Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ නිමාව සනිටුහන් කරමින් සිදු කරන චාරිත්‍රය වන දිය කැපීමේ චාරිත්‍රය අද (9) පෙරවරුවේ සුබ නැකැතින් ගැටඹේ මහවැලි ගංතොටදී සිදු කළේය. අවසන් රන්දෝලි මහා පෙරහර නිමා වී සධාතුක කරඬුව අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැන්පත් කර සිව්මහා දේවාලයන්හි පෙරහර සමග ගැටඹේ මහවැලි ගං තොටදී මෙම දිය කැපීමේ චාරිත්‍රය ඉටුකරනු ලැබීය. දියවඩන නිලමේ ප්‍රධාන සිව්මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් විසින් සම්ප්‍රදානුකූලව පෙරහැර සංදේශය ජනාධිපතිවරයාට පිළිගැන්වීමෙන් පසු මෙවර ඇසළ මහ පෙරහර මංගල්‍ය නිල වශයෙන් නිමාවට පත්වේ.
2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (10) පැවැත්වෙයි. ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණි. එහිදී අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ, “පෙරවරු 9:30ට තමයි විභාගය ආරම්භ වෙන්නේ. නමුත් සියලුම දරුවන් තමන්ට හිමි විභාග මධ්‍යස්ථානයට පෙරවරු 8:30 වෙනවිට යන්න ඕනේ. පෙරවරු 9 වනවිට විභාග ශාලාවේ දරුවන් අසුන් ගත යුතුයි.” “දෙවෙනි ප්‍රශ්න පත්‍රය මුලින්ම දරුවන්ට ලබාදෙනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රය ආරම්භ වන්නේ පෙරවරු 9:30ට. අවසන් වෙන්නේ 10:45ට.” “ඉන් අනතුරුව පැය භාගයක විවේක කාලයක් තිබෙනවා.” “පළමු ප්‍රශ්න පත්‍රය ආරම්භ වන්නේ පෙරවරු 11:15ට. මේ ප්‍රශ්න පත්‍රයට පැයක කාලයක් තියෙනවා. ඒ අනුව…
රුසියා – යුක්රේන යුද්ධය ගැන සාකච්ඡා කිරීම සඳහා තමන් එළැඹෙන අගෝස්තු 15 වනදා රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පුටින් හමුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් තහවුරු කර තිබේ. මෙම හමුව ඇලස්කාවේදී සිදුකිරීමට තීරණය කර ඇති අතර, දෙරටේ නායකයින් හමුවන ස්ථානය පිළිබඳ මෙතෙක් නිශ්චිතව සඳහන් කරන නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙලෙස ට්‍රම්ප් හා පුටීන් එක්සත් ජනපද භූමියකදී මුහුණට මුහුණ සාකච්ඡාවක් සිදුකරන්නේ වසර 6කට පමණ පසුව වන අතර, අවසන්වරට ඔවුන් 2019 වසරේ දී හමු වී ඇත. යුක්රේනය සමග සටන් විරාමයකට එකඟවීමට වැලැද්මීර් පුටින් පසුගියදා එකඟතාව පලකර තිබුණි. එමෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ දෙරට අතර අත්සන් කිරිමට යෝජිත ගිවිසුමේ භූමි…
ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර සාකච්ඡාවක් අගරදගුරු නිල නිවසේ දී පැවැත්විණි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරිය විසින් කාදිනල් හිමිපාණන් දැනුවත් කර ඇත. ඊයේ පස්වරුවේ පැවති එම හමුවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, නාලක කලුවැව මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ. කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, විදුලි කාර්මික ක්ෂේත්‍රය, වාහන අලුත් වැඩියාව වැනි වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රවල වටිනාකම පැහැදිලි කරමින් එම ක්ෂේත්‍රවල විශේෂඥයින් බිහිකිරීමේ අඩිතාලම නව ප්‍රතිසංස්කරණ යටතේ පාසල තුළම නිර්මාණය කරන ආකාරය පිළිබඳව මෙහිදී අගරදගුරුතුමන් සිය විශේෂ අවධානය යොමු කර තිබේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, ”අපි මුහුණදෙන ප්‍රධාන ගැටලු දෙකක් තිබෙනවා, එකක් තමයි ළමයින් පාසල් පද්ධතියෙන් ඉවත්වීම,…
අද (9) බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හැරෙන්න දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව ද එම දෙපාර්තමේන්තුව දන්වා සිටී.
