Author: LFN
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
උතුරු කොරියාව නව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් අත්හදා බැලූ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ. උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ අධීක්ෂණය යටතේ මෙම නව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය අත්හදා බලා ඇත. එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම අවි සඳහා උසස් සටන් හැකියාවක් ඇති අද්විතීය තාක්ෂණයක් භාවිත කර ඇති බවය. මෙම නව ගුවන් ආරක්ෂක මිසයිල අවි පද්ධතිවලට ප්‍රහාරක ඩ්‍රෝන යානා සහ කෲස් මිසයිල වැනි විවිධ ගුවන් ඉලක්ක වෙත වේගයෙන් ප්‍රතිචාර දැක්වීමේ උසස් සටන් හැකියාවක් ඇති බවත් ඒවායේ ක්‍රියාකාරිත්වය සහ ප්‍රතික්‍රියා මාදිලිය අද්විතීය හා විශේෂ තාක්‍ෂණය මත පදනම් වී ඇති බවත් තක්සේරු කර ඇතැයි ද එම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා…
වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සහ විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (24) පැවැත්වීමට නියමිතව තිබේ. අද පෙරවරු 9ට එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර ඒ සදහා වර්ජනයේ නිරත සියලු තැපැල් වෘත්තීය සමිතිවල නියෝජිතයින් කැඳවා ඇති බවද වාර්තා වේ. විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති ඇතුළු සංගම් කිහිපයක් ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් පසුගිය 17වනදා ආරම්භ කළ වර්ජනය අද 07වන දිනටත් ක්‍රියාත්මක වේ. වර්ජනය ආරම්භ කිරීමත් සමග දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාලවල තැපැල් සේවා කටයුතු අඩාල වී ඇති අතර තැපැල් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි දුෂ්කරතාවටද පත්විය. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අද දිනයේ අමාත්‍යවරයා සමග…
බොරලැස්ගමුව මාලනී බුලත් සිංහල මාවතේදී අද (24) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ අද අලුයම 12.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය. සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි ගිහාන් දුලාන් පෙරේරා නම් 25 හැවිරිදි තරුණයෙකි. බොරලැස්ගමුව ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයක් නරඹා මියගිය තරුණයා ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු මාර්ගයේ පා ගමනින් යමින් සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලීස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සංගීත සංදර්ශනයේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි පොලීසිය සැකපළ කරයි. මේ වන විට සිදුකළ…
බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීම සඳහා වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර තිබේ. ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ පරීක්ෂා කළ බන්ධනාගාර වෛද්‍යවරුන් අදාළ නිර්දේශය ලබාදී ඇති බව වාර්තා වෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එළඹෙන 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) රාත්‍රියේ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කෙරුණි. රුධිර පීඩනය ඉහළයෑම සහ සීනි මට්ටම ඉහළයෑම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කළේය. මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දිගින් දිගටම නිරීක්ෂණය කළ බන්ධනාගාර වෛද්‍යවරුන් ඔහුට නිවසින් කෑම ලබාදීමටද නිර්දේශ කර…
අපි දැන් එකතුවෙන්න ඕනෑ යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ආණ්ඩුවේ මර්දනයට එරෙහිව සියලු දෙනා එකතු විය යුතු කාලය එළැඹ ඇති බවද ඔහු කීවේය. රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සොයා බැලිය යුතු බවත් ඔහුට අවශ්‍ය ඖෂධ නොපමාව සැපයිය යුතු බවත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. ප්‍රේමදාස මහතා මෙසේ පැවසුවේ බන්ධනාගාර රෝහලට ගොස් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් විමසීමෙන් අනතුරුවය.
රනිල් යනු කන්න බොන්න නොතිබූ රටකට ජීවය පිම්බ නායකයා බව කිසිවිටෙක අමතක කළ යුතු නැති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය. එජාප සභාපති වජිර අබේවර්ධන, මහ ලේකම් තලතා අතුකෝරල,ජාතික සංවිධායක සාගල රත්නායක,උපනායක අකිල විරාජ් කාරියවසම්,උප සභාපති නවීන් දිසානායක මහත්වරු ඇතුළු එජාප නායකයෝ මීට සහභාගී වූහ. එහිදී රුවන් විජයවර්ධන මහතා මෙසේද කීය. අද මේ රට පාලනය වන්නේ ක්‍රෝධයෙන් වෛරයෙන් තණ්හාවෙන්ද කියලා අපට ප්‍රශ්න කරන්නට සිදුවෙනවා.රනිල් යනු මිනිසුන්ට කන්න බොන්න නැති මොහොතේ ජීවය දුන් නායකයා.කවුරුත්…
බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර පැමිණ තිබේ. අද (23) උදෑසන 9.30ට පමණ සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව බැලීමට මැගසින් බන්ධනාගාරය වෙත පැමිණ තිබුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඊයේ (22) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට…
බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා පැමිණ තිබේ.
උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.