පසුවූ දෙදරු පියෙකි.

    මොරගහේන ප්‍රදේශයේ කර්මාන්තශාලාවක සේවකයින් ප්‍රවාහනය කරන වෑන් රථයක් හොරණ ප්‍රදේශයේ සිට අඟුරුවාතොට ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී අඟුරුවාතොට දෙස සිට සිල් සමාදන්වීම සඳහා ප්‍රදේශයේ විහාරස්ථානයකට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අඹුසැමි යුවළක් හොරණ රෝහල මංසන්ධියෙන් දකුණු පසට හැරීවීමට යාමේදී මෙම අනතුර සිදුව තිබුණි.

    අනතුරින් තුවාල ඇති අතර සිද්ධියෙන් පසු තුවාල ලැබු අඹුසැමි යුවළ හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පිරිමි පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

    අනතුර සිදුවු මොහොතේ වෑන් රථය මියගිය පුද්ගලයා සමග මීටර් 32ක් පමණ ඉදිරියට ඇදී ගොස් ඇති අතර, අනතුරට හේතුව වෑන් රථයේ අධික වේගය බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

    වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.