Author: LFN

මහරගම, නාවින්න ප්‍රදේශයේදී ඊයේ (6) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ. ස්කූටරයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කර ඇත.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ප.ව. 1න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද (07) දින රැස්වීමට නියමිතව තිබේ. කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1.30ට ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිතයි. මේ අතර පොලිස්පති ධුරයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ඉවත් කිරීමේ ලිපිය ඊයේ (06) දිනයේ ඒ මහතා වෙත භාරදෙනු ලැබීය. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරින් විසින් අදාළ ලිපිය ඔහුගේ නිවස වෙත ගොස් එම භාරදුන් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරියෙකු සඳහන් කළේය. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වු යෝජනාව පසුගියදා පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. එම යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් ලැබුණු අතර විපක්ෂව කිසිදු ඡන්දයක් හිමි වුයේ නැත. කෙසේවෙතත් රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා පමණක් යෝජනාවට ඡන්දය ලබාදීමෙන් වැළකි සිටියේය. ඒ…

Read More

අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ චෝදනාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ඇප මත මුදාහැර තිබේ. ඒ අනුව මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඔහු ඇප මත මුදාහැර ඇති බව වාර්තා වේ. සංවිධානාත්මක අපරාධකරුවෙකු මරණ තර්ජනය කළ බවට අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රාගම ප්‍රදේශයේ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ප්‍රියන්ත ජයකොඩි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පසුගිය ජුලි 28 වන දින අත්අඩංගුවට ගනු ලැබීය. ඒ අනුව අදාළ රෝහල වෙත පැමිණි මහර මහෙස්ත්‍රාත්වරයා සැකකරු ඊයේ (06) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. විදේශ රටක සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා තමාට…

Read More

අගෝස්තු මස 3 වනදා සිට විදේශිකයින්ට තවකාලික රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ආරම්භ කළ කවුළුව මඟින් මේවන විට විදේශිකයින් 120 දෙනෙකුට බලපත්‍ර ලබා දී ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසයි. ඔහු පැවසුවේ බර වාහන රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා විදේශිකයින්ගෙන් දැඩි ඉල්ලුමක් පැවතින අතර එලෙස එම බලපත්‍ර නිකුත් කිරීමක් සිදුනොවන බවය. “අපි සංචාරක ප්‍රවාර්ධනය සඳහා සහ සංචාරකයින් අපහසුතාවයට පත්වීම වැළැක්වීමට වෙනත් රටවල තියෙනවා වගේම ලංකාවේත් කටුනායක ගුවන්තොටුපොළේ කවුළුවක් විවෘත කරා අගෝස්තු මාසයේ 3 වෙනිදා සිට තාවකාලික බලපත්‍ර ලබාදීම සඳහා. එය පැය 24 පුරාම විවෘතයි. සමහර බලපත්‍ර ඉල්ලුවට අපිට ලබාදෙන්න බෑ. විශේෂයෙන්ම ත්‍රිවිල් සහ…

Read More

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු රක්වාන මැදගංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ උඩවලව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවය. සැකකරු සතුව තිබී කෝඩයිට් කිලෝ ග්‍රෑම් 3කට ආසන්න ප්‍රමාණයක්, ඇමෝනියෝ කිලෝ ග්‍රෑම් 9කට අධික ප්‍රමාණයක්, වොටර් ජෙල් කුරූ 15ක්, ඩෙටනේටර් 28ක්, සහ සේවා නූල් අඩි 22ක් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ 78 හැවිරිදි රක්වාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Read More

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අරලග සමයේ ගිනි තැබූ රජයේ ඉඩමක ඉදිකර තිබූ නිවසකට අදාළව වෙනත් පුද්ගලයෙකු හරහා වන්දි ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. අරගල සමයේ ගිනි තැබූ සෙවනගල – කිරිඉබ්බන්ආර ප්‍රදේශයේ රජයේ ඉඩමකට අදාළව වෙනත් පුද්ගලයෙකු හරහා රජයේ වන්දි මුදල් ලබාගැනීමේ සිදුවීමකට අදාළව හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද (06) පෙරවරුවේ එලෙස අත්අඩංගුවට ගනු ලැබීය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේදීය. අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන…

Read More

වත්මන් ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත්කරන්නේ පළිගැනීමේ චේතනාවෙන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (05) පස්වරුවේ කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, “අපිට තිබුණේ ජනතාව දුන්න වරප්‍රසාද ඊට වඩා ලොකු දෙයක් නැහැ අපිට. ඒක තිබෙන තාක්කල් ඕනේ වරප්‍රසාදයක් ඉවත් කළාට ප්‍රශ්නයක් නැහැ.” ප්‍රශනය – දැන් මෙහෙම වුණොත් විජේරාමේ අත්හැරලා ඔබතුමාට මැදමුලනට යන්න වෙයිද ? “විජේරාමෙට වඩා ඉතාම හොඳයිනේ මැදමුලන.” ප්‍රශනය – ඔබ හිතන විදිහට ආණ්ඩුව එහෙම දෙයක් කරන්නේ මොනවගේ පරමාර්ථයකින්ද ? “පළිගන්න…”

Read More

විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කෙහෙල්බද්දර පද්මේ විසින් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාට මරණීය තර්ජන එල්ල කලේ යැයි කියන සිද්ධිය පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය ඊයේ (05) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දුනි. එහිදී පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පුද්ගලයින් තුන්දෙනෙකුගේ දුරකථන විස්තර වාර්තා කැඳවන ලෙස නියම කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බස්නාහිර උතුර කොට්ඨාශයේ නිලධාරීන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය. එම පොලිස් නිලධාරීන් විසින් මෙම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද…

Read More

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටීමට සූදානම් බව පසුගියදා අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය වන හේමාලි විජේරත්න විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ. සමාව ඉල්ලා සිටීමෙන් නොනැවතී එසේ සමාව ගත් බවට දැන්වීම් පළ කිරීමට සූදානම් බව එම සැකකාරිය විසින් සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන් අතර තමන්ට එරෙහිව පවතින විමර්ශනය සමථයට පත් කොට සිය අනාගතය සකස් කරගැනීමට ඉඩ දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා ඇත. අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින සැකකාර…

Read More