Author: LFN
රජය ක්‍රියාත්මක කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති එලඹෙන සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ එහි පළමු අදියර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයෙන් ආරම්භ කරන බවය. එමෙන්ම සැප්තැම්බර් දෙවැනි දින වන්නි ප්‍රදේශයේ මුලතිව් ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් උතුරු පළාතේ නව පොල් ත්‍රිකෝණයේ සංවර්ධන කටයුතුත් ආරම්භ කරන බව අමාත්‍යවරයා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා, “ආණ්ඩුවේ මේ අවුරුද්ද වෙනුවෙන් විශේෂයෙන් ජනතාව වෙනුවෙන් විශාල ප්‍රමාණයේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම සැප්තැම්බර් මාසේ පළවෙනිදා ඉඳලාම ක්‍රියාත්මක කරනවා… එහිදී යාපනයේ මන්ඩතිව් ප්‍රදේශයේ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයක් ආරම්භ කිරීම ඒ වගේම යාපනයේ කච්චේරිය තුළ පාස්පෝට් ලබා ගැනීම…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින් සහ ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා නෝර්වේ ශ්‍රී ලංකා හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබා තිබේ. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් විය යුතු බවය. එමෙන්ම 2022 දී ශ්‍රී ලංකාව ආර්ථික හා දේශපාලන ව්‍යසනයකට ළඟා වූ විට ශ්‍රී ලංකාව බේරා ගැනීමට නැගී සිටි නායකයා ඔහු වන බවත් ඔහුට එරෙහි චෝදනාවලට කිසිදු පදනමක් නොමැති බවත් එම සටහන හරහා ඔහු සඳහන් කර ඇත. දූෂණයට එරෙහි ශ්‍රී ලංකා රජයේ ව්‍යාපාරයට තමන් පූර්ණ සහයෝගය ලබා දෙන නමුත් සැබෑ ගැටළු කෙරෙහි අවධානය යොමු කරන ලෙස එරික්…
ගන්දර පොලිස් වසමේ කපුගම ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පසුගිය 03දා නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි. සිද්ධිය සම්බන්ධව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර ඒ අනුව ඊයේ (24) දිනයේදී වැල්ලම්පිටිය සහ ගණේමුල්ල පොලිස් වසම්වලදී විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරුක් මත අපරාධයට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එකී අපරාධය සඳහා පැමිණි වෙඩික්කරු සහ යතුරුපැදිකරුය. ඒ සමගම ඔවුන් ඝාතනය සඳහා ඔවුන් යොදා ගනු ලැබූ යතුරුපැදියද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28 හා…
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අද (25) ආරම්භ කිරීමට නියමිතව තිබු දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබේ. වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියේ පවතින ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අද පෙරවරු 8 සිට දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබුණි. කෙසේවෙතත් ඊයේ රාත්‍රී විෂයභාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සමග රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විශේෂ සාකච්ඡාවක් පැවැත්වු බව එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේය. එහි දී සිය ඉල්ලීම් ඉටුකිරීම සදහා අමාත්‍යවරයා ලබා දුන් ලිඛිත එකඟතාව මත වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සදහන් කළේය.
ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයෙත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.
පයාගල වෙරළ තීරයේ දිය නෑමට ගිය සිසුන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බවට පයාගල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ. අතුරුදන් වූ සිසුන් දෙදෙනා 15 හැවිරිදි වියේ පසුවන ගල්පාත සහ පානදුර ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. මෙම සිසුන් දෙදෙනා උපකාරක පන්ති යන බවට දෙමාපියන්ට පවසා මුහුදේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වි ඇත. අතුරුදන් වූ සිසුන් සොයා පයාගල පොලිසිය මෙහෙයුම් සිදුකරයි.
ලංකා ගමනා ගමන මණ්ඩලය සහ පෞද්ගලික අංශයේ දුරගමන් සේවා බස් රථ ඒකාබද්ධ කාල සටහනක් යටතේ ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ. කොළඹ – හලාවත, කොළඹ – පුත්තලම, කොළඹ – ආනමඩුව, කොළඹ -එළුවන්කුළම, කොළඹ – කල්පිටිය, මීගමුව – කල්පිටිය, කොළඹ – මන්නාරම, කොළඹ – තලෙයිමන්නාරම, කොළඹ – කුලියාපිටිය, කොළඹ – නිකවැරටිය, කොළඹ – කුළියාපිටිය, කොළඹ – අනුරාධපුර, කොළඹ – වව්නියාව, කොළඹ – කිලිනොච්චිය, කොළඹ – යාපනය, කොළඹ – කන්කසන්තුරේ, කොළඹ – කරෙයිනගර්, කොළඹ – තුන්නුක්කායි, යන ගමන් මාර්ග මෙම ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය යටතේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව අද (25) මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ බැස්ටියන්…
බොරලැස්ගමුව පොලිස් වසමේ මාලනි බුලත්සිංහල මාවතේ පා ගමනින් ගමන් කරමින් සිටි තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සංගීත ප්‍රසංගයක් නිමවී පාගමනින් පැමිණි පිරිසකට ඊයේ (24) අලුයම් කාලයේදී ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඇති අතර එහිදී 21 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකු ජීවිතක්ෂයට පත්විය. සිද්ධිය සම්බන්ධව සිදුකළ විමර්ශනයේදී පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් මත අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු ඊයේ (24) දිනයේදී දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19 හා 20 වයස්වල පසුවන දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා…
විදෙස් රැකියා ලබා දෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු තාරේකුලම් ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 41ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සැකකරු කොරියාවේ රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයින් 150 දෙනෙකුගෙන් රුපියල් කෝටි 15කට අධික මුදලක් වංචා කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. අදාළ පුද්ගලයා ළඟ තිබී ජීප් රථයක්, ඉඩමක ඇටෝනි බලපත්‍රයක් හා ජංගම දුරකථන දෙකක් ද පොලිසිය සිය භාරයට ගෙන තිබේ. කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.