හෝටලයක පිහිනුම් තටාකයක ගිලී දරුවෙකු මියගොස් තිබේ. ඕපනායක පොලීසිය සඳහන් කළේ ඊයේ (08) සවස මෙම අවාසනාවන්ත සිද්ධිය වාර්තා වූ බවය. මියගොස් ඇත්තේ වයස අවුරුදු 12ක් වූ ඉඹුල්තැන්න ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙකි. මෙම දරුවා දෙමාපියන් සමඟ හෝටලයට පැමිණ ඇති අතර මිතුරන් සමඟ පිහිනුම් තටාකයේ ජල ක්‍රීඩා කරමින් සිටින අතරතුර මෙලෙස දියේ ගිලී මියගොස් ඇති බව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් ඕපනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
කොළඹ වරාය බහාලුම් අංගනයේදී බහාලුමක් ප්‍රයිම් මූවර් රථය මතට වැටීමෙන් සිදුවූ අනතුරකින් ප්‍රයිම් මූවර් රථයේ සිටි රියදුරු මියගොස් තිබේ. කොළඹ වරාය බහාලුම් අංගනයේදී ප්‍රයිම් මූවර් රථයකට බහාලුමක් පැටවීමට යාමේදී එම බහාලුම තවත් බහාලුමක ගැටී එය මෙලෙස ප්‍රයිම් මූවර් රථය මතට වැටී තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ (08) සිදුවූ මෙම අනතුරින් ප්‍රයිම් මූවර් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවය. මරණකරු වයස අවුරුදු 36ක් වූ දැදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බහාලුම පැටවීම සිදු කරමින් සිටි යන්ත්‍ර ක්‍රියාකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මිනුවන්ගොඩ පොලිස් වසමේ උන්නාරුව ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 01යි ග්‍රෑම් 66ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 308ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ඊයේ (08) සවස් කාලයේදී පොලිස් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීය. මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන වයස අවුරුදු 37ක් වන සැකකරු මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
අලුත්ගම ප්‍රදේශයේදී දුම්රිය හරස් මාර්ගයකදී කුඩා වෑන් රථයක් දුම්රියක ගැටී අද (9) පෙරවරුවේ අනතුරක් සිදුවී තිබේ. අලුත්ගම දුම්රිය ස්ථානය අසල සීලානන්ද පාර ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී මෙම අනතුර සිදුවී ඇත. වෑන් රථය පදවා ඇත්තේ කාන්තාවක් වන අතර, ඇය තුවාල ලබා රෝහල්ගත කර තිබේ. කුඩා වෑන් රථය ගැටී ඇත්තේ මරදානේ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක බවද වාර්තා වෙයි.
මෙතෙක් අපරාධ සදහා යොමු නොවූ තරුණ පිරිස් එවැනි ක්‍රියා සදහා යොමු වීමේ ප්‍රවණතාවක් වර්තමානයේ නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස විද්‍යාලයේ බාහිර කථිකාචාර්යය, අපරාධ විද්‍යා විශේෂඥ D.M.S ධම්මික බණ්ඩාර මහතා පවසයි. පසුගිය කාලය තුළ සිදුවූ වෙඩි තැබීම් හා මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණවලදී මේ පිලිබදව අනාරණයවී ඇති අතර මසකට තරුණයින් 40දෙනෙකු පමණ අළුතින්ම අපරාධ සදහා යොමුවන බව ධම්මික බණ්ඩාර මහතා පැවසීය. එමෙන්ම රට තුළ සිදුවන අපරාධ පිළිබදව ජාත්‍යන්තරය සමඟ සැසදීමේදී එය යම් මට්ටමක ඉහළ යාමක් පෙන්නුම් කරන බවද අපරාධ විද්‍යා විශේෂඥ D.M.S ධම්මික බණ්ඩාර මහතා වැඩිදුරටත් සදහන් කළේය. “මෙම මාස කිහිපය ඇතුළතදී අලුතින් අපරාධකරුවන් වීමේ ප්‍රවනතාවයක් 40-50ත් අතර…