Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදුලිබල සේවකයින්ට ස්වේච්ඡා විශ්‍රාමයාමේ යෝජනා ක්‍රමයක්
    Featured

    විදුලිබල සේවකයින්ට ස්වේච්ඡා විශ්‍රාමයාමේ යෝජනා ක්‍රමයක්

    By LFNAugust 28, 2025No Comments2 Mins Read146 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නව විදුලි බල පනතට අනුව, සමාගමකට අනුයක්ත වීමට අකමැති ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් සඳහා ස්වේච්ඡා විශ්‍රාමයාමේ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ.

    බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් 2025 ශ්‍රී ලංකා විදුලි බල ස්වේච්ඡා විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමයේ නියම සහ කොන්දේසි නියෝග යනුවෙන් ඊට අදාළ නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.

    ලංකා විදුලිබල මණ්ඩලයේ නව පනතේ ප්‍රතිපාදනවලට අනුව විදුලිබල මණ්ඩලය සමාගම් 4කට ප්‍රතිව්‍යුහගත කර ඇති අතර සියලු සේවකයින් අදාළ සමාගම් 4ට අනුයුක්ත කරමින් ලිපි නිකුත් කර ඇති බව සඳහන්ය.

    අදාළ අනුප්‍රාප්තික සමාගමට අනුයක්ත වීම ස්වකීය තේරීම නොවන සේවකයින් සඳහා ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමය යටතේ විශ්‍රාම යාම සඳහා හිමිකම් ලැබෙන බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.

    අදාළ දැනුම් දීම මාස දෙකක් ඇතුළත සිදුකළ යුතු අතර සේවා නියුක්තිකයෙකු විසින් ඊට අදාළ ආකෘති පත්‍රය පුරවා සිය අයදුම් පත්‍රය මඟින් අදාළ දැනුම් දීම සිදුකළ යුතු බව සඳහන්ය.

    ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමය යටතේ වන්දි මුදල් ප්‍රධානය කිරීමේ ක්‍රම පිළිබදව ද බලශක්ති අමාත්‍යංශය විසින් දැනුම් දී තිබේ.

    ඒ අනුව වසර 10ක් හෝ වසර 10කට වඩා වැඩි සේවා කාලයක් ඇති සේවා නියුක්තිකයින් සඳහා පසුගිය සේවා කාලයේ සෑම මාස 12ක් සඳහාම මාස දෙකක වැටුප සහ සේවය කළ හැකිව තිබු ඉතිරි කාලයේ සෑම මාස 12ක් සඳහාම මාස එකහාමරක වැටුප හිමිවන බව වැඩිදුර සඳහන් ය.

    වසර 10කට අඩු සේවාකාලයක් ඇති සේවා නියුක්තිකයින් සඳහා පසුගිය සේවා කාලයේ සෑම මාස 12ක් සදහාම මාස 05ක වැටුප සහ සේවය කළ හැකිව තිබු ඉතිරි කාලය සඳහා ගෙවීමක් සිදුනොකරන බව ද බලශක්ති අමාත්‍යංශය දැනුම් දී ඇත.

    මෙම නියෝගයට අනුව ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන සේවකයෙකු සදහා වන වන්දි මුදල රුපියල් ලක්ෂ 9ක අවම සීමාවකට සහ රුපියල් මිලියන 5ක උපරිම සීමාවකට යටත්ව ගෙවීම සිදුවිය යුතු බව සඳහන්ය.

    නමුත්, අදාළ විශ්‍රාම යාම සම්බන්ධයෙන් අවසන් නිර්දේශ මෙතෙක් නිකුත් කර නොමැති බව වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.