Author: LFN
අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් ගොවිදුපුර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියක් අල්ලස් හා දූෂණ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති ග්‍රාම නිලධාරිනිය බරවාය ග්‍රාම නිලධාරි වසමට අනුයුක්තව සේවය කර ඇත. අදාළ නිලධාරිනිය අල්මාරියක් ලබා ගැනීම සඳහා රුපියල් 23,500 වටිනා මුදල් ගෙවන ලද බිලක් ලබා ගන්නා අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. අත්අඩංගුවට ගත් ග්‍රාම නිලධාරිනිය සියඹලාණ්ඩුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් ලක්ෂ පනහ බැගින් වන ශරීර ඇප තුනක් මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (26) නියම කළේය. කෙසේවෙතත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපතිවරයා වෛද්‍ය නිර්දේශය මත අද නඩු විභාගයට සහභාගි නොවූ අතර ඔහු ZOOM ඔස්සේ සම්බන්ධ විය. ජනාධිපති ධුරය දැරූ සමයේ නිල විදෙස් සංචාරයක් නිම කර යළි එමින් සිටින අතරතුර එංගලන්තයට ගොස් සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගිවීමෙන් රජයේ මුදල් අවභාවිතයක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සිකුරාදා CID අත්අඩංගුවට ගැනුණි. පසුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය…
ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව ලෝකයේ ඉහළම වෘත්තීයභාවයක් සහිත ආරක්ෂක හමුදාවක් බවට පත්විය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය පුහුණුව සහ පහසුකම් සැලසීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන නිසි පරිදි යොදවන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ඊයේ (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවට එක් වෙමිනි. ආරක්ෂක අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදනවලින් එක් එක් අංශ විසින් ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ කැඩෙට් නිලධාරින් වෙනුවෙන් ක්‍රියාත්මක වන වැඩසටහන් පිළිබඳවද මෙහිදී විමසා බැලිණි. ආරක්ෂක…
සුබසාධඛ ප්‍රතිලාභ මණ්ඩලය විසින් අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව අද (27) බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. ඒ අනුව රුපියල් දෙබිලියන නවසිය අනූතුන් මිලියන හත්සිය අනූ එක් දහසක මුදලක් ප්‍රතිලාභීන් 599,730 අතරේ බෙදා හැරීමට නියමිත බවද එම මණ්ඩලය පැවසීය.
බාල වයස්කාරියකව සිටි තැනැත්තියක් කඩුවෙල වැලිවිට ප්‍රදේශයේදී දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ පුද්ගලයෙකුට බරපතල වැඩ සහිතව වසර 12 ක සිර දඩුවම් ලබා දෙන ලෙස හෝමගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (26) දින නියෝග කළේය. එසේම සැකකරුට රුපියල් 20,000ක නඩු ගාස්තු ගෙවීමටත් එම මුදල් නොගෙවන්නේ නම් තවත් මාස හයක සිර දඬුවමක් ලබා දෙන ලෙස ද නියෝග කර ඇත. එමෙන්ම වින්දිත තැනැත්තියට රුපියල් ලක්ෂ තුනක වන්දි මුදලක් ලබා දෙන ලෙසත්, එම මුදල් ලබා නොදෙන්නේ නම් තවත් වසරක සිර දඬුවමක් ලබා දෙන බවද මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය. මෙලෙස දඬුවම් නියම වූයේ වැල්ලම්පිටිය ගල්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට ය. එකල බාලවයස්කාර දැරියක වූ…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ සහ උතුරු පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇති සිදුවීමක් මකුළුගස්වැව පොලිස් වසමෙන් වාර්තා වේ. පොලීසිය සඳහන් කළේ, පහරදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඇති බවට මකුළුගස්වැව පොලිස් ස්ථානයට 119 දුරකථන අංකයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බවය. එහිදී අනාවරණය වී ඇත්තේ, පැහැරගැනීමට ලක් වූ පුද්ගලයා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි අවස්ථාවේදී තවත් පුද්ගලයෙකු විසින් යතුරු පැදියෙන් ගමන් කරන ලද මාර්ගය හරස් කර නවතා පහරදී ඝාතනය කර ඇති බවය. ඝාතනයට ලක්ව ඇත්තේ, වයස අවුරුදු 59ක් වූ දේවහුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධියට සම්බන්ධයෙන් වයස අවුරුදු 26ක නාවික හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කලක පටන් මරණකරු සමඟ පැවති ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සැකකරු…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව කඩිනමින් හෘද සැත්කමක් සඳහා යොමුකිරීම යෝග්‍ය බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. ඔහු සඳහන් කළේ, එම සැත්කම ජාතික රෝහල තුළ සිදුකිරීම සඳහා පොරොත්තු ලේඛනයේ සිටිය යුතු අතර නොඑසේනම් පෞද්ගලික රෝහලකට යොමු වී එය සිදුකර ගැනීමේ හැකියාව රනිල් වික්‍රමසිංහ මහතාට ඇති බවය. “ඔහුට සංකූලතා ටිකක් තියෙනවා හෘද වස්තුවේ. ඒ්කට ඔහුව ඉක්මනින්ම ශල්‍යකර්මයකට යොමුකරනවා නම් හොඳයි. ඒ ශල්‍යකර්මයට ඔහුට ඇප ලැබුණ නිසා ඔහුට හැකියාව තියෙනවා ඔහු කැමති රෝහලකට යන්න. ජාතික රෝහලේ පොරොත්තු ලේඛනය සමහර වෙලාවට අවුරුදු 3ක් විතර. ඒ් නිසා ඔහුට පුද්ගලිකව වියදමක් දරා ඔහු කැමති රෝහලකින් ඉක්මනින් සිදුකළ ගත හැකියි. දැනට…
විපක්ෂය විසින් සංවිධානය කර ඇති විරෝධතාවය අතරතුර පොලිස් නිලධාරියෙකුට ප්‍රහාරයක් එල්ල වී තිබේ. මේ වනවිට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසලට විශාල පිරිසක් රැස්ව ඇතැයි අද දෙරණ වාර්තාකරු පැවසීය.