Author: LFN

නව විදුලි බල පනතට අනුව, සමාගමකට අනුයක්ත වීමට අකමැති ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් සඳහා ස්වේච්ඡා විශ්‍රාමයාමේ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ. බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් 2025 ශ්‍රී ලංකා විදුලි බල ස්වේච්ඡා විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමයේ නියම සහ කොන්දේසි නියෝග යනුවෙන් ඊට අදාළ නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ. ලංකා විදුලිබල මණ්ඩලයේ නව පනතේ ප්‍රතිපාදනවලට අනුව විදුලිබල මණ්ඩලය සමාගම් 4කට ප්‍රතිව්‍යුහගත කර ඇති අතර සියලු සේවකයින් අදාළ සමාගම් 4ට අනුයුක්ත කරමින් ලිපි නිකුත් කර ඇති බව සඳහන්ය. අදාළ අනුප්‍රාප්තික සමාගමට අනුයක්ත වීම ස්වකීය තේරීම නොවන සේවකයින් සඳහා ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමය යටතේ විශ්‍රාම…

Read More

ඉන්දුනීසියාවේ දී සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්ව ඉදිරි දින දෙක තුන තුළ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) උදෑසන පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, වත්මන් රජය ජනතාවට පොරොන්දු වූ පරිදි නීතිය පසඳලීමේ ආයතනවල ස්වාධීනත්වය ඇති කර ඇති බවය. ඒ අනුව සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් බවත් එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ඉන්දුනීසියානු පොලීසිය එක්ව සිදුකළ දින 7ක ඒකාබද්ධ මෙහෙයුමක ප්‍රතිඵලයක් බව ද ආනන්ද විජේපාල අමාත්‍යවරයා මෙහිදී පැවසීය. අදාළ මෙහෙයුම සඳහා ඉන්දියානු බුද්ධි අංශවල සහායද…

Read More

කොටුව මහෙස්ත්‍රාත් අචධිකරණය අසල පැවති විරෝධතාවයක දී පොලිස් නිලධාරියෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 26 වන දා රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට බෝතලයකින් පහර දී තුවාල සිදුකිරීම හා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීමට අදාළව එම සැකකරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කළුතර දී මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය සඳහන් කළේ ඊයේ (27) අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන කොම්පඤ්ඤවීදිය පොලීසිය වෙත ඉදිරිපත් කළ බවය. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 52 හැවිරිදි නාගොඩ, කළුතර ප්‍රදේශයේ පදිංචි හිටපු නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකි. සැකකරු අද (28) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. කොම්පඤ්ඤවීදිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා ස්ථානාධිපතිවරු බඳවා ගැනීමේ දී ඒ සඳහා පිරිමි පුද්ගලයින්ට පමණක් අයැදුම් කළ හැකි බව දන්වමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල වෙත යොමුකර තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. අදාළ තීරණය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය විසින් මෙම දැනුම් දීම සිදුකර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නයනතාරා බාලපටබැඳි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළා ගැසට් නිවේදය සංශෝධනය කිරීම සඳහා එය අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති බව සඳහන් කර…

Read More

සෙරමික් කර්මාන්තයේ පවතින ගැටලු සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා විමසීම සඳහා දේශීය ව්‍යාපාරිකයින් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (27) පස්වරුවේ පැවැත්විණි. මෙරට තුළ නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කිරීම තුළින් අපනයන ආදායම වර්ධනය කර ගැනීම සහ දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් රජයේ සැලසුම් මෙන්ම නිෂ්පාදන කර්මාන්ත ආශ්‍රිතව දැනට පවතින ගැටලු සහ අභියෝග පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. ටයිල්, නාන කාමර උපාංග සහ සනීපාරක්ෂක භාණ්ඩ ඇතුළු සෙරමික් නිෂ්පාදන කෙරෙහි මෙහිදී වෙන් වෙන් වශයෙන් අවධානය යොමු කෙරුණු අතර, දැනට වෙළෙඳපොළ තුළ පවතින එම නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය ආරක්ෂා කිරීම පිළිබඳව සාකච්ඡා විය. ගුණාත්මක සහ…

Read More

තංගල්ල මහවෙල ප්‍රදේශයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී ඊයේ (27) පස්වරුවේ සිදු වූ අනතුරකින් 11 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. මාතර සිට තංගල්ල බලා ධාවනකළ හා තංගල්ල සිට දික්වැල්ල බලා ධාවනය කළ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් ගැටී මෙම අනතුර සිදුව ඇත. තුවාල ලැබුවන් නාකුළුගමුව හා තංගල්ල රෝහල්වලට ප්‍රතිකාර සඳහා ඇතුළත්කර තිබේ. තංගල්ල පොලීසිය අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Read More

ගලේවෙල, දේවහුව ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර, පුළුස්සා වළ දැමීමේ සිද්ධියකට සැකපිට 26 හැවිරිදි නාවික හමුදා සෙබළෙකු මකුළුගස් වැව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. වසර 6කට පෙර තම මව සහ පියා නිවස තුළදී කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීමක් ලෙස අදාළ සැකකරු මෙම ඝාතනය සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇති බව වාර්තා වේ.

Read More

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සබරගමුව පළාතේත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. වයඹ පළාතේත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-5‍0ක පමණ තද සුළං ඇතිවිය හැකිය. තද සුළංවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී…

Read More

පානදුර අලුබෝගහවත්ත ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. ඊයේ (27) රාත්‍රී නිවසක සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි බවට සැක කරන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව පොලීසිය පැවසුවේය. වෙඩි වැදීමෙන් එම පුද්ගලයා මියගොස් ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 55 හැවිරිදි අලුබෝගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්ය. ඝාතනයට හේතුව හා යොදා ගත් ගිනිඅවිය පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර නිලංග නැමති අපරාධ කල්ලි සාමාජිකයාගේ මාමණ්ඩිය බව වාර්තා වේ. පානදුර සලිඳු නැමති අපරාධ කල්ලි සාමාජිකයාගේ මෙහෙය වීම මත අදාළ වෙඩි තැබීම සිදුකර…

Read More

ඉල්ලීම් හතරක් මුල්කර ගනිමින් ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සංගම් කිහිපයක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. පෞද්ගලික බස් රථ සමග ඒකාබද්ධ කාලසටහනකට අනුව ධාවනය කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් හේතුවෙන් මෙම වර්ජනය ආරම්භ කළ බව ලංගම සමගි සේවක සංගමයේ සභාපති නිරෝෂන් සම්පත් ප්‍රේමරත්න මහතා පැවසුවේය. හඳුන්වා දී ඇති ඒකාබද්ධ කාලසටහන සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ද සඳහන් කළේය. කෙසේවෙතත් සියලු පාර්ශවයන්ගේ අදහස් මත ඒකාබද්ධ කාලසටහන සකස් කිරීමේ කටයුතු සිදුකළ බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ චන්ද්‍රපාල මහතා පැවසුවේය. වෘත්තීය…

Read More