Author: LFN

නව දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස පත් කළ රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණි නිලධාරීයෙකු වන ඒ මහතා මීට පෙර මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ සේවය කළේය. දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස මෙතෙක් කටයුතු කළ ධම්මික ජයසුන්දර මහතා එම තනතුරින් ඉවත් කිරීමට පසුගියදා පියවර ගෙන තිබුණි. ඔහුව ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ විශේෂ ශ්‍රේණියේ සුදුසු තනතුරකට පත් කිරීමට නියමිතය.

Read More

රාජ්‍ය හා පෞද්ගලික බස්රථවල ගමන් කරන මඟින්ගේ ආරක්ෂාව සඳහා කෘත්‍රීම බුද්ධිය යොදා ගනිමින් නව තාක්ෂණික ක්‍රමවේදයක් යොදා ගන්නා බව බිමල් රත්නායක අමාත්‍යවරයා පවසයි. කතරගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ, මුල් අදියර යටතේ අදාළ තාක්ෂණික යන්ත්‍ර 40ක් බස්රථවල සවිකිරීමට නියමිත බවය. “AI තාක්ෂණය භාවිත කරලා රියදුරන්ට විඩාව එනවා නම්, නිදිමතයි නම්, ඒ අයගේ ඇස් පියවෙනවා නම් සහ රියදුරු රැකියාව කරන අතරතුර නොකළ යුතු වෙනත් දේවල් කරනවා නම්, ඒවා පිළිබඳව AIවලින්ම රියදුරු මහත්තරුන්ට සිස්ටම් එකෙන් මතක් කරනවා. ලංකාවේ මේ වගේ සමාගම් අවුරුදු ගානක් පුරා භාවිත කරලා තියෙනවා. නමුත් ලංකාවේ පොදු ප්‍රවාහනයට විශේෂයෙන්ම ලංගම සහ පෞද්ගලික බස්වල මිලියන ගණන් ජනතාව ගෙනියන…

Read More

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ඔරුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පියපුතු දෙපොළක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (11) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පිරිසක් පොළොන්නරුව ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසකට ගොස් ඇති අතර එහිදී ඔවුන් ඔරුවක නැගී පරාක්‍රම සමුද්‍රයේ දියනෑමට ගොස් ඇති බව සඳහන්ය. එහිදී ඔරුව පෙරළී ගොස් ඇති අතර එම අවස්ථාවේ ඔරුව තුළ පුද්ගලයින් 9 දෙනෙකු ගමන් කර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත. අනතුරින් මියගොස් ඇත්තේ 63 හැවිරිදි පුද්ගලයෙකු සහ 38 හැවිරිදි පුත්‍රයා වන අතර ඔවුන් වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්ය. මියගිය පුද්ගලයින්ගේ මළසිරුරු පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ…

Read More

දක්ෂීණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට ධාවනය වූ ලොරියක් කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේදී ආරක්ෂිත වැටක ගැටී අනතුරකට ලක්ව තිබේ. අනතුරින් ලොරි රථයක ගිනි ගැනීමට ලක්ව ඇති බවද වාර්තා වේ. තවද අනතුරින් තිදෙනෙකු තුවාල ලබා ඇතැයිද ඔවුන් ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමටත් පියවර ගෙන තිබේ.

Read More

මඩකලපුව – කරුප්පන්කර්නි ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 20ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1ක් අයිස් ග්‍රෑම් 50ක් සහ හෙරොයින් ග්‍රෑම් 25ක් පොලීසිය සිය භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් කාන්තාව 35 හැවිරිදි වියේ පසුවන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 24ක සහ 34ක පුද්ගලයින් වන බව පොලීසිය පැවසුවේය. මෙම සැකකරුවන් කලක පටන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව ඇති බවත් අත්අඩංගුවට ගත් කාන්තාවගේ සැමියා ද එම චෝදනා මත දැනට බන්ධනාගාරගතව සිටින බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මඩකලපුව මූලස්ථාන පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read More

