Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු 05කින් තරුණයින් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (05) මෙම අනතුර සිදුව තිබුණේ ගලෙන්බිඳුනුවැව, නාල්ල, දොම්පේ, පූගොඩ, කිලිනොච්චිය සහ ඉංගිරිය පොලිස් වසමේවලින්ය. ගලෙන්බිඳුනුවැව පොලිස් වසමේ කැකිරාව – ගලෙන්බිඳුනුවැව මාර්ගයේ යකල්ල ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළි ගොස් අනතුරක් සිදුව ඇත. අනතුරින් පැදිකරු සහ පසුපැදිකරු බරපතළ තුවාල ලබා යකල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනාම මියගොස් ඇති බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, 20 හා 31 වයස්වල පසු වූ ගලෙන්බිඳුනුවැව හා අඟුරුවාතොට ප්‍රදේශවල පදිංචිව සිටි තරුණයින් දෙදෙනෙකි. මේ අතර නාල්ල පොලිස් වසමේ කොළඹ – කුරුණෑගල මාර්ගයේ ඩොනල්වත්තට හැරෙන හංදිය අසලදී…
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් විජේසූරිය මහතා පවසයි. ඔහු සඳහන් කළේ ලබන 11 වෙනිද පෙරවරු 8 ට පෙර සිය ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවය. “ස්ථානමාරු ලැයිස්තුවල ගැටලු සඳහා නිසි මැදිහත් වීමක් සෞඛ්‍ය අමාත්‍යාංශ පාර්ශවයෙන් සිදුවෙන්නේ නැත්නම්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව විදියට අපි තීරණය කරලා තියෙනවා දිවයින පුරා දීප ව්‍යාප්තව වැඩවර්ජනයකට යන්න මෙම ප්‍රශ්නයට විසඳුම් ඉල්ලලා. අපි කල්දුන්නා සෞඛ්‍ය අමාත්‍යාංශයට. අපි දිගින් දිගටම සාකච්ඡා කරලා තියෙනවා. නමුත් මේ නිලධාරීන් ඇස්කන්…
වත්තල හේකිත්ත, අල්විස්වත්ත ප්‍රදේශයේ දී සිදුකළ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (05) දහවල් කාලයේ මෝදර හා වත්තල ප්‍රදේශවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනෙකු මනුෂ්‍ය ඝාතනය සිදු කිරීම සම්බන්ධයෙන් සහ එක් සැකකරුවෙකු මනුෂ්‍ය ඝාතනයට අධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 17, 25 හා 27 වයස්වල පසුවන කොළඹ 15 හා වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන්ය. මෙහිදී සැකකරුවන් සතුව තිබී අපරාධයට යොදා ගත් ජංගම දුරකථන දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත. පසුගිය ජුලි 19 වනදා වත්තල හේකිත්ත, අල්විස්වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබුණි. අදාළ පුද්ගලයාගේ…
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ජනාධිපතිවරයා වෙත යොමුකර තිබේ. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ඊයේ (05) පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් හිමිවූ අතර, යෝජනාවට විරුද්ධව කිසිදු ඡන්දයක් හිමි නොවීය. එහිදී එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටිය පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිණිස වූ යෝජනා සම්මතය වැඩි ඡන්ද 177කින් එනම් නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවෙන් බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් සම්මත…
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් සහ විරුද්ධව කිසිඳු ඡන්දයක් ලැබී නොතිබුණි. එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවයෙකු ඡන්දය දීමෙන් වැළැකී සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩක් එනම් මන්ත්‍රීවරුන් 113ක් ඡන්දය ප්‍රකාශ කිරීම මගින් මෙම යෝජනාව සම්මත කර ගැනීමට හැකියාව පවතී. යෝජනාව සම්මත වූ බවට කථානායකවරයා සිදුකරන දැනුම්දීමෙන් පසු ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධුරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නමක් නිර්දේශ කිරීමට නියමිතය.
ඊශ්‍රායල ජාතිකයින්ට ෆී විසා ලබාදීම පිටුපස විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළ පුටුවල සිටින පුද්ගලයින්ගෙන් රජයට බලපෑම් එල්ල වූ බවට මේ දිනවල පුවතක් වාර්තා වුණි. ඒ සම්බන්ධයෙන් අද (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මැදිහත් වීමෙන් අදාළ රටවල් ලැයිස්තුව සකස් කරනු ලැබුවේ, සංචාරක පැමිණීම සහ ඔවුන් මෙරටට ගෙන එනු ලබන ඩොලර් ආදායම අනුව බවය. “කිසිම රටක් ගැන වෙන කෝණයකින් බලලා නෑ. ඔබ දැක්කොත් මේ අතර විවිධ රටවල් තියෙනවා. මේ රටවල් තෝරාගැනීමේ පදනම වුණේ අපිට ලැබෙන ඩොලර් ආදායමත් එන සංචාරකයින් ප්‍රමාණයත්. බොහොම පැහැදිලියි ඒ ලැයිස්තුවේ රටවල් සම්බන්ධයෙන්.”…
අධිකරණයේ පවතින කාරණයක් සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි නිසා අද විවාදය අවසානයේ ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටින බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. මේක අධිකරණයේ පවතින නඩුවක්.අධිකරණ ඇමතිවරයාත් මේ නඩුව ගැන පූර්ණ විග්‍රහයක් කරනවා.ස්ථාවර නියෝග යටතේ අධිකරණයේ පවතින නඩුවක් ගැන පාර්ලිමේන්තුවේ විවාද කරන්න ක්‍රමවේදයක් තියෙනවා.දැන් ඒ සියල්ල කඩාකප්පල් කරලා.මා මේ කතා කරන්නේ පුද්ගලයෙක් ගෙන නෙමෙයි. ඒ පුද්ගලයා ගැන මේ හැමෝටම තක්සේරුවක් තියෙනවා. හැබැයි මේ සිදුවීම කේන්ද්‍ර කරගෙන විවාද කිරීමෙන් අධිකරණ පද්ධතියට යම් බලපෑමක් වෙනවා නම් එය සාධාරණ නැහැ යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කී
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ සමූහ රක්ෂණාවරණ සීමාව සංශෝධනය කිරීමට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව 2025.10.09 වන දිනෙන් ආරම්භ වීමට නියමිත රක්ෂණ වර්ෂයේ සිට ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වන රක්ෂණාවරණයේ ප්‍රතිලාභ රුපියල් 250,000කට සීමා කර ඇත. එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වර්ෂයක් සඳහා රුපියල් මිලියනයක උපරිම රක්ෂණාවරණයකට යටත්වන අයුරින් සමූහ රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිරීමට 2023.05.15 වන දින කැබිනට් අනුමැතිය හිමිව තිබුණි. ඒ අනුව පසුගිය කාලය තුළ එම රක්ෂණාවරණය සලසා දී ඇත. මෙවර අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් එම රක්ෂණාවරණ සීමාව රුපියල් 250,000 දක්වා අඩුකිරීමට යෝජනා කළේය.
ජාතික ආරක්ෂාවට මේ වනවිට කිසිදු ප්‍රශ්නයක් එල්ල වී නොමැති බව ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පවසයි. චීනය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ආධාර පිරිනැමීමේ නිල උත්සවයට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියේය. පාතාලය කිසිවිටෙකත් ජාතික ආරක්ෂාවට ඍජුව සම්බන්ධ නොවන දෙයක් බවත් එය මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් පාලනය කරමින් තිබෙන බවත් ආරක්ෂක ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. “ජාතික ආරක්ෂාව ප්‍රශ්නයක් නෑ. ඔයාට අද මෙතෙනට එන්න පුළුවන් වුණානේ කිසිම කරදයක් නැතුව. පාතාලය කියන්නේ, ජාතික ආරක්ෂාවට කෙලින්ම සම්බන්ධ දෙයක් නෙමෙයි නේ. ඒක මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් පාලනය කරනවා. ජාතික ආරක්ෂාවට අවශ්‍ය කරන, පොලීසියට අවශ්‍ය කරන සහයෝගය සීමාවන් ඇතුළත අපි ලබාදෙනවා. ජාතික ආරක්ෂාවට…
නීත්‍යානුකූල නොවන ආකාරයෙන් සේවය හැරගොස් සිටි ත්‍රිවිද හමුදා සමාජිකයින් 3,500කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ පසුගිය පෙබරවාරි මස 22 වන සිට අගෝස්තු මස 3 වන දින දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම්වල දී සේවය හැරගොස් සිටි ත්‍රිවිද හමුදා සාමජිකයින් 3,504 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය. අත්අඩංගුවට ගත් පිරිස අතර යුද හමුදා සෙබලුන් 2,937 දෙනෙකු වන බව සඳහන් වේ. ඊට අමතරව නාවික හමුදා සෙබලුන් 289 දෙනෙකු සහ ගුවන් හමුදා සෙබලුන් 278 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංහය සඳහන් කළේය. නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් නොවු ත්‍රිවිද හමුදාව හැරගොස් සිටින සාමාජිකයින් සඳහා හමුදාවට භාරවීමට පසුගිය වසරේ…