Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක අනතුරු කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු මරුට
    Featured

    මාරක අනතුරු කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු මරුට

    By LFNAugust 10, 2025No Comments1 Min Read105 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

    පොලීසිය පැවසුවේ මෙම අනතුරු ඊයේ (09) දිනයේදී සිදුව ඇති බවය.

    ඒ අනුව ඊයේ අලුයම් කාලයේදී මැදවච්චිය පොලිස් වසමේ කැබිතිගොල්ලෑව මැදවච්චිය මාර්ගයේ දෙවන කිලෝමීටර් කණුව අසලදී මැදවච්චිය දෙසට ධාවනය වූ රථයක් මාර්ගය අයිනේ ගමන් කළ පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබේ.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇත.

    මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 39ක් වූ මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    එමෙන්ම බටපොල පොලිස් වසමේ උඩුවිල ඇත්කඳුර මාර්ගයේ දොරල හන්දිය අසලදී ඇත්කඳුර දෙස සිට දොරල දෙසට ධාවනය වූ පා පැදියක් මාර්ගයේ නඩත්තු කටයුතු කරමින් සිටි ගල් රෝලක ගැටී අනතුරක් සිදුව තිබේ.

    අනතුරින් පා පැදිකරු බරපතළ තුවාල ලබා උඩුවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.

    මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 61ක් වූ බටපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    තවද වරකාපොල පොලිස් වසමේ කොළඹ මහනුවර මාර්ගයේ මාහේනපාත හන්දිය අසලදී කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගය හරහා ගමන් ගත් පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබේ.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික පුද්ගලයා වරකාපොල රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇත.

    මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 83ක් වූ තෝලන්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    පොලීසිය පැවසුවේ අනතුර සිදුකළ මෝටර් රථ රියදුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් වරකාපොල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බවත්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.