Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහජන ආරක්ෂක ඇමති ලේකම් ලෙස වෙස්ගෙන මහරගම පොලීසියට ඇමතුම් දුන් අයෙක් අල්ලයි
    Featured

    මහජන ආරක්ෂක ඇමති ලේකම් ලෙස වෙස්ගෙන මහරගම පොලීසියට ඇමතුම් දුන් අයෙක් අල්ලයි

    By LFNAugust 10, 2025No Comments1 Min Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ලේකම්වරයෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් මහරගම පොලීසිය වෙත ඇමතුම් ලබා දුන් අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය පැවසුවේ සැකකරු විසින් හොරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලීසියෙන් නිදහස් කර ගැනීම සඳහා මෙලෙස ඇමතුම් ලබා දී ඇති බවය.

    අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් මේ වන විට නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් මේ සම්බන්ධව විශේෂ විමර්ශනයක්ද මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.

    මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ අමාත්‍යවරයා හෝ අමාත්‍යවරයාගේ කාර්යමණ්ඩලයේ හෝ කිසිදු අයෙක් ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකරනු ලබන අත්අඩංගුවට ගැනීම් හෝ කිසිදු ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් අයුතු බලපෑමක් හෝ අයුතු මැදිහත් වීමක් සිදු නොකරන බවය.

    එමෙන්ම මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීම සඳහාත් රට තුළ නීතියේ හා විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම සඳහාත් විශේෂ මැදිහත්වීමක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් මේ වන විටත් සිදුකරමින් පවතින බවද එම නිවේදනයේ සඳහන් වේ.

    ඒ අනුව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයාගේ නමින් හෝ අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ යැයි පෙනී සිටිමින් යම් පුද්ගලයෙකු අනීතික ක්‍රියාකාරකම්වල යෙදෙන්නේ නම් හෝ පොලීසිය ඇතුලු ආයතනවලට අයුතු බලපෑමක් සිදු කරන්නේ නම් අමාත්‍යාංශය දැනුවත් කරන ලෙසද මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක්ද සිදු කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.