Author: LFN
වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ ලැඟුම්හලක සිටි දෙදෙනෙකු ඉලක්ක කර අද (25) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ පුද්ගලයින් තිදෙනෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය. ඔවුන් යතුරුපැදියකින් පැමිණ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. කෙසේ නමුත් වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව ඔවුන් පොලීසිය වෙත පසුව පැමිණිලි කර ඇත. වෙඩිතැබීමට පැමිණි පුද්ගලයින්ගේ ජංගම දුරකතනයක් සහ වෙඩි තැබීමට භාවිතා කළ පිස්තෝල වර්ගයේ ගිනි අවියේ මැගසීනය ද එම ස්ථානයේ තිබී සොයාගත් බවද පොලිසිය පැවසීය. වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
අද (24) පස්වරු 4.00 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අතහැර නියමිත පරිදි සිය රාජකාරී සිදුකිරීමට වර්ජනයේ නිරතව සිටි තැපැත් සේවකයින් එකඟ වූ බව විෂයභාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සහ විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර අද පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍යට අදහස් දක්වමින් මේ බව පැවසීය. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වර්ජනයේ නියත තැපැල් සේවකයින් පැවසුවේ අදාළ එකඟතාවයන් සම්බන්ධයෙන් ලිඛිතව පිළිතුරුක් ලැබෙන තුර වර්ජනය සම්බන්ධයෙන් නිෂ්චිතව කිව නොහැකි බවය. “සාකච්ඡාව පිළිබඳ අවසන් තීන්දුවක් තාම කියන්න බැහැ. තැපැල්පතිවරයා ලිඛිතව අපිට දෙන්න ඕනේ. යම් යම් කාරණා ගැන එකඟතාවයන් තියෙනවා. හැබැයි අපිට ඒක පිළිගන්න වෙන්නේ ලියවිල්ලක් ඉදිරිපත්…
බොරලැස්කුමුව මාලනී බුලත්සිංහල මාවතේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුවන් පැමිණි ත්‍රිරෝද රථය පිළියන්දල බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය අසල දමා ගොස් තිබියදී සොයාගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි. එම ත්‍රිරෝද රථය තුළ තිබී කළු පැහැති ආරක්ෂක හිස් වැසුම් දෙකක් සහ ජැකට්ටුවක් ද පොලිසිය විසින් සොයා ගෙන ඇත. බොරලැස්ගමුව බලරැස් ක්‍රීඩාංගනයේ පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් යළි නිවස වෙත පැමිණෙමින් සිටි අයෙකු ඉලක්කකර ඊයේ රාත්‍රී 12.30ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල විය. වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබුණි. මෙලෙස මියගොස් ඇත්තේ ගල්කිස්ස පන්සල පාරේ පදිංචි ගිහාන් දුලාන් පෙරේරා නොහොත් චොප්පේ නමින් හඳුන්වන 21 හැවිරිදි…
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. ඒ මහතා පැවසුවේ හිටපු ජනාධිපතිවරයාට විජලන තත්ත්වයක් ඇතිව ඇති බවත් ඔහුගේ ශරීරයේ ඇති රුධිරයේ වෙනස් වීම් සහ වෙනත් සළකුණුද මේ වන විට නිරීක්ෂණය වී ඇති බවය. වෛද්‍යවරයා පැවසුවේ අධිකරණ ශාලාවේදී පැය කිහිපයක් රැඳී සිටීමේදි එහිදී ඇතිවූ විදුලි විසන්දිවීම්, ජලය පානය නොකිරීම් හේතුවෙන් ඇතිවූ සංකූලතා මත ඔහු විජලන තත්ත්වයට පත්ව ඇති බවය. මේ හේතුවෙන් බන්ධනාගාර රෝහලින් පසුව ජාතික රෝහලට මාරුකර එවා ඇති බවත් ඒ අනුව දැඩි වෛද්‍ය නිරීක්ෂණය යටතේ හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර…
හෙට දිනයේ උදෑසන 8.00 සිට රජයේ රෝහල් සියල්ලේම දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. දුෂ්කර පළාත්වල රෝහල් වැසී යාමේ අවදානමත්, රෝගීන්ට හිඟ ඖෂධ මිලදී ගැනීම සඳහා රජයෙන් එල්ල කර ඇති සෘජු බලපෑමක්, ප්‍රමිතියෙන් යුතු ඖෂධ සහ උපකරණ රෝහල්වලට ලබා නොදීම හරහා නිදහස් සෞඛ්‍ය බිඳ වැටීමේ අවදානමත් සැලකිල්ලට ගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කරන බව සඳහන් වේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය තුල අවිධිමත්, අකාර්යක්ෂම, විනිවිධ භාවයකින් තොර ක්‍රියාවලින් හරහා වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය ද, වෛද්‍යවරුන් දුෂ්කර පළාත්වලට අනුයුක්ත කිරීමේ ක්‍රියාවලිය ද මේ වන විට සම්පූර්ණයෙන් පාහේ බිඳ වැටී…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන් වන්නේ විමර්ශනය බොහෝ දුරට අවසන් වී ඇති අවස්ථාවක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිය සම්බන්ධයෙන් බරපතල කනස්සල්ලක් ඇති කරන බවය. එමෙන්ම මෙහි ප්‍රතිවිපාක පුද්ගලයෙකුගේ හෝ ඕනෑම දේශපාලන කණ්ඩායමක ඉරණමට වඩා සමාජයේ අයිතිවාසිකම් සඳහා ගැටලුවක් ඇති කරවන බවද එහි සඳහන් වේ. දේශපාලන නායකයින්ට විරුද්ධ ගෙන යන මෙම ක්‍රියාකාරකම් සඳහා තමන් දැඩිව සිය විරෝධය දක්වන බවද හිටපු ජනාධිපතිනිය වැඩිදුරටත් එම නිවේදනයේ දක්වා ඇත. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමේ සිද්ධිය මුල් කරගනිමින්…
පසුගිය රජයේ නිසි ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කරමින් ඖෂධ ගෙන්වීම හේතුවෙන් වර්තමානයේ රට තුළ ඇතැම් ඖෂධවල හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඔහු පවසන්නේ මේ වන විට පවතින ඖෂධ හිඟය මගහරවා ගැනීම සදහා ප්‍රදේශීය මිලදී ගැනීම් වෙනුවෙන් රුපියල් කෝටි 3,500ක මුදලක් රෝහල් සදහා වෙන්කර ඇති බවය. “ගිය අවුරුද්දේ ටෙන්ඩර් නොකිරීමේ ප්‍රතිඵලය තමයි දැන් ඖෂධ සැපයෙන්නේ නැති ප්‍රශ්නේ. ගිය අවුරුද්දේ ටෙන්ඩර් කරලා තිබුණා නම් හරියට ඖෂධ එනවා. අපි දැන් ලබන වසර සඳහා ටෙන්ඩර් කරලා තියෙනවා. දැන් ඇති වෙලා තියෙන තාවකාලික ඖෂධ හිඟයට එකක් අපි රෝහල්වලට රුපියල් කෝටි 3,500ක් වෙන් කරලා තියෙනවා ප්‍රාදේශීය මිලදී ගැනීම් කරන්න. දෙවැනි එක විටින්…
ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් 1,408 දෙනෙකු බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. පසුගිය වසරේ ඔක්තෝබර් මස 29 වැනි දිනට සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 1,408 දෙනෙකු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් ලෙසන් පත්වීම් ලබාදීම සඳහා අයදුම්පත් කැඳවා ඇයැදි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) II වෛද්‍ය එච්.එම්.අර්ජුන තිලකරත්න මහතා සඳහන් කළේය. ඒ අනුව ඉහත තනතුර සඳහා සුදුසුකම් ලද වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානව සම්පත් කළමනාකරණ හා තොරතුරු පද්ධතියට (HRMIS) පිවිස අයදුම් කරන ලෙසද දක්වා තිබේ. නැවත අයදුම්කිරීමේ දිනය 2025.08.25 දිනෙන් අවසන් වන බැවින්, සියලුම අයදුම්කරුවන් එදිනට පෙර මාර්ගත ක්‍රමය (online) ඔස්සේ…
අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුව සඳහා අධ්‍යක්ෂක මණ්ඩලය සහ සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු විය. ඒ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙනි. කොළඹ, ගම්පහ, කුරුණෑගල, ගාල්ල යන ණය සහනදායක මණ්ඩල සාමාජිකයින් සඳහා මෙහිදී පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණි. මෙම මණ්ඩලය අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන අතර ඉන් එක් සමාජිකයෙකු මණ්ඩලයේ සභාපති ලෙස අමාත්‍යවරයා විසින් පත්කරනු ලබයි. එමෙන්ම මෙහි රාජකාරී කටයුතු සාමාන්‍ය අධිකරණයක පවත්නා ස්වරූපයට වඩා වෙනස් වන අතර මණ්ඩලය ඉදිරියේදි එළඹෙන ගිවිසුම් පාර්ශවකරුවන් ඔවුනොවුන්ගේ කැමැත්තෙන් එළඹෙන ගිවිසුම් වේ. කෙසේ වෙතත් අසාධාරණ පොලී ප්‍රමාණයන් අඩු කිරිමටද මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලබන…
ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ සබරගමුව පළාත් වැඩසටහන කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි. මෙහිදී රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයන්හි 2023 හා 2024 වර්ෂවලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂය ධාරා 6 යටතේ ඉහළ ප්‍රතිඵල ලබා ගත් සිසුන් 10 දෙනකු බැගින්, සිසුන් 360 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් සහ සහතික පත් ප්‍රදානය කිරීම සිදු කෙරිණි. මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 36කි. එහිදී සිසු දරුවන් ඇමතූ කතානායක ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ රාජ්‍ය දේපළ ජනතාවගේ අනාගත…