අම්බර් තොගයක් (තල්මසුන්ගේ වමනය) සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු දිවුලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දිවුලපිටිය පොලීසියට ලද තොරතුරක් මත දිවුලපිටිය – මීගමුව මාර්ගයේ බෝමුගම්මන ප්‍රදේශයේ ඊයේ (10) උදෑසන සිදුකළ වැටලීමකින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. මෙහිදී අලෙවි කිරීමට සුදානම් කර තිබූ අම්බර් කිලෝ 01 ග්‍රෑම් 200ක් ප්‍රමාණයක් සැකකරු සන්තකයේ තිබී පොලීසිය විසින් සොයාගෙන තිබේ. එම තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධික බව පොලීසිය සඳහන් කළේය. සැකකරු අවුරුදු 44ක් වන වතුරුගම, කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය. මේ සම්බන්ධයෙන් දිවුලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read More

බොරැල්ල සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් බොරැල්ල සහ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24, 25 සහ 40 වියේ පසුවන්නන් බව පොලීසිය පැවසීය. මෙම වෙඩිතැබීමට ආධාර අනුබල දුන් සැකකරුවකු පොලීසිය විසින් මීට පෙර ද අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහු මේ වනවිට දින තුනක රැදවුම් නියෝග ගෙන ප්‍රශ්න කරමින් සිටියි. පසුගිය 7වනදා රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබූ අතර, එහිදී තුවාල ලැබූ පස් දෙනෙකු රෝහල්ගත කළේය. කෙසේ නමුත් ඉන් දෙදෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලේ…

Read More

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් සහ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ මගින් දිවයින පුරා සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුම් මාලාවේ තවත් අදියරක් ඊයේ (09) දිනයේදී ද සිදුකර තිබේ. එහිදී සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදී පොලීසිය විසින් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව ඊයේ දිනයේදී පුද්ගලයින් 25,503 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී අපරාධවලට සෘජුව සම්බන්ධ බවට පුද්ගලයින් 29 දෙනෙකු හඳුනාගෙන තිබේ. තවද සැකපිට පුද්ගලයින් 704 දෙනෙකුද, වරෙන්තුකරුවන් 203 දෙනෙකුද පොලීසිය විසින් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම ඊයේ මෙහෙයුම් මාලාව තුළදී බීමත් රියදුරන් 100 දෙනෙකුත් අත්අඩංගුවට ගෙන ඇති අතර වෙනත්…

Read More

මෙරට ඇති යෞවන සමාජ දේශපාලනයට යෙදා නොගන්නා බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. යෞවන සමාජ දේශපාලනීකරණය වීම සම්බන්ධව සහ යෞවන සමාජ අතර මතුව ඇති අර්බුද සම්බන්ධව අද (10) විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය. එහිදී හිටපු ජනාධිපතිවරයා යෝජනා කරනුයේ අමාත්‍යවරයාට හිටපු නිලධාරීන් සමග මෙන්ම දැනට පත්ව ඇති නිලධාරීන් සමගද සාකච්ඡා කර දෙපාර්ශ්වයටම සෑහිමකට පත්විය හැකි විසඳුමක් ලබා දිය යුතු බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා, “ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ ඉල්ලීමකට අනුව මීට වසර හතළිහකට පමණ පෙර මම යෞවන සමාජ ආරම්භ කළා. ගමේ යෞවන යෞවනියන්ට එක් රැස්වන ස්ථානයක් විනෝදාංශයට, කලාවට, මෙන්ම වෙනත් වැඩ කටයුතු…

Read More

ඩුබායි රාජ්‍යයේ සැඟව සිට කළුතර හා අවට ප්‍රදේශ රැසකටම ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරම් කළ ප්‍රධාන සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකුගේ ගෝලයෙකු ලක්ෂ 15ක් පමණ වටිනා හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර අපරාධ කොට්ඨාසයට අනුබද්ධ බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. මොහු ඊසි කෑෂ් ක්‍රමය යොදා ගනිමින් කළුතර, මතුගම ,පානදුර ,පයාගල, බේරුවල, මතුගම ආදි ප්‍රදේශ රැසකටම තොග වශයෙන් හෙරොයින් බෙදා හැරීම සිදු කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 41ක් වන කළුතර පළාතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු ගමන් කළ ත්‍රිරෝද රථයද, එම ජාවාරම මෙහෙයවීම සඳහා භාවිත කළ ජංගම දුරකථනය ද කළුතර…

Read More