Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
පාසල් සමබන්ධව ලැබෙන පැමිණිලි නිවැරදිව හා කාර්යක්ෂමව විමර්ශනය කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ විමර්ශන අංශය අවශ්‍ය නිලධාරීන්ගේ පුරප්පාඩු සම්පූර්ණ කර ශක්තිමත් කරන ලෙසත්, පවතින විමර්ශන කඩිනම් කරන ලෙසත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක එකෙහි ඊයේ (06) පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ පාර්ලිමේන්තු උපදේශන කාරක සභාවේ සභාපතිනිය ලෙස මතු වූ ගැටලුවලට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය. දසවැනි පාර්ලිමේන්තුව විසින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් පත් කළ පාර්ලිමේන්තු උපදේශන කාරක සභාවේ තෙවන වර රැස්වීම පාර්ලිමේන්තුවේදී ඊයේ පැවත්විණි. එහිදී අධ්‍යාපන…
අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කිසිදු අවසන් එකඟතාවයක් ගෙන නොමැති බවත් ඒ සඳහා ගිවිසුමකට එළැඹ නොමැති බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි. එමෙන්ම අමෙරිකාව, ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත පැනවූ අනෝන්‍ය තීරු බදු ප්‍රතිශතය සියයට 20 දක්වා අඩුකර ගැනීමට සමත් වූ බවත් එය ඉදිරියේදී තවදුරටත් අඩුකරගැනීමට සාකච්ඡා කරමින් සිටින බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අතරතුර පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා සභාව අමතමින් මේ බව කියා සිටියේය. මෙතෙක් පැවති සාච්ඡාවලදී යම් යම් එකඟතාවයන්ට පැමිණ ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මෙලෙස බදු ප්‍රතිශතය 20% දක්වා අඩුකර ගැනීමට හැකිවූ බවද සඳහන් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙලෙස…
පවතින ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් ග්‍රාමීය හා දිස්ත්‍රික් රෝහල් විශාල ප්‍රමාණයක් වැහිලා යාමට ලක්වෙමින් පවතින බවත් ජනතාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ලබාදීම අභියෝගයකට පත් වී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. වෛද්‍ය සේවයේ සහ ක්ෂේත්‍රයේ පවතින තවත් ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් කරුණු දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා ඇත්තේ මෙම ගැටලු සඳහා නිසා විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේ දී වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවය. වෛද්‍යවරුන් හා වෘත්තිය සමිති මේ සම්බන්ධයෙන් විරෝධතාවයක් පවත්වාගෙන යන අතර, පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දිවයින පුරා ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කිරීමේ තීරණයක් ගත් බව එම නිවේදනයේ සඳහන් වේ. මෙම වර්ජනය එළඹෙන සඳුදා (11) උදෑසන 8ට ආරම්භ විය හැකි බවත්, හදිසි…
ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ඒ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසිනි. කෙසේ වෙතත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු දින ගණන සම්පූර්ණ නොවීම හේතුවෙන් අද (07) දිනයේදි මෙය ඉදිරිපත් කළ නොහැකි බවට විපක්ෂයෙන් පෙන්වා දීමත් සමඟ විවාදාත්මක තත්ත්වයක් හටගත්තේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15ක මුදලක් සමාගමක ආයෝජනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල යළි ලබන ජනවාරි මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. මෙම පැමිණිල්ල අද (07) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මෙම විමර්ශනයට අදාළ නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවය. ඒ අනුව පැමිණිල්ල යළි ජනවාරි මස 29 වෙනිදා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය නීතිපති උපදෙස් සම්බන්ධයෙන් සිහිකැඳවීම් යොමු කිරීමටත්…
තෙදින නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය දිවයිනට පැමිණ තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ඔඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය ඊයේ (06) දිනයේ දිවයිනට පැමිණි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. දිවයිනට පැමිණි අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් ඇතුළු දූත පිරිස අමාත්‍ය විජිත හේරත් මහතා විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහිදී පිළිගනු ලැබීය. මෙම සංචාරයේදී සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය. එහිදී ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවතින සහයෝගීතා ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ සාකච්ඡා…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය යටතේ මෙරටට පනවා ඇති නව තීරුබදු අද (07) සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව අමෙරිකාව විසින් මෙරටින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා සියයට 20ක තීරුබද්දක් අද සිට අයකරනු ඇති. අමෙරිකාව භාන්ඩ ආනයනය කරනු ලබන රටවල් සඳහා නව තීරුබදු හඳුන්වාදුන් අතර එහිදි ශ්‍රී ලංකාවට සියයට 44ක තීරු බදු ප්‍රතිශතයක් පනවා තිබුණි. එම බදු ප්‍රතිශතය ක්‍රියාත්මක වුවහොත් එය මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බැවින් ඉන් සහනයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය අමෙරිකානු බලධාරීන් සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වනු ලැබීය. එම සාකච්ඡාවලින් සියයට 24ක ඉහළ තීරුබදු ප්‍රතිශතයක් අඩු කරගැනීමට මෙරට නියෝජිතයින් සමත් වීමත් සමග ශ්‍රී ලංකාව…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ බව කියන ‘සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය’ සඳහා ශ්‍රී ලංකා රජයේ කිසිදු මුදලක් වැයකර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය. එමෙන්ම එම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන දහස් ගණනක ආදායමක් ලැබී ඇති බව ද අග්‍රාමාත්‍යවරිය ඊයේ (6) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා ය. ඇය මෙම අදහස් පළකළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, “2011/2012 කාලයේදී Supreme Global ආයතනයට අනුබද්ධිත Supreme Sat සමාගම විසින් දියත්කළ සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ආයෝජනය කර ඇති මුදල පිළිබඳව අහල තියෙන ප්‍රශ්නය අනුව…
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කර තිබුණි. මහවැලි අධිකාරියට අයත් සෙවනගල, කිරිඉබ්බන් වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවරසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ල ඇතුළු දේපොළ කිහිපයක් 2022.05.09 වන දින පැවති ජනතා අරගලයේ දී හානියට පත්ව ඇත. එම දේපොළ සඳහා වන්දි ගෙවීමේ දී එය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු දේපොළක් බවට හඳුනාගෙන අදාළ වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබිය දී ඊට පටහැනිව…
සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන තිළිණ සම්පත් හෙවත් ‘වලස් කටා’ නමැත්තා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කරන කෙහෙල්බද්දර පද්මේගේ සමීපතම ගෝලයාවන ‘පස් දේවා’ (ගම්පහ දේවා) නම් පුද්ගලයාගෙන් හෙළිකරත් තොරතුරුවලට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. ‘වලස් කටා’ සීදුව ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී සිදුකළ පරීක්ෂා කිරීමේදී මෝටර් රථයේ සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 550ක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ. ඔහු ද ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්ය. සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේ දී කොමන්ඩෝ සලින්ත හා කෙහෙල්බද්දර පද්මේ සමග සමීප සබඳතා පවත්වා ඇති බවට අනාවරණ…