Author: LFN

මත්තේගොඩ පොලිස් වසමේ 342 මාර්ගයේ සල්ගස් හන්දිය ආසන්නයේ දී සිදුවු මාරක අනතුරකින් තරුණයෙකුට දිවි අහිමි වී තිබේ. කොට්ටාව දෙසට ගමන් කළ යතුරුපැදියක් ඉදිරියෙන් ආ බස් රථයක ගැටී මාර්ගයේ පෙරළී ගොස් එම අනතුර සිදුව ඇත. අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් 30 හැවිරිදි දේවින්ද රුක්ෂාන් නැමති තරුණයා බරපතළ තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්වුණි. අනතුර සම්බන්ධයෙන් බස් රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මත්තේගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

2024 වර්ෂයේ පවත්වන ලද අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා කඩඉම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කයෙන් විවිධ විශ්වවිද්‍යාලයන්හි එක් එක් අධ්‍යයන පාඨමාලාවට ඇතුළත් වීමට අවශ්‍ය අවම “Z” අගයන් අදාළ නිවේදනයේ සඳහන් වේ. සිසුන් හට ඔවුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය පහත සඳහන් ක්‍රම ඔස්සේ දැන ගත හැකිය. 1. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා නිල වෙබ් අඩවිය මගින් වෙබ් අඩවිය : http://www.ugc.ac.lk 2. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇමතීම මගින් දුරකතන අංක : 0112695301/ 0112695302/ 0112692357/ 0112675854 3. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්කළ සියලුම සිසුන්ට SMS පණිවිඩයක් හරහා විශ්වවිද්‍යාලයට තේරී පත් වී…

Read More

මාතර පොලිස් වසමේ වෙරළ පාර ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් අවන්හලක හිමිකරුවෙකුට වෙඩිතැබීමක් සිදුකර පලා ගොස් තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (25) රාත්‍රීයේ වෙඩිතැබීම සිදුකර ඇති බවය. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර, වෙඩිතැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර ඇතැයි පොලීසිය පවසයි. වෙඩි තැබීමට ඉලක්ක වූ අවන්හලේ හිමිකරු වෙඩික්කරු සමග පොර බැදීමක් සිදුකිරීමෙන් පසු සැකකරු පලාගොස් ඇත. ගිනිඅවිය, සජීව පතරොම් 4ක් සහ හිස් කොපුවක් එම වෙඩිතැබීම සිදුකළ ස්ථානයේ තිබී හමුව තිබේ. වෙඩි තැබීමට හේතුව හෝ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයින් රැසක් අද (25) දහවල් විපක්ෂ නායක කාර්යාලයට රැස්ව තිබේ. ඒ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී ඇති බව පැවසෙයි. ඒ සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, කාවින්ද ජයවර්ධන හා පලනි දිගම්බරන් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් විජේවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, ජීඑල් පීරිස්, සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු විපක්ෂයේ ප්‍රබලයින් පිරිසක් එක්ව තිබේ. මේ අතර, සමගි ජන බලවේගය නියෝජනය කරමින් තවත් මන්ත්‍රීවරු පිරිසක් සම්බන්ධ වී ඇත.

Read More

2015 වසරේ මහත් ආන්දෝලනයකට දුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් දැරියක් පැහැර ගෙන ගොස් දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී මරණය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා විභාග කිරීම සඳහා නොවැම්බර් මස 06 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. ප්‍රීති පද්මන් සුරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම අභියාචනා කැඳවනු ලැබීය. මෙහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ දෙමළ භාෂා පරිවර්තන ලබා ගැනීම සඳහා වසර හතර හමාරකට වැඩි කාලයක් ගත වූ බව පෙන්වා දුන්නේය. ඒ අනුව මෙම අභියාචනා විභාගය…

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ තත්ත්වය යම්තාක් දුරට සතුටුදායක මට්ටමකට පැමිණ ඇති බව කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ පවසයි. දැඩි සත්කාර ඒකකයේ සිටින විශේෂඥ වෛද්‍යවරු හිටපු ජනාධිපතිවරයා පිළිබඳව දැඩි අධීක්ෂණයෙන් සිටින බවත් මේ වන විට සතුටුදායක මට්ටමක සිටියද ඔහුගේ තත්ත්වය වෙනස් විය හැකි බවත් වෛද්‍යවරයා මෙහිදී පැවසුවේය. කෙසේ වෙතත් වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කළේ හෙට දිනයේ දී ඔහුට උසාවිය ඉදිරියේ පෙනී සිටීමේ හැකියාව පවතීන යන්න පිළිබඳව අද පස්වරුවේ වෛද්‍යවරුන්ගේ සාකච්ඡාවෙන් පසුව තීරණය කරන බවය. එහිදී අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා, ”එතුමාට ප්‍රතිකාර කරන වෛද්‍ය මණ්ඩලය මේ වෙලාවෙත් එතන ඔඩිටෝරියම් එකේ…

Read More

කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනයට යටත්ව තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සැප්තැම්බර් මස 23 වනදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (25) නියම කළේය. මෙම ඇප ඉල්ලීම අද මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න, අමාලි රණවීර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම්වලට අදාළ නොතීසී තමන්ට ලැබී නොමැති…

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායකයින් පිරිසක් ඊයේ රාත්‍රියේ කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමේ සිදුවීම පිළිබඳ මහ කොමසාරිස් කාර්යාල නිලධාරීන් දැනුම්වත් කර තිබේ. මෙම අවස්ථාව සඳහා ජී එල් පීරිස්, තලතා අතුකෝරාල, අලි සබ්‍රි ඇතුළු දේශපාඥයින් පිරිසක් සහභාගී වී ඇත. එමෙන්ම මේ පිළිබඳව අනෙක් තානාපති කාර්යාල දැනුවත් කිරීම ද ඉදිරියේදී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. මේ අතර හිටපු ජනාධිපතිවරයාට නිදහස හා හිමි ගෞරවය ලබා දෙන ලෙස කරන ඉල්ලීම්වලට සහාය පළකරමින් නෝර්වේ හිටපු විශේෂ සාම නියෝජිත එරික් සෝල්හයිම් සහ ඉන්දීය දේශපාලනඥයෙකු වන ශෂී තරූර් පණිවිඩ නිකුත් කර ඇත. එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

Read More

විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් එක්ව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඒකාබද්ධ නි‍වේදනයක් නිකුත් කර තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හා ඇප ලබා දිය නොහැකි වරදක් මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම සඳහා කටයුතු කිරීම ‘ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයක් දක්වා ගමන් කරන’ බහු පක්ෂ විරෝධී රාජ්‍ය ව්‍යවහාරයක් බව එහි සඳහන් වේ. එම නිවේදනයේ දැක්වෙන්නේ රාජ්‍ය නායකයෙකුගේ රාජකාරි සහ පුද්ගලික වියදම් සම්බන්ධයෙන් පැහැදිලිව වෙන් කළ නොහැකි බවත් එසේ තිබිය දී, දැනට විමර්ශන කටයුතු අවසන් කර නැති චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාර ගත කිරීම ‘බහු පක්ෂ දේශපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය හකුලන’ ක්‍රියාවලියක් බවය. එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නගා ඇති…

Read More