Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
ඉන්දියාවේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් කුඩා ළමුන් පස් දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ජම්මු හා කාශ්මීරයේ කතුවා නම් දිස්ත්‍රික්කයේ ඊයේ (16) සහ අද දිනයේදී මෙම ආපදාව සිදුව ඇති අතර වලාකුළු පිපිරීම් හේතුවෙන් ඇති වූ අධික වර්ශාවත් සමග නායයාම් හේතුවෙන් මෙම මරණ සිදුව ඇත. එමෙන්ම මෙම ආපදාවෙන් පුද්ගලයින් පස් දෙනෙකුද තුවාල ලබා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. මේ අතර එරට කාලගුණ බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ දිස්ත්‍රික්කය පුරා අධික වර්ෂාපතනයක් ඇදැ හැලෙනු ඇති බවත් සිදුවිය හැකි ආපදාවන්වලින් ආරක්ෂා වන ලෙසත්ය. එමෙන්ම ගංගා, ඇළදොළ, සහ අනෙකුත් ජල මූලාශ්‍ර ආශ්‍රිතව සිටීමෙන් වළකින…
රුපියල් ලක්ෂ 05කට අධික මත්කරල් තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ. සැකකාරිය සමග මත්කරල් 5,000ක් සහ එම ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදලින් රුපියල් 134,000ක්ද මෙහිදී පොලිස් භාරයට ගෙන ඇත. දෙහිවල ප්‍රදේශයේ දෙමහල් නිවසක පදිංචි කාන්තාවක් විසින් මත්කරල් අලෙවි කරන බවට ලද පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදුකර තිබේ. එහිදී සිදුකරන ලද සෝදිසියේදී නිවසේ කාමරයක තිබූ අල්මාරියක සඟවා මෙම මත් කරල් තොගය පොලීසියි විසින් සොයාගෙන ඇත. පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකාරිය මින් පෙරද හොරොයින් සමග පොලිස් අත්අඩංගුවට පත්වී ඇති බවය. අත්අඩංගුවට ගත් කාන්තාව 31 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේ පදිංචිකාරියකි. සැකකාරිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්…
මාතලේ කයිකාවල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක ගැටීමෙන් ග්‍රාම නිලධාරීවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම පුද්ගලයා රාජකාරී සඳහා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව වාර්තා වේ. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් වන මාතලේ රත්තොට කයිකාවල ප්‍රදේශයේ පදිංචි ග්‍රාම නිලධාරීවරයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර රත්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ඇල්ල, වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා දිය ඇල්ලට ඉහළ ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් සහ සුඛෝපභෝගී කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබේ. එම අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා දෙමෝදර සහ බණ්ඩාරවෙල යන රෝහල්වලට ඇතුළත් කර ඇත. මෙසේ අනතුරට ලක් වී ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි පිරිසක් වන අතර අනතුර සම්බන්ධයෙන් ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.
රට තුළ සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා විදේශීය සංවිධාන සමග එක්වී පිරිසක් කටයුතු කරමින් සිටින බව අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමියන් පවසයි. උන්වහන්සේ පෙන්වා දෙන්නේ ඇතැම් දේශපාලන පක්ෂ මෙන්ම දේශපාලන නායකයින්ද මේ සඳහා සම්බන්ධ බවය. ඊයේ (14) කොළඹ පැවැති රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ධර්ම කීර්ති ශ්‍රී ආචාර්ය අකුරැටියේ නන්ද නායක ස්වාමීන් වහන්සේ වෙත මියන්මාර රජයෙන් ලබාදුන් අග්ගමහා පණ්ඩිත ගෞරව නාමය පිදීමේ උත්සවයට එක්වෙමින් කාදිනල් හිමි මේ බව පෙන්වා දුනි. එම අවස්ථාවට එක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කියාසිටියේ ව්‍යවස්ථා සංශෝධනයකදී මානව අයිතිවාසිකම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළයුතු බවය.
අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කළාය. සැකකරු ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාශ භාරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වශයෙන් කටයුතු කළ සමයේ වෙනත් පුද්ගලයෙකු නමින් පුද්ගලික බැංකු තුනක ගිණුම් 03 ක් විවෘතකර, එම ගිණුම්වලට සංවිධානාත්මක අපරාධකරුවන් ගෙන්, පොලීසියට සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගෙන් හා වෙනත් අපරාධකරුවන්ගෙන් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් එක් කෝටි හතළිස්…
හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේ දී සිදුකර ඇති වෙඩිතැබීම ” හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව හෙවත් ‘බනා මන්ත්‍රී’ ඝාතනයට පළිගැනීමක් බවට පොලීසිය සැක පළ කරයි. හංවැල්ල පහත්ගම ප්‍රදේශයේදී ඊයේ (13) රාත්‍රියේ පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකර තිබුණි. ඊයේ රාත්‍රී 9.50ට පමණ පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් එහි සිටි පුද්ගලයෙකු ඉලක්ක මෙම වෙඩි තැබීම සිදුකර ඇත. පොලීසිය පැවසුවේ, පිස්තෝලයකින් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර ඉන් අදාළ පුද්ගලයාගේ වම්පාදයට තුවාල සිදුව ඇති බවය. වෙඩිතැබීම සිදුකර වෙඩික්කරුවන් දෙදෙනා පලාගොස් තිබේ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබුවේ ලලිත් කන්නංගර හෙවත් බස් ලලිත් නැමැත්තාගේ සමීපතයෙකු වන ‘කන්ද උඩ ඉරේෂ් ‘ නමැත්තාගේ 56 හැවිරිදි පියායි. පසුගිය 12 වැනිදා…
අනුරාධපුර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලාව මොරගොඩ හන්දිය අසල බිහිසුණු අනතුරක් සිදුවන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබේ. බිරිඳ සහ මාස 8ක බිලිඳෙක් සමග ගමන් කරමින් සිටි යතුරුපැදිකරුවෙකු පසුකර යෑමට උත්සාහ කළ භාණ්ඩ රැගත් ලොරියක්, යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදුව තිබුණි. ලොරිය යතුරුපැදියේ ගැටී ඇති අතර, අනතුරින් බිලිඳා සුළු තුවාල ලබා දිවි බේරී ඇත. පසුව කෝපයට පත් යතුරුපැදිකරු ලොරි රථයේ රියදුරුට පහර දෙන අයුරු ද CCTV කැමරාවේ සටහන්ව තිබේ. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තලාව පොලීසිය විසින් සිදුකරයි.
මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන මළ සිරුරක් හමු වී තිබේ. මහනුවර පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත. මෘත ශරීරය නරක් වී ඇති අතර උඩුකයට නිල් පැහැති ටී ෂර්ට් එකක් සහ යටිකයට නිල් පැහැති ඩෙනිම් කලිසමක් හැද සිටින බව පොලීසිය සඳහන් කරයි. මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
වායු සමීකරණ උපකරණ තුළ සඟවා තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් සිය භාරයට ගෙන තිබේ. පෑලියගොඩ නුගේ පාර වරාය බහාලුම් අංගනයක බහලුමක් තුළ තිබී කිලෝග්‍රෑම් 6කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා සඳහන් කළේය. මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය ආනනය කිරීම සම්බන්ධයෙන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.