Author: LFN

කළුතර එගොඩ උයන පොලිසියේ නිලධාරියෙකුට පිරිසක් ඊයේ (04) පහරදීමක් සිදුකර තිබේ. කළුතර නාගොඩ වෙනිවැල්කැටිය ප්‍රදේශයේ සිය නිවෙසේ රැඳීසිටින අවස්ථාවේ කඩු, පොලු සහිතව පැමිණි දස දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙලෙස පොලිස් නිලධාරියාට පහරදී ඇති බවට වාර්තාවේ. පහරකෑමෙන් තුවාල ලද පොලිස් නිලධාරියා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව පෝස්ටර් ප්‍රදර්ශනය කිරීමට අදාළ නිලධාරියා කටයුතු කර ඇති අතර ඉන් කෝපයට පත් පිරිසක් මෙලෙස පහරදී ඇති බව පවසයි.

Read More

ගලේවෙල මකුළුගස්වැව, හීනුගල රක්ෂිතයේ ගැබ්බර මුවදෙනකු ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. පසුගිය 25 වන දින අළුයම් කාලයේදී මකුළුගස්වැව පොලිස් වසමේ වැටකොළුවැව ප්‍රදේශයේදී තිත් මුවෙකු වෙඩි තබා මරණයට පත් කිරීම සම්බන්ධව ගම්වාසීන් විසින් පුද්ගලයින් තිදෙනෙකු අල්ලාගෙන සිටින බවට මකුළුගස්වැව පොලිස් ස්ථානයට ලද පණිවිඩයකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කරන ලදි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ජුලි 26 වන දින දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු 01 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනෙකු ගිරානේගම පොලිස් ස්ථානයට හා මඩාටුගම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී යෙදී සිටි පොලිස්…

Read More

අන්තර්ජාලය ඔස්සේ මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කළ විදේශ ජාතික සැකකරුවන් 08ක් හා සැකකාරියන් 03ක් තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (04) රාත්‍රී කාලයේ තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබුණි. එහිදී පරිගණක හා ජංගම දුරකථන උපයෝගී කර ගනිමින් අන්තර්ජාලය ඔස්සේ මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කළ විදේශ ජාතික සැකකරුවන් 08 දෙනෙකු හා සැකකාරියන් තිදෙනෙකු ජංගම දුරකථන 20ක්, ලැප්ටොප් පරිගණක 03ක් හා ටැබ් යන්ත්‍රයක් සමග අත්අඩංගුවට ගෙන ඇත. සැකකාරියන් අවුරුදු 22, 30 හා 43 යන වයස්වල හා සැකකරුවන් අවුරුදු 25, 26, 27 හා 29 වයස්වල පසුවන ඉන්දීය ජාතිකයින් වේ. තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන…

Read More

ජාතික පොලිස් කොමිශන් සභාවේ අනුමැතියට අනුව ඉහළ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුට්ලර් මහතා සඳහන් කළේය. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් පිරිසකට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

Read More

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව අද (05) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව තිබේ. මෙම සතිය සඳහා පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස්වීමට නියමිත අතර පෙරවරු 11.30 සිට පස්වරු 4 දක්වා අදාළ විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය. යෝජනාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම පස්වරු 4ට පැවැත්වීමට නියමිත අතර එම ඡන්ද විමසීම සඳහා ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට සහභාගී වන ලෙස දැනුම් දී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩක් එනම් මන්ත්‍රීවරුන් 113ක් ඡන්දය ප්‍රකාශ කිරීම මගින් මෙම යෝජනාව සම්මත කර ගැනීමට හැකියාව හිමි වේ. යෝජනාව සම්මත වූ බවට කථානායකවරයා සිදුකරන දැනුම්දීමෙන් පසු ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධුරය සඳහා…

Read More

සංස්කෘතික අරමුදලට අයත් ව්‍යාපෘති වයස අවුරුදු 18ට අඩු දරුවන්ට නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලය විසින් අදාළ යෝජනාවට අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ. දේශීය දරුවන් අතර සංස්කෘතික උරුමයන් පිළිබඳ ඇගයීමක් ඇති කිරීම සහ ජාතික උරුමයන් සහ ස්ථාන පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ. ඒ අනුව සීගිරිය, යාපහුව, දඹුල්ල ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන 26ක් ප්‍රවේශ පත්‍ර රහිතව ළමුන්ට නැරඹීමේ අවස්ථාව හිමිවේ. මෙයට සමගාමීව විදේශීය ළමුන් සඳහා ද සීමිත කොන්දේසී යටතේ අදාළ ස්ථාන සඳහා ඇතුළු වීමේ අවසර පත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇති බව බුද්ධශාසන, ආගමික…

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

‘තමුසෙටත් දරුවෝ ඉන්නවා නේද? අපි මරණ වරෙන්තු අරගෙන ඉන්නේ. පවුල් පිටින් නැති කර දමනවා.‘යැයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පත්මේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාට තර්ජනය කර ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය. කෙහෙල්බද්දර පත්මේ, කමාන්ඩෝ ලසින්ත සහ තරූන් නැමැත්තකු සමූහ දුරකතන සංවාදයක් ඔස්සේ ලින්ටන් ද සිල්වා මහතා සම්බන්ධ කරගෙන මෙසේ තර්ජනය කර ඇති බව පොලිසිය පවසයි. කෙහෙල්බද්දර පත්මේ නැමැත්තාගේ සමීපතමයකු ඉකුත් (3) දා කටුනායක ගුවන්තොටුපොළේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුගෙන් හෙළිකරගත් තොරතුරු මත කෙහෙල්බද්දර පත්මේ නැමැත්තාට අයත් කෙහෙල්බද්දර ප්‍ර දේශයේ පිහිටි හෝටලයකට බස්නාහිර උතුර…

Read More

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා අගෝස්තු මස 18 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. මෙම පැමිණිල්ල අද (04) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය. අල්ලස් කොමිසම අධිකරණය හමුවේ සඳහන් කළේ ඔක්කම්පිටිය, ගාමිණීපුර ප්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව අදාළ සැකකාර පොලීස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බවය. පැමිණිලිකරු විසින් ඔක්කම්පිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන වැලි ව්‍යාපාරය බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට මාසිකව රුපියල් 50,000ක මුදලක් බැගින් ඉල්ලා ඇති බවත් ඉන් රුපියල් 47,000ක මුදලක් ලබාගත් අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගත් බවත් අල්ලස් කොමිසම අධිකරණය හමුවේ සඳහන්…

Read More

කළුතර ප්‍රදේශ රැසකට හෙට (05) දිනයේ පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ හෙට පෙරවරු 10.00 සිට රාත්‍රී 10.00 දක්වා වූ කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවය. කළුතර ජල සම්පාදන ක්‍රමයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය. ඒ අනුව කළුතර දකුණ, කළුතර උතුර, නාගොඩ, වස්කඩුව, පොතුපිටිය, වාද්දූව යන ප්‍රදේශයේ සඳහා ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. ජල සැපයුම අත්හිටුවීමෙන් ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටුව පළකරන බවත් අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසත් ජාතික ජල සම්පාදන සහ…

Read More