Author: LFN

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ වනවිට කැඳවා තිබේ. කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඉදිරියේ නඩුව කැඳවා ඇත. නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. නඩුකරයේ කැඳවූ අවස්ථාවේදී අද (26) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේය. සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් තිලක් මාරපන, අනූජ ප්‍රේමරත්න යන ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් විපක්ෂය විසින් සිදුකරනු ලබන විරෝධතාවක් හේතුවෙන් කොළඹ මාර්ග රැසක් කොළඹ මාර්ග රැසක මාර්ග තදබදයක් හටගෙන තිබේ. ඒ අනුව කොළඹ කොටුව සිට ලේක්හවුස් වටරවුම, කොම්පඤ්ඥවීදීය ඇතුළු මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇතැයි අප වාර්තාකරුවන් පැවසීය.

Read More

බදුල්ල මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා විසින් එළැඹෙන ජනවාරි මස 6 වන දා දක්වා නඩුව කල් තබා තිබේ. ………………………………………………………………….. හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අද (26) දින බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියේය. ඒ පහුගිය මහ මැතිවරණය අවස්ථාවේ දී මැතිවරණ නීති උල්ලංඝනය කළේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩු කටයුත්ත සඳහාය.

Read More

එකසත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් අද (26) පෙරවරුවේ අස්ගිරි මහා විහාරයේ දී අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. එහිදී පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා, පක්ෂ මහා ලේකම් තලතා අතුකෝරල මහත්මිය විසින්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් මේ වන විට ඇතිවී තිබෙන වත්මන් තත්ත්වය සහ රට තුළ පවතින දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳව මහා නායක හිමි ඇතුළු මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කර තිබේ. එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පවතින සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් ද උන්වහන්සේගේ ආශීර්වාද ලබාගෙන ඇත.

Read More

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අවට ආරක්ෂාව මේ වනවිට තරකර තිබේ. අප වාර්තාකරුවන් පැවසුවේ, එහි ආරක්ෂාවට පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය කැඳවා ඇති බවය. මෙහිදී අධිකරණ පරිශ්‍රයට ඇතුළු වන පුද්ගලයින්ගේ නඩු අංක පරීක්ෂා කර ගමන්මලු සහ පුද්ගලයින් දැඩි ලෙස පරීක්ෂාවට ලක්කරන අතර කිව් මාර්ගයෙහි (Kew Road) පදිංචිකරුවන්ට හා නීතිඥවරුන්ට පමණක් එම මාර්ගයට ඇතුළු විය හැකිය. රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (26) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය. සිද්ධියට අදාළව පසුගිය 22 වෙනිදා අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයා අද දිනය…

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය නිරීක්ෂණය මත තබාගත යුතු බවට වන නිර්දේශ හේතුවෙන් බොහෝදුරට ඔහු අද (26) අධිකරණයට ඉදිරිපත් කිරීම නොහැකිවනු ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කරයි. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ZOOM තාක්ෂණය ඔස්සේ හෝ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව නීති කෘත්‍ය සඳහා ඉදිරිපත් කරන ලෙසට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළ හොත් ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ හැකි බවය. රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය.…

Read More

පසුගිය සති කිහිපය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ අධිකරණ සේවා කොමිෂන් සභාව සහ අධිකරණ පද්ධතියේ විෂය පථයට අයත් කාරණා සම්බන්ධයෙන් පළ වී ඇති අදහස් පිළිබඳ නීතිඥ සංගමයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මඟින් නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ, අධිකරණ කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් වන බවත් එය ඉතා වගකීම් සහගත අන්දමින් කාලාන්තරයක් මුළුල්ලේ නීතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටින බවත්ය. යූ ටියුබ් වැනි සමාජ මාධ්‍යයන් ඔස්සේ, අදහස් පළ කිරීමේදී හා නීතියේ විෂයපථයට අදාළ කරුණු වාර්තා කිරීමේ දී සුපරික්ෂාකාරී අන්දමින් කටයුතු කරන ලෙසත් අසත්‍ය පුවත් වාර්තා කිරීම නීතියට පටහැනි බවත් අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත. අදාළ නිවේදනය පහතින් දැක්වේ.

Read More

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (26) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය. සිද්ධියට අදාළව පසුගිය 22 වෙනිදා අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය. ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් එදින ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු අතර වෛද්‍ය නිර්දේශ මත ඊට පසුදින ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණි. ඒ අනුව මේ වන විට හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහු අද දිනයේ…

Read More

බොරලැස්ගමුව පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකා මොරටුව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 24 වනදා අළුයම් කාලයේ බොරලැස්ගමුව පොලිස් වසමේ මාලනී බුලත්සිංහල මාවතේ පා ගමනින් ගිය පුද්ගලයෙකුට ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකර තිබුණි. ඒ අනුව, අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය හා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් විමර්ශන ආරම්භ කර තිබුණි. සිදුකල විමර්ශනයේදී අනාවරණය කරගත් තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බලකා මොරටුව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් මගින් මෙම අපරාධයේ වෙඩික්කරු ලෙස ක්‍රියාකල සැකකරුව…

Read More