Close Menu
Lanka Focus News
    What's Hot

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඉන්දියාවේ ගංවතුර තත්ත්වයෙන් ළමුන් 5 දෙනෙකු ඇතුළු 7 දෙනෙක් ජීවිතක්ෂයට
    International

    ඉන්දියාවේ ගංවතුර තත්ත්වයෙන් ළමුන් 5 දෙනෙකු ඇතුළු 7 දෙනෙක් ජීවිතක්ෂයට

    By LFNAugust 17, 2025No Comments1 Min Read6 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් කුඩා ළමුන් පස් දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

    ජම්මු හා කාශ්මීරයේ කතුවා නම් දිස්ත්‍රික්කයේ ඊයේ (16) සහ අද දිනයේදී මෙම ආපදාව සිදුව ඇති අතර වලාකුළු පිපිරීම් හේතුවෙන් ඇති වූ අධික වර්ශාවත් සමග නායයාම් හේතුවෙන් මෙම මරණ සිදුව ඇත.

    එමෙන්ම මෙම ආපදාවෙන් පුද්ගලයින් පස් දෙනෙකුද තුවාල ලබා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

    මේ අතර එරට කාලගුණ බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ දිස්ත්‍රික්කය පුරා අධික වර්ෂාපතනයක් ඇදැ හැලෙනු ඇති බවත් සිදුවිය හැකි ආපදාවන්වලින් ආරක්ෂා වන ලෙසත්ය.

    එමෙන්ම ගංගා, ඇළදොළ, සහ අනෙකුත් ජල මූලාශ්‍ර ආශ්‍රිතව සිටීමෙන් වළකින ලෙසත් කඳුකර සහ නායයෑම් සහ අනෙකුත් අවදානම් සහිත ප්‍රදේශවලින් වැළකී සිටින ලෙසත් එරට මහජනතාවට අනතුරු අඟවාද තිබේ.

    මේ අතර පසුගිය 14 වැනි දින ජම්බු හා කාශ්මීරයේ කිෂ්ට්වාර් ප්‍රදේශයට බලපෑ වළාකුළු පිපිරීමේන් ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් මිය ගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලැබීය.

    මචයිල් මාතා කෝවිලට වාර්ෂික වන්දනා ගමන සඳහා විශාල පිරිසක් චිසෝට් හී රැස්ව සිටියදී මෙය සිදුව ඇති අතර අවම වශයෙන් සිද්ධියෙන් පුද්ගලයින් 82කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇතැයිද වාර්තා විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 202603 Views

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බවට සදහන් කරමින් සමාජ…

